Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සි‍ටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මියගිය රෝගියකුගේ මළ සිරුරක් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පැමිණිලි කර ඇත.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා පසුගිය දා ශ්වසන රෝග ලක්ෂණ සහිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 හි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඔහුට කොරෝනා වැළඳී ඇතැයි සැකයක් තිබූ බැවින් ‍පීසීආර් පරීක්ෂණයක් ද සිදුකර තිබේ. මෙම පරීක්ෂණය සිදුකර ඇතතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍යේ වෛද්‍යපීඨ රසායනාගාරයේ දී ය. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා රෝගියකු බව තහවුරු වී ඇතැයි සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ බව තහවුරු වී තිබිය දී පසුගිය 27 වැනි දා රෝගියා මියගියේය. ඔහුගේ දේහය මෘත දේහ ආරක්ෂිතව බහාලන බෑගයකට දමා මෘතශරීරාගාරයේ තැන්පත් කරන ලදී. ඒ අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මෙම දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කිරීමට සැළසුම් කර තිබී ඇත. එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම රෝගියා කොරෝනා යැයි තහවුරු වී ඇති බැවින් ඔහුගේ ඥාතීන් හා රෝහලට රැගෙන ආ පුද්ගලයන් ද නිරෝධායනයට යොමුකර තිබේ.

එසේ තිබිය දී යළිත් එම රෝගියාගේ මළ සිරුරෙන් පෙනහළු සාම්පලයක් ගෙන 28 වැනි දින අයිඩීඑච් රෝහලේ රසායනාගාරය වෙත යවා තිබේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බලධාරීන් පවසා ඇත්තේ අයි.ඩී.එච්.රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්ෂණ අනුව මෙම රෝගියාට කොරෝනා වැළඳී නොමැති යැයි තහවුරු වී ඇති බවයි. මෙම දෙවැනි පරීක්ෂණය පදනම් කරගනිමින් දේහය ඥාතීන්ට භාර දී ඇති බවත්, ඒ අනුව දේහය රැගෙන ගිය ඥාතීන් හෝමාගම නියදගල සුසානභූමියේ දී නිරෝධායන නීතිවලට අනුකූළ නොවන පරිදි අවසන් කටයුතු ඊයේ (30) සිදුකර ඇති බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින් සංගමය පවසයි.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය පහතින් පල වේ.

ගරු සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය,
පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය,
සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය,
පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත,
කොළඹ 10.

මැතිතුමියනි,

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මියගිය #කෝවිඩ්-19 #Covid- 19 රෝගය වැළඳී ඇතැයි සැකසහිත පුද්ගලයාගේ මෘතදේහය පිළිබඳව ඇතිවී තිබෙන ගැටලුව උක්ත කාරණය සම්බන්ධව අප වෙත ලැබී ඇති පහත තොරතුරු කෙරෙහි කඩිනම් අවධානය යොමුකර කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

වයස අවුරුදු 80ක් පමණ වන පිළියන්දල ප‍්‍රදේශයේ පදිංචි රෝගියෙකු දැනට දින කිහිපයකට පෙර ස්වශන රෝග ලක්‍ෂණ සහිතව ඇතුලත් කර ඇත. එම රෝගියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වාට්ටු අංක 18 දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27 වන දින සවස මියගොස් ඇත. මිය යාමට පෙර එම රෝගියාගේ PCR පරීක්‍ෂණ සඳහා සාම්පල් ලබාගෙන ඇත. එම සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රසායනාගාරයේදී පරීක්‍ෂා කර ඇති අතර එහිදී පරීක්‍ෂණය පොසිටිව් වී ඇති බවට ශ‍්‍රී ජයවර්ධනපුර රහල වෙත දැනුම් දී ඇත. ඒ අනුව අදාල ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරින් විසින් #කෝවිඩ්-19 #Covid- 19 මූලධර්මවලට අනුකූලව ආදාහන කටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබියදී එය රෝහල් කළමනාකාරිත්වය විසින් වළක්වා ඇති බවට තොරතුරු ලැබී ඇත.

ඉන්පසවු ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකාරිත්වය විසින් එම මෘතදේහය #කෝවිඩ්-19 #Covid- 19 මූලධර්මවලට අනුව ආදාහන කටයුතු සිදුකරනවා වෙනුවට මෘතදේහයෙන් පෙනහළුවල සාම්පල (lung biosy) ලබාගෙන පෙරේදා දිනයේදී (28 දින) අයි.ඩී.එච්. රෝහලේ රසායනාගාරය වෙත යවා ඇත. සාම්පල ලබාගන්නා මොහොත වනවිටත් #කෝවිඩ්-19 #Covid- 19 රෝගයෙන් මියගිය අය සඳහා පාවිච්චි කරන බෑගයකට දේහය බහා මෘතශරීරාගාරයේ තබා ඇත. පළමු පරීක්‍ෂණය පොසිටිව් බැවින් එම රෝගියා රෝහලට රැගෙන ආ පුද්ගලයන් සහ පවුලේ සමීප ඥාතින් නිරෝධායන ක‍්‍රියාවලියට යටත් කර ඇත. ඉන්පසුව ජනමාධ්‍ය නිවේදනය ඊයේ (29) දිනයේදී අයි.ඩී.එච්. රෝහලේ රසායනාගාරයෙන් කරන ලද පරීක්‍ෂණය නෙගටිව් වී ඇති බැවින් එම රෝගියාගේ මෘත දේහය ඥාතින් වෙත බාරදීම සඳහා රෝහල් කළමනාකාරිත්වය මේ වනවිට තීරණය කර ඇත.‍

ඒ අනුව එම රෝගියාගේ මෘතදේහය අද දින (30) ඥාතීන් බාරගෙන ආදාහන කටයුතු කිරීම සඳහා හෝමාගම ප‍්‍රදේශයේ නියඳගල කනත්ත වෙත සවස 5.00ට රැගෙන යාමට මරණ පරීක්‍ෂකවරයා විසින් අවසර ලබාදී ඇති බවටද තොරතුරු ඇත. මෙම රෝගියා එක්වරක් #කෝවිඩ්-19 #Covid- 19 පී.සී.ආර්. පරීක්‍ෂණ පොසිටිව් වී තිබියදී ඒ අනුව ක්‍රියාකරනවා වෙනුවට මියගිය රෝගියාගෙන් සාම්පල් ලබාගෙන එම සාම්පලය නෙගටිව් පමණින් #කෝවිඩ්-19 #Covid- 19 ආසාදනය වී නැතැයි උපකල්පනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.සී.ආර්. පරීක්‍ෂණ වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කිරීමට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කළමනාකාරිත්වය ගෙන ඇති තීරණය බරපතල ගැටලු සහගත තත්වයකි. මේ පිළිබඳව වහාම කරුණු සොයා බලා සිදු වීමට යන අනතුරුදායක ක‍්‍රියාව වහාම නවතා මෙම මෘතදේහය #කෝවිඩ්-19 #Covid- 19 මෘතදේහ ආදාහනය කරන මූලධර්ම අනුව කටයුතු කරන ලෙස ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල් කළමනාකාරිත්වයටත්, අදාල ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරයාටත් දැනුම්දෙන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
වෛද්‍ය ජයන්ත බණ්ඩාර
ප‍්‍රධාන ලේකම්
සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook