කාදිනල් හිමියන් ගැන තමන්ටද විවේචනයක් ඇතැයි හිටපු රාජ්‍ය ඇමති සමගි ජනබලවේගයේ අපේක්ෂක රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
තමන් සතුව කාදිනල් හිමියන්ගේ පක්‍ෂපාතීත්වය ගැන තොරතුරු රැසක් ඇති බව ද ඔහු පවසයි.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආගමික නායකයන් ගැන ආන්දෝලනාත්මක අදහස් දැක්වීම සිදු නොකරන ලෙස සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබීම නිසා මෙම හෙළිදරව් සිදු නොකරන බව ද ඔහු පවසයි.
කෙසේ නමුත් අවශ්‍ය මොහොතේදී සියළු තොරතුරු හෙළිදරව් කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.