Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


බක් මහ අවුරුද්දේ ලග්න පලාපල
මේෂ 
ගොවිතැනට යහපත්

නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 04 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප වන වසරකි. හිතමිතුරන් ඔබ හා එක්වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 09 තුළ හිමි වනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මැදදීම ලැබෙනු ඇත.
ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටු වන වසරකි. ගේ‍ෙදාර, ඉඩකඩම්, යානවාහන ලැබීමේ හැකියාව වසරේ අගෝස්තු දක්වා කාලය තුළ උදා වනු ඇත. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත්, දරුපල බලාපොරොත්තු වන අයටත් වසරේ අගෝස්තු දක්වා කාලය තුළ බාධක මැද වුවත් යම් පමණක යහපත් ප්‍රතිඵල උදාවනු ඇත. ඉන්පසු වසරේ ඉතිරි මාස කිහිපය සුබදායක නොවනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබාගත හැක්කේ වසරේ අගෝස්තු දක්වා වූ කාලය තුළය. 

නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වේ. රැකියා ස්ථාන මාරු ලැබේ. ගොවිතැන් කටයුතු කරන මේෂ ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා යහපත් වූ වසරකි.

වෘෂභ
පවුලේ දියුණුව සැලසේ

මෙම නව වසර විවාහ අපේක්ෂිත ඔබට විවාහ ප්‍රමාද හා බාධා එල්ල වන වසරකි. විවාහක වෘෂභ ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම බාධක හා ගැටලු උදා වනු ඇත. ගේ ‍ෙදාර වාසනාව ඇති වන කාලයකි. උසස් අයගෙන් යහපතක් උදා වන කාල සීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. විශේෂයෙන්ම අවිවාහක වෘෂභ ලග්න හිමියන් වසරේ මුල් මාස 6න් පසු එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත.

බොහෝවිට මෙම අගෝස්තු දක්වා කාලය තුළ පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා අසාර්ථක වන කාලසීමාවකි. ඔක්තෝබර්වලින් පසු කාලය තරුණ වයසේ පසු වන ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාලසීමාවකි. මෙම තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 6ය තුළය. වසරේ අග භාගයේ ග්‍රහ ගමන අනුවද අඹු-සැමි සතුට හීන වන කාලයකි.

මෙම වර්ෂය ආරම්භයේදී ඔබට මිල මුදල් හා ධන ලාභවලින් සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 6ක කාලය ධන ලාභ ලැබෙන කාලයකි. නමුත් විටින් විට අධික වියදම් හා ප්‍රබල ධන හානිද මෙම වසර පුරාවටම ඔබට යම් යම් අවස්ථාවල ඇති විය හැකිය. ඒ පිළිබඳව නිතරම අවධානය යොමු කිරීම හා බුද්ධිමත්ව කටයුතු කිරීම නුවණට හුරුය.

මිථුන
තනතුරු ලාභ ලැබෙයි

තමන් පදිංචි ස්ථානයේ වෙනසක් සිදුවන වසරකි. එසේම මෙම කාලයේ ඔබ කතාවට දක්ෂ වනු ඇත. වචනයේ බලය පෙන්වීමට හොඳ කාලයකි. ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට බලාපොරොත්තු වන අයට මුල් මාසවලදී ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන කාල සීමාවක් වනු ඇත. ඔබගේ බාල සහෝදරයකුට උසස් වීමක් ලැබීමට අවස්ථා උදා වනු ඇත. මෙම නව වසර විවාහ අපේක්ෂිත ඔබට විවාහ ප්‍රමාද හා බාධා එල්ල වන වසරකි. විවාහක මිථුන ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම බාධක හා ගැටලු උදා වනු ඇත. ගේ ‍ෙදාර වාසනාව ඇති වන කාලයකි. උසස් අයගෙන් යහපතක් උදා වන කාල සීමාවකි. රැකියා ස්ථානය තනතුරු ලාභ ලැබේ. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. විශේෂයෙන්ම අවිවාහක මිථුන ලග්න හිමියන් වසරේ මුල් මාස 6න් පසු එම කටයුතු සම්බන්ධයෙන් උනන්දුවීමෙන් ඔබට යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි වනු ඇත. බොහෝ විට මෙම අගෝස්තු දක්වා කාලය තුළ පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා අසාර්ථක වන කාල සීමාවකි. වසරේ අග භාගයේ ග්‍රහ ගමන අනුව ද අඹු-සැමි සතුට හීන වන කාලයකි.


ඔක්තෝබර්වලින් පසු කාලය තරුණ වයසේ පසු වන ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට ආදර හැඟීම් අතින් යහපත් වූ කාල සීමාවකි. මෙම අසුබ තත්ත්වය බෙහෙවින්ම බලපාන්නේ මෙම වසරේ මුල් මාස 9ය තුළය.


කටක
ගේ ‍දොර ඉඩකඩම් ලැබීම්


කටක ලග්නයෙන් උපන් ඔබගේ ජන්ම පත්‍රයේ නව වසර ආරම්භයත් සමඟ පවතින ග්‍රහ චාරයට අනුව ඔබට මධ්‍යම ප්‍රතිඵල දායක වනු ඇත. ඔබට වසර ආරම්භය සෞඛ්‍ය තත්ත්්වය සම්බන්ධයෙන් එතරම් සුබදායක නොවනු ඇත.

ගේ‍ෙදාර, ඉඩකඩම්, යානවාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළ කැපී පෙනෙන ලෙස උදා වනු ඇත. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ, ‍ෙදාළ, ගංගාවලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 03න් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථාවන් උදා වනු ඇත. මෙම වසරේ මුල් මාස 06 තුළ කටක ලග්න හිමි පෙම්වතුන්ට නම් සුබදායක වනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශි්‍රත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදා කරනු ඇත. ඉදිකිරීම් කර්මාන්තවල යෙදෙන කටක ලග්න හිමියන්ට මෙම වසර එතරම් සුබදායක නොවනු ඇත. 

විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුපල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස 07 තුළ එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවනු ඇත. ඉන්පසු වසරේ ඉතිරි මාස කිහිපය සුබදායක වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්කේ වසරේ මුල් මාස 07න් පසුවයි.

සිංහ
ලොතරැයි දිනුම් හා භූමි ලාභ

විශේෂයෙන් වසරේ මුල් මාස 03 තුළ තමාගේ් පියාට සුබපල උදාකරනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 තුළ සුබදායක වනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශි්‍රතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි දිනුම් හා භූමි ලාභ ඉටු වන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ, ‍ෙදාළ, ගංගාවලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 09න් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථාවන් වනු ඇත. මෙම වසරේ මුල් මාස 06 තුළ සිංහ ලග්න හිමි පෙම්වතුන්ට ඉතා සුබදායක වනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශ්‍රිත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදාකරනු ඇත. රෙදි කර්මාන්තවල යෙදෙන සිංහ ලග්න හිමියන්ට මෙම වසර එතරම් සුබදායක නොවනු ඇත. ගොවිතැන් කටයුතු කරන සිංහ ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා ඉතාමත් යහපත් වූ වසරකි.

ගේ‍ෙදාර, ඉඩකඩම්, යානවාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළ උදාවනු ඇත. විශේෂයෙන් ඔබ විදුලියෙන්, ජලයෙන් පරිස්සම් විය යුතු වසරකි.ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී.

කන්‍යා
මවට, පියාට සුබපල

විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුපල බලාපොරොත්තු වන අයටත් නව වසරේ අගෝස්තු මාසය වනතුරු එතරම් යහපත් ප්‍රතිඵල උදා නොවනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්කේ වසරේ මුල් මාස 04න් පසුවයි. ගොවිතැන් කටයුතු කරන කන්‍යා ලග්න හිමියන්ට මෙම වසර එම ගොවිතැන් කටයුතු සඳහා යහපත් වූ වසරකි. තමා විසින් මහන්සියෙන් ගොවිතැන් කළ දෙයින් සාර්ථක ප්‍රතිඵල උදා කර ගත හැකිය. නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු අගෝස්තුවෙන් පසු සාර්ථක වන අතර රැකියා ස්ථාන මාරු හා නව රැකියා සඳහාද අවස්ථාවන් උදාවනු ඇත. මෙම නව වසර විශේෂයෙන් ඔබ විරුද්ධවාදීන්ගෙන් පරිස්සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශි්‍රත රෝග, හෘදය ආශි්‍රත ආබාධ, තුනටියේ හා අත් පාවල ආබාධ, ස්නායු ආබාධ, තුවාල වැලඳීමේ අවදානමක් වසරේ මුල් මාස 04 තුළ පවතී. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී. වැය පක්ෂය ඉහළ යන අවස්ථා රාශියක්ම උදාවනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 06 තුළ තමාගේ් මවට, පියාට වැඩි වශයෙන් සුබඵල උදාකරනු ඇත. නමුත් වැඩිමහල් සහෝදරයන්ට අපලය. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 04න් පසු සුබදායක වනු ඇත.

තුලා
විදේශ රැකියා වාසනාව

ඔබ යම් පමණකට නොබියව ඉදිරියට යන තම මතයටම අනුව කටයුතු කරන කෙනකු වනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබට දරුපල සඳහා ඇති බාධාකාරී තත්ත්ව වසරේ මුල් මාස 06 තුළ වරින් වර මතු විය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. වසරේ මුල් මාස 04 තුළ යටිබඩ ආශි්‍රත ආබාධ, තුනටියේ හා අත් පාවල ආබාධ, උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශි්‍රත රෝග, ස්නායු ආබාධ, තුවාල වැලඳීමේ අවදානමක් පවතී. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී. වැය පක්ෂය ඉහළ යන අවස්ථා රාශියක්ම උදාවනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 04 තුළ තමාගේ් මවට, පියාට සුබඵල උදාකරනු ඇත. සතුරු කරදර ඇති විය හැකිය. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 03 තුළ සුබදායක වනු ඇත. වසරේ මුල් මාස 04 තුළ ගේ ‍ෙදාර ආශි්‍රතව යම් යම් ගැටලු හා ප්‍රශ්න මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. නැතිනම් එම තත්ත්වයන් දුර දිග යා හැකිය. විදේශ රැකියා වාසනාව හිමිය. සතුරු කරදර උදා විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. විවාහ කටයුතු සඳහා වසරේ මුල් මාස 06න් පසු යහපත් සුබවාදී අවස්ථා උදා වනු ඇත. මෙම වසර ඔබ යම් පමණක ගුප්ත ශාස්ත්‍ර කටයුතු පිළිබඳ විශ්වාස කරන වසරකි. 

ව්‍යාපාරවලට හා ගොවිතැන් කටයුතුවල හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත.


වෘශ්චික
ප්‍රධානින්ගෙන් ඇගයුම්

ඔබට මෙම වසර ආරම්භයත් සමඟ රැකී රක්ෂා සම්බන්ධයෙන් කැපීපෙනෙන සුබදායක තත්ත්වයකි. නව වසරේ රැකියා බලාපොරොත්තු වන ඔබගේ එම කටයුතු සාර්ථක වන අතර රැකියා ස්ථාන මාරු හා නව රැකියා සඳහා ද අවස්ථාවන් උදා වනු ඇත. ඔබ ප්‍රධානීන්ගේ ඇගැයුමට ලක්වන වසරකි. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුපල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස 06 තුළ යහපත් ප්‍රතිඵල උදා වනු ඇත. ඉන්පසු වසරේ ඉතිරි මාස කිහිපය සුබදායක නොවනු ඇත. ගේ‍ෙදාර, ඉඩකඩම්, යානවාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 09 තුළ උදා වනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්කේ වසරේ මුල් මාස 07න් පසුවයි. විශේෂයෙන් ඔබ මෙම වසර කාන්තාවන්ගෙන් පරිස්සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. ශරීරයේ

උෂ්ණාධික රෝගාබාධ මෙන්ම සෙම් ආශ්‍රිත රෝග, යටිබඩ ආශි්‍රත ආබාධ, තුනටියේ හා අත් පයවල ආබාධ, ස්නායු ආබාධ, තුවාල වැලඳීමේ අවදානමක් වසරේ මුල් මාස 03 තුළ පවතී. ආදායම් තත්ත්වය මෙම වසර පුරාවට මධ්‍යස්ථ මට්ටමක පවතී. වැය පක්ෂය ඉහළ යන අවස්ථා උදා වනු ඇත. අතට ලැබෙන මුදල් නිකරුණේ වියදම් වන අවස්ථා උදා වනු ඇත. විශේෂයෙන් වසරේ මුල් මාස 07 තුළ තමාගේ් මවට සුබපල උදා කරනු ඇත. නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 සුබයි.

ධනු
උසස් අධ්‍යාපන වරම්

පෙර පින සම්බන්ධයෙන් ඉතාමත් සුබදායක වනු ඇත. ඔබ නොබියව ඉදිරියට යන වසරකි. ඔබගේ අතට ලැබෙන මුදල් නිකරුණේ් වියදම් වන අවස්ථා මෙම වසර තුළ බෙහෙවින් උදා වනු ඇත. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත අයටත් දරුපල බලාපොරොත්තු වන අයටත් වසරේ මුල් මාස කිහිපය තුළ යහපත් ප්‍රතිඵල උදා වනු ඇත. ඉන් පසු වසරේ ඉතිරි මාස කිහිපය සුබදායක නොවනු ඇත. ගේ ‍ෙදාර, ඉඩකඩම්, යානවාහන ලැබීමේ හැකියාව වසරේ මුල් මාස 06 තුළ ඔබට එතරම් උදා නොවනු ඇත. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ඔබටත් සුබදායක බලාපොරොත්තු තබා ගත හැක්කේ වසරේ මුල් මාස 06න් පසුවයි. විශේෂයෙන් ඔබ මෙම වසර සතුරු කරදරවලින් පරිස්සම් විය යුතු වසරකි. ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන් වසරේ මුල් මාස 06 තුළ තමාගේ් පියාට සුබපල උදා කරනු ඇත. නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට වසරේ මුල් මාස 06 තුළ සුබදායක නොවනු ඇත. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 04 තුළ හිමි වනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශි්‍රතව යම් යම් ගැටලු හා සුළු වශයෙන් මතභේද මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. භූමිය ආශි්‍රත ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී මෙන්ම ගැනීමේදීත් ප්‍රවේශම් විය යුතුය.

මකර
විවාහ සැප ලැබෙයි

වසර ආරම්භයේදීම පදිංචිය පිළිබඳ ගැටලු පැනනැඟීමට හැකියාව පවතී. නමුත් උගත් වැඩිහිටි අයගේ උපදෙස් මත ඒවා විසඳා ගැනීමට අවස්ථාව උදාවේ. මුල් මාස 6ක කාල සීමාව තුළ නඩු හබවලින් නිදහස් වීමේ අවස්ථා උදාවෙයි. විවිධාකාරයේ ගිවිසුම්වලට එළැඹීමේ අවස්ථාවද මෙම කාල සීමාව තුළ උදා වනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර වන්දනා ගමන් හා දුර ගමන්ද යෙදීමට ඉඩ ඇත. විදේශ ගමන් සඳහා ඔබට නව වසර තුළ යහපත් අවස්ථා උදා වේ. ඇස්වහ, කටවහ ‍ෙදා්ෂ හටගැනීමේ ප්‍රවණතාවක් ඇත. මුල් මාස 3ක කාලය රෙදි පිළි හා වස්තු ලාභ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර මෙම කාලයේදී ප්‍රණීත රසමුසු ආහාරද විටින් විට ලැබීමට හැකියාව පවතී. ණය මුදලකින් නිදහස් වීමටද අවුරුද්දේ මුල් මාස 3 ඇතුළත අවස්ථාවක් උදා වනු ඇත. 

මෙම නව වසරේ මුල් මාස 6ක කාල සීමාව තුළදී අවිවාහක ඔබට මංගල යෝජනා උදාවීමට අවස්ථාව යෙදේ. විවාහක මකර ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සිතා බැලීමේදී බොහෝ විට නිතරම සතුටුදායක සිනාමුසු මුහුණින් සිටීමට අවස්ථාවන් උදා වනු ඇත. ගේ‍ෙදාර වාසනාව ඇතිවන කාලයකි. උසස් අයගෙන් යහපතක් උදා වන කාලසීමාවකි. පවුලේ දියුණුවට කටයුතු සැලසෙනු ඇත. පස්කම් සැප හා විවාහ සැප ලැබෙන කාලයකි.

කුම්භ
පිරිස් බලය වැඩිවේ

අවුරුද්දේ මුල් මාස 6ක කාලය තුළ තම මවට හෝ පියාට අපලදායක කාල සීමාවක් උදාවෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට යහපත් හා බුද්ධිමත් දරුවන් ලැබෙන අතර ඒ තුළින් පවුලේ පිරිස් බලය වැඩි වේ. උත්සව පවත්වන්නට හෝ උත්සවවලට සහභාගි වීමට වසරේ මුල් මාස 6 තුළ විවිධාකාරයෙන් අවස්ථාවන් උදා වනු ඇත. ගේ‍ෙදාර, කෑමබීම ඇතුළු අවශ්‍ය උපකරණ ආදියෙන් එතරම් අගහිඟකම් මතු නොවනු ඇත. වසරේ මුල් කාලය තුළ ඔබගේ නෑදෑ හිත මිතුරන් ඔබ සොයා පැමිණෙන අතර ඔවුන්ගේ උදවු උපකාර ඔබට නිතැතින්ම හිමි වනු ඇත. සතුරන් ඇති නොවන, සතුරන්ගෙන් ජය ලබන කාලයකි. වසරේ ජූලි මාසයෙන් පසු කාලවලදී තම නිවෙසින් පිටස්තරව වාසය කිරීමට සිදුවන අතර නඩු හබ හා නීති කටයුතුවලින් පරාජයට පත් විය හැකිය. හදි හූනියම් වැනි ‍ෙදා්ෂ නිසා තමන් වාසය කරන නිවෙසේ කලඑළිය අඩුවීමටද හැකියාව පවතී. ස්ථිර නිවෙස්වලින් අෑත් වී තාවකාලික නිවෙස්වල පදිංචියේ යෙදීමට අවස්ථාව උදා වනු ඇත. 

වසර ආරම්භයේදීම පදිංචිය පිළිබඳ ගැටලු පැනනැඟීමට හැකියාව පවතී. නමුත් උගත් වැඩිහිටි අයගේ උපදෙස් මත ඒවා විසදා ගැනීමට අවස්ථාව උදාවේ. මුල් මාස 6ක කාල සීමාව තුළ නඩු හබවලින් නිදහස් වීමේ අවස්ථා උදා වෙයි. විවිධාකාරයේ ගිවිසුම්වලට එළැඹීමේ අවස්ථාවද උදා වෙයි.

මීන
භූමි ලාභ හිමි වෙයි

මෙම වසර ආරම්භයත් සමඟ ආදායම් තත්ත්වය පහත බසින කාරණා යෙදෙනු ඇත. වියදම් වැඩි, ලාභ අඩු කාලයකි. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ හිමි වන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, ඇළ, ‍ෙදාළ, ගංගාවලදී සිදුවන අනතුරු තත්ත්ව හා රථවාහන අනතුරු තත්ත්ව ඇති විය හැකිය. වසරේ මුල් මාස 03න් පසුව විවාහ කටයුතු සඳහා අවස්ථාවන් එතරම් උදා නොවනු ඇත. මෙම වසරේ මුල් මාස 06 තුළ මීන ලග්න හිමි පෙම්වතුන්ට සුබදායක වනු ඇත. මැණික් ව්‍යාපාර හෝ භූමිය ආශි්‍රත ව්‍යාපාර කරන ඔබට මෙම වර්ෂය මධ්‍යම ප්‍රතිඵල උදා කරනු ඇත. භූමිය ආශි්‍රත ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී මෙන්ම ගැනීමේදීත් ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මුලදීම ලැබෙනු ඇත. ලොතරැයි ලාභ හා භූමි ලාභ ඉටුවන වසරකි. සාමාන්‍ය අනතුරු තත්ත්වයන්, රථවාහන පැදවීම්වලදී සිදුවන අනතුරු තත්ත්ව හා උස් ස්ථානවලදී අනතුරු තත්ත්ව ඇති විය හැකිය. තදබල ලෙස කේන්ති යන අවස්ථාවන් ඇතිවනු ඇත.

මවුබිම පුවත්පත ඇසුරෙණි

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook