Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අපේ PCR  පරීක්ෂාව කලේ නෑ
තානපති කියන්නෙ බොරු

කුවේට් කඳවුරුවල රඳවා සිටි කාලයේ ශරීරයේ උෂ්ණත්වය සහ ලේ පරීක්ෂා කිරීමක් හැර වෙනත් කිසිදු පරීක්ෂණයකට තමන් යොමු නොකළ බව මෙරටට පැමිණ මේ වන විට නිරෝධායන කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයෝ සඳහන් කරනවා.

පසුගිය 19 වැනිදා විශේෂ ගුවන් යානා දෙකකින් කුවේට් සිටි 290 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ අතර ඔවුන් මේ වන විට මින්නේරිය, ත්‍රිකුණමලය සහ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටිනවා.

මේ අතරින් බොහෝ දෙනකු කොරෝනා ආසාදිතයන් බවට ඔවුන්ගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

වීසා බලපත්‍ර නොමැතිව තම රට තුළ රැඳී සිටින සියලුම විදේශිකයන්ට පොදු සමා කාලයක් ලබාදීමට කුවේට් රජය තීරණය කළ බව නිවේදනය කරනු ලැබුවේ අප්‍රේල් මස 21 වැනිදාය.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය සහිත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේ බලාපොරොත්තු වෙන් අප්‍රේල් මස 22 වැනිදා එරට රජයට භාර වී තිබුණා..

එසේ භාර වූ පිරිමි පක්ෂය ක්වේට්හි ‘‘අද්දලී’’ යුද හමුදා කඳවුරක රඳවා තැබීමට එරට රජය කටයුතු කළා. මෙම කඳවුර තුළ ශ්‍රී ලංකා, ඉන්දියා, පාකිස්තාන, නේපාල, බංගලිදේශ, ඊජිප්තු, ඝානා සහ පිලිපීන ජාතිකයන් 7300ක් රඳවා තිබෙනවා.ඒ අතරින් 159 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වනවා.

කාන්තාවන් රඳවා තිබී ඇත්තේ ‘‘පරවානියා’’ ප්‍රදේශයේ පාසලක් තුළයි.

අද්දලී යුද හමුදා කඳවුර තුළ සිටි විදේශිකයන් ඒ ඒ රටවල්වල තානාපති කාර්යාල නිලධාරීන් විසින් භාර ගැනීමෙන් අනතුරුව ඉතිරි වූ ශ්‍රී ලාංකිකයන් ‘‘රුමතියා’’ නගරයේ පාසලක් තුළ රඳවා තැබීමට ක්වේට් රජය කටයුතු කර තිබෙනවා.

කඳවුරුවල රඳවා තිබූ කාලයේ තමන්ගේ උණ බැලීම සහ ලේ පරීක්ෂා කිරීම හැර වෙනත් කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බව නිරෝධායන කඳවුරුවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයෝ සඳහන් කරනවා.යම් ආකාරයකට කඳවුරුවල රැඳී සිටි සියලුම දෙනා විධිමත් පරීක්ෂණයකට යොමු කළේ නම් කොරෝනා ආසාදිතයන් එරටදීම හඳුනා ගැනීමට තිබූ බවද ඔවුන් කියා සිටිනවා.

නමුත් මෙරටට පැමිණ නි​රෝධායන කඳවුරුවල රඳවා තැබීමෙන් අනතුරුව සියලුම දෙනාව විටින් විට විවිධ පරීක්ෂණවලට භාජන කරන බවත්, මෙම තත්ත්වය නිසා ක්වේට් සිටි පැමිණි බොහෝ දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමට හැකි වූ බවද ඔවුන් සඳහන් කරනවා.

යම් ආකාරයකට දිවයිනට පැමිණීමට නොහැකි වූයේ නම් තමන්ට කොරෝනා රෝගය හේතුවෙන් ක්වේට් රටේදීම මියයාමට පවා ඉඩ තිබූ බවද මෙරට නි​රෝධායන කඳවුරුවල සිටින පිරිස් පවසනවා.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook