Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත ආරම්භ කිරීමට දින නියම කිරීමෙන් පසු ඒවායේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

පාසැල් නැවත ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡාව දැනටමත් පළාත් මට්ටමින් සිදුකරමින් ඇත.

දකුණ, උතුරු මැද, වයඹ ලළාත් අධ්‍යාපන බලධාරීන් සමග දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්චා අරඹා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසීය.
එමෙන්ම මධ්‍යම, ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේය.

පාසල් ඇරඹීමට පෙර ඒවායේ විෂබීජහරණ කටයුතු හමුදා සහ සෞඛ්‍ය අංශ සහායෙන් සිදුකිරීමට සැලසුම් කර ඇත.

පළමු වටයේදී ආරම්භ පාසැල් කරන්නේ 13 වන ශ්‍රේණි සිසුන් සඳහා බව ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා පැවසීය.


පාසල් 11දා විවෘත නොකරයි

නමුත් රට පුරා සියලු පාසැල් වල දෙවැනි වාරය එළඹෙන 11 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද රට තුල පවතින තත්වය මත එදිනට පාසල් විවෘත කරන්නට නොහැකි බව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පාසැල් දරුවන් විසින් විමසන ලස ප‍්‍රශ්න වෙත පිලිතුරු දෙමිනි.

ඇඳිරිනීතිය දිගින් දිගටම පැවතීම හේතුවෙන් නිවාස වලට වී සිටින දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වාගෙන යන වැඩසටහනකදී පාසැල් දරුවන්ට ප‍්‍රශ්ණ යොමු කිරීමට තෝරාගෙන ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.

එම වැඩසටහන අනුව යොමු කරන ලද පැනයකට පිලිතුරු දෙමින් අගමැතිරයා මේ බව සදහන් කලේය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook