සමගි ජනබලවේගය ආසන 4 ක්
ගම්පහ නාලක ගොඩහේවා , මාතර නිපුණ රණවක , මෙන්ම කොළඹ සරත් වීරසේකර මනාප ලැයිතුවේ උඩින්ම
2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව ප්‍රචාරණ කටයුතු අවසන් වීමත් සමගම දිවයිනේ සුප්‍රකට සමීක්ෂණ ආයතන කිහිපයක් එක්ව සිදුකල සමීක්ෂණ වාර්ථාවක් ද එලිදක්වා තිබේ. එම වාර්ථාවට අනුව පොහොට්ටුව බහුතර බලයකට ආසන්න ආසන සංඛ්‍යාවක් 108 ක් ලබාගනු ඇතැයි සඳහන් වන අතර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රථිශතය 50% ත් 60 % ත් අතර වනු ඇතැයි ගනන් බලා තිබේ.
තියුණු තරඟයක් පවතිතැයි විශ්වාස කරන කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 8 ක් ක් සහ එජාපය ආසන 6 ක් සහ සමගි ජනබලවේගය ආසන 4 ක් ලබාගනු ඇතැයි අනුමාන කර තිබෙනවා. එජාප අපේක්ෂකයින් අතරින් රනිල් වික්‍රමසිංහ ප්‍රථම ස්ථානය හිමිකරගනු ඇති බවට දත්ත ආශ්‍රයෙන් පෙන්වා ඇති එම වාර්තාවේ දයා ගමගේ සහ ෆයිරූස් හාජ්ජියාර් යන අපේක්ෂකයින් මනාප ලබාගනු ඇති බවටත් ඉතිරි ආසනය මාලිමාවට හිමිවනු ඇති බවටත් අනුමාන කර තිබෙනවා.
දිස්ත්‍රික් ජයග්‍රහණයත් සමග පොහොට්ටුවට හිමිවන ආසන අටෙහි විමල් වීරවංශ සරත් වීරසේකර සහ උදය ගම්මන්පිල මුල් තැනට පැමිනෙන බවත් සමගි ජනබලවේගය ලයිස්තුවේ පාඨලී චම්පික , සජිත් ප්‍රේමදාස සහ මරික්කාර් ඉදිරියෙන් සිටිනු ඇති බවට අනුමාන කෙරෙනවා. සමගි ජනබලවේගයේ අපේක්ෂක ලයිස්තුවෙන් අනුර කුමාර දිසානායක ඔවුන්ට හිමි එකම අසුනට හිමිකම් කියනවා ඇති.
එම සමීක්ෂණ වාර්ථාවට අනුව බොහොමයක් දිස්ත්‍රික්ක වල දූශණ චෝදනා ඇති අපේක්ෂකයන්ට වඩා ඉදිරියට එතරම් අප්‍රසාදයට ලක් නොවූ අපේක්ෂකයින් පැමිණෙන බව නිරීක්ෂණය කර ගත හැකියි. ගම්පහ නාලක ගොඩහේවා , මාතර නිපුණ රණවක , මෙන්ම කොළඹ සරත් වීරසේකරද එලෙස නොසිතූ ලෙස ඉදිරියට එනු ඇති බවට අනුමාන කර ඇති අපේක්ෂකයින් කිහිපදෙනෙක්.
දිස්ත්‍රික්ක බහුතරයක ජය පොහොටුවට හිමිවනු ඇති බවට සමීක්ෂණ වාර්ථාව හෙළිදරවු කරන අතර එජාපය ආසන 25 ක් ඉක්මවා ලබාගනු ඇති බවටත් දත්ත ඇසුරින් පෙන්නුම් කර තිබුණා. ඔවුන් එම සමීක්ෂණයට මහජන අදහස් මෙන්ම පෙර මැතිවරණ වල ඡන්ද හැසිරීමද සැලකිල්ලට ගෙන තිබුණා.
දිනෙන් දින පවතින රජය අප්‍රසාදයට පත්වන බවත් සමගි ජනබලවේගය එජාපයට අනුමාන කරන තරම් හානියක් සිදු නොකරන බවත් සොරුන් දූශකයින්ට ජනතා ප්‍රසාදය අහිමිවෙමින් යන බවට දැක්වෙන මෙම නිරීක්ෂණ යන් මෙවර මහමැතිවරණ ප්‍රථිපල වලිනුත් දක්නට ලැබුන හොත් එය අනාගතයට සුබදායී පණිවිඩයක් වනු ඇති.