Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හිටපු පා.ම මංගල සමරවිර මහතා විසින් රාජ්‍යය නිලධාරින් සහ රට නොමග යැවිමට කටයුතු කර ඇති බවත්, මංගල සමරවිර අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

නාවලපිටිය නගරයේ විෂබිජහරණ ලක් කිරමේ අවස්තාවට සහභාගි විමෙන් පසු මහින්දා නන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යය හමුවක් පවත්වමින් එ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දා නන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ.

හිටපු මුදල් අමාත්‍යය මංගල සමරවිර මහතා විසින් අප්‍රේල් මස 28 දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පාර්ලිමේන්තුව විසුරුවා තියෙන අවස්තාවක ජනාධිපතිවරයාට මුදල් භාවිතා කිරිම නිති විරෝධි බවත්, එසේ භාවිතා කලහොත් අභියාචණාධිකරණය හමුවේ නඩුවක් පවරලා ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න පුළුවන් කියලා සදහන් කරලා තියෙනවා.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 150 / 3 පැහැදිලිව සදහන් වෙනවා ජනාධිපතිවරයාගේ මුදල් බලතල. එතුමාට මුදල් භාවිතා කිරිමේ හැකියාව ඉතා පැහැදිලිව සදහන් කරලා තියෙනවා.

මංගල සමරවිර මහතා විසින් රාජ්‍යය නිලධාරින් සහ රට නොමග යවන්න කටයුතු කරලා තියෙනවා.

අපි ආණ්ඩුවෙන් ඉල්ලිමක් කරනවා මෙවැනි බොරු චෝදනා ඉදිරිපත් කරන මංගල සමරවිර වගේ අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන්න කියලා.

මංගල සමරවිර කියනවා මේ රටේ කෙරෙන සියළුම කටයුතු පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕනි කියලා.

රටට එරෙහිව අණ පනත් සම්මත කල මංගල සමරවිර , සමලිංගිතකත්වය පනතකින් සම්මත කරන්න ගිය මංගල සමරවිර , පරදින්න ලං වෙලා බාර් විකුණලා මිලියන හයසියයක් කොමිස් ගත්තා කියලා චෝදනා ඉදිරිපත් වුණ අය තමයි අද කතා කරන්නේ මේ රටේ මුදල් භාවිතය පිලිබදව.

මංගල සමරවිරට මුදල් භාවිතය පිලිබදව සමාන්‍යය දැනුමක්වත් තියෙන කෙනෙක්ද?

රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි මේ සියල්ලම කරලා තියෙන්නේ. එනිසා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරවලා මාස තුනක් යනකම් එ මුදල් භාවිත කිරිමේ හැකියාව ජනාධිපතිතුමාට තියෙනවා.

මංගල සමිරවිරව අත්අඩංගුවට ගෙන නිතිය ඉදිරිපිටට ගෙන්න කියලා අපි රජයට ඉල්ලිමක් කරනවා.

මංගල සමරවිර කියන්නේ ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා, ලෝකයේ ඉන්න පළවෙනි ලිබරල්වාදියා මැතිවරණ වලට බයයි. මේ වගේ ලිබරල්වාදියෝ පඹයෝ හොයා ගන්න පුළුවන් ඕනි තරම්.

විපක්ෂය ජනාධිපතිතුමා හමුවෙලා මේ අවස්තාවේ සහයෝගය පල කිරිම සදහා පාර්ලිමේන්තුව කැදවන්න කියලා ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා.

කොරොනා වෛසරයට බෙහෙතක් හොය ගන්න පුළුවන් නම් පාර්ලිමේන්තුව කැදෙව්වට කමක් නැ.

මේ හදන්නේ අනවශ්‍යය අර්බුධයක් හදන්න.

විපක්ෂයට පුළුවන් ජනාධිපතිවරයා හමුවෙලා අදහස් ප්‍රකාශ කරන්න.

විපක්ෂයට බහුතර බලයක් තියෙනවා මේ හදන්නේ මේ අවස්තාවේ පාර්ලිමේන්තුව කැදවලා රටට අහිතකර අණ පනත් සම්මත කරන්න.

එ නිසා පාර්ලිමේන්තුව දැකුවිමට කිසිදු උවමනාවක් නැ , ජනාධිපතිවරයා , අගමැතිවරයා , කැබිනට් මණ්ඩලය ,ආණ්ඩුකාරවරුන් , ප්‍රාදේශිය සභා මගින් රටට හොදින් පාලනය කරගෙන යනවා.

– හැටන් රංජිත් රාජපක්ෂ

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook