Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජනතාවට ශත 05ක වැඩක් නොමැති පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීමෙන් කොරෝනා මර්ධනයට කිසිදු සෙතක් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

පැරණි පාර්ලිමේන්තුව නැවත රැස්වීමෙන් සිදුවෙන්නේ කොරෝනා මර්ධනයට යොදවා ගත හැකි මුදල් අපතේ යාමක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

උඩුගම්පල පැවති ජනතා සහන ලබා දීමේ ප්‍රගතිය පිළිබද සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යයට අදහස් පළ කරමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය.

මෙහිදී වැඩිදු
රටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කීවේය.

“ අද එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි , ටී.එන්.ඒ එකයි රට තුළ නැති අර්බුධ හදනවා. මහ මැතිවරණයට මැතිවරණ කොමසාරිස්වරයා දින නියම කරපු එක වැරදි, පාර්ලිමේන්තුව කැදවන්න කියලා තමයි සුමන්දිරන් මහත්තයලා කියන්නේ. තිබුනු පාර්ලිමේන්තුවෙන් මේ රටට ශත පහක වැඩක් වුනේ නැ. මහ බැංකු හොරකම, පාස්කු ප්‍රහාරය, රණවිරුවෝ හිරේ දැමීම, ස්වාමීන් වහන්සේලා හිරේ දාපු එක මේවා තමයි තිබුණ පාර්ලිමේන්තුවේ ප්‍රතිඵල. ඔය ප්‍රතිඵල රටට දීලා රටේ ජාතික ආරක්ෂාව බිද වට්ටපු, සෞඛ්‍ය , ආරක්ෂක අංශවල කොදු නාරටිය බිදපු ඒ පාර්ලිමේන්තුව නැවත රැස් කරලා මේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට ඇති වෙන වාසිය මොකක්ද? ශත 05ක වැඩක් වෙන්නේ නෑ. මේ අය කියන්නේ අපි මුදල් වෙන් කරලා දෙන්නම් කියලනේ. කලින් පරිපූරණේ දාපු වෙලාවේ මෙ අය එතනට සපෝට් කලාද, නෑනේ.ඉතිං කොහොමද මේ ගොල්ලන්ව විශ්වාස කරන්නේ.

පරණ පාර්ලිමේන්තුව රැස්වුනාම මේ අයට පුලුවන් ආයෙත් නිල නිවාස වල දිගටම ඉන්න. මන්ත්‍රී විශ්‍රාම වැටුප හදාගන්න. මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරන්න. ඒකට තමයි මේ හොරගල් අහුලන්නේ. ඒවාට මුදල් වෙන් කරනවාට වඩා හොදයිනේ කොරෝනා මර්ධනයට අපි ඒ සල්ලි වෙන් කරන එක.

කොරෝනා වසංගතය පාලනය කරලා මැතිවරණයකට යාම ගැන මේ රටේ ජනතාව විරුද්ධ නෑ. හැබැයි මතිවරණ කල් දමාපු මැතිවරණ මතක් කරපුවාම තමන් ඇදන් ඉන්න ඇදුම පවා කැත කරගන්න තරමට එ.ජා.පයයි, ජ.වි.පෙයි, ‍ටී.එන්.ඒ එකයි මැතිවරණවලට බයයි. මොකුත් නෙමේ පරාද වෙන බව දන්න නිසා. රටේ නැති ව්‍යවස්ථා අර්බුධයක් පෙන්නලා මැතිවරණ කල් දාගන්න මේ නඩය දගලන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි ජනතාව ඉදිරියට යන්න තියෙන බය නිසා.

දැන් අපි කොරෝනා වසංගතය පාලනය කරන්න හැකි උපරිමයෙන්ම කටයුතු කරනවා. කොරෝනා වසංගතය පාලනය කරලා මැතිවරණයට මුහුණ දෙන්න අපි ලෑස්තියි. එතනදී අපි උපදෙස් ගන්නේ මේ මැතිවරණ වලට බයේ හැංගෙන UNP, JVP, TNA නඩයෙන් නෙමෙයි. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ වල විශේෂඥයින්ගෙන්. ඒ අයගේ එකගතාවය තියෙනවනම් අපි මැතිවරණය තියනවා. ජනතාවට අවශ්‍ය ආණ්ඩුවක් බලයට පත් කරගන්න ඉඩ දෙනවා. ජනතාව එවිට නිවැරදි තීන්දුව ගනිවි. ඒක ස්ථීරයි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook