Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රථය සොරාගත් දින රාත්‍රි එම නිවෙස අසල නිවෙසක් තුළට ඇතුළුවී රුපියල් ලක්‍ෂ පහකට විදලා
අත්බෝම්බයක් රැගෙන පුපුරවා ගැනීමට හදලා


නොච්චියාගම, පහළ හල්මිල්ලෑව ප්‍රදේශයේදී ලක්‍ෂ 52ක් වටිනා කාර් රථයක් සොරකම් කළ අයකු කැකිරාව, කයිලපතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.

පසුගිය 13 වැනි දින අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් හත්සිය තිහක්, ඔහු විසින් පුපුරවා ගැනීමට උත්සාහ කළ ජීව අත්බෝම්බයක්ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

කාර් රථය සොරාගත් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම හමුවේ ඔහු විසින් සිදුකළ සොරකම් 23 සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි. සැකකරු සොරාගත් භාණ්ඩ අතර, මුදල් රුපියල් ලක්‍ෂ අටකට ආසන්න ප්‍රමාණයක්, යතුරුපැදි දෙකක්, රන් භාණ්ඩ, වායු රයිෆලයක්, රූපවාහිනි යන්ත්‍ර, පරිගණක යන්ත්‍ර, ආහාර ද්‍රව්‍ය, සිගරට් සහ පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම්ද වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු සොරකම් කරන ලද වායු රයිෆලයක් සහ විදුලි පන්දම පෙන්වීමට වල්පලගම, ගල් පඩියාව ගල අසලට පොලිස් නිලධාරීන් කැඳවාගෙන ගොස් ඇති අතර එහි සඟවා තිබූ ජීව අත්බෝම්බයක් රැගෙන පුපුරවා ගැනීමට උත්සාහ කළ බවත් පොලිස් නිලධාරීන් මැදිහත්ව එම උත්සාහය ව්‍යර්ථ කළ බවත් පොලිසිය කියා සිටියි.

පොලිසිය පවසන පරිදි පසුගිය පෙබරවාරි මස 22 නගරයේ වෙළෙඳසල් පහක් සහ 23 වැනි දින වෙළෙඳසල් පහක් බිඳ මුදල් සහ භාණ්ඩ මෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදියකුගේ නිවෙස බිඳ ලැප්ටොප් පරිගණකයක්ද සොරාගත් සැකකරු තල්ගස්වැව ප්‍රදේශයේ නිවෙසක් බිඳ මුදල් හා ස්කුටි වර්ගයේ යතුරුපැදියක් සොරාගෙන ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

පසුව අම්පාර ප්‍රදේශයේදී යතුරුපැදියක් සොරාගෙන ඇති අතර නැවත නොච්චියාගම ප්‍රදේශයට පැමිණ ඇත. සැකකරු පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව මොහු සොයා පොලිසිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති බව දැනගත් සැකකරු ඇහැටුවාගම සහ ළිංගල ප්‍රදේශයේ හේන්පැල් තුළ සහ පාළු නිවාස තුළ කාලය ගත කරමින් ආහාර සහ විවිධ දේ සොරකම් කර පොලිසිය මඟ හරිමින් කැලෑබඳ ප්‍රදේශයේ සැරිසරා ඇත. ඒ අතරතුර ළිංගල, කුසුම්පුර, මුදිතාගම, ළිඳවැව, නොච්චියාගම, පුබුදුගම ඇතුළු ගම්මාන රැසක නිවාස බිඳ රන් භාණ්ඩ, මුදල්, සිගරට්, ආහාර ද්‍රව්‍ය මෙන්ම පොලිස් නිලධාරිනියකගේ නිවෙසේ තිබූ රන් භාණ්ඩ සහ නිල ඇඳුම්ද සොරාගෙන ඇත. සැකකරු කාර් රථය සොරා ගැනීමට දින දෙකකට පෙර පහළ හල්මිලෑව ප්‍රදේශයට පැමිණ පාළු නිවෙසක් තුළ සැඟව සිට ඇත.

සැකකරු කාර් රථය සොරාගත් දින රාත්‍රි එම නිවෙස අසල නිවෙසක් තුළට ඇතුළුවී රුපියල් ලක්‍ෂ පහක මුදලක් සොරාගෙන ඇත. අනතුරුව ඒ අසල වූ අලුතින් ඉදිවන දෙමහල් නිවෙසක උඩුමහලේ සැඟව සිට ගෙහිමියන් නින්දට ගිය පසු නිවෙස තුළට ඇතුළු වී රුපියල් අනූදහසක මුදලක්, රුපියල් අනූනව දහසක් වටිනා ජංගම දුරකථන දෙකක් සහ කාර් රථයේ දුරස්ථ පාලකය සොරාගෙන කාර් රථයද රැගෙන පලාගොස් ඇත. පොලිසිය පරීක්‍ෂණ කටයුතු අරඹමින් ප්‍රදේශයේ හා නගරාශි්‍රත ආරක්‍ෂිත කැමරා පරික්‍ෂා කර කාර් රථය තඹුත්තේගම, බුල්නෑව, කැකිරාව හරහා දඹුල්ල ප්‍රදේශයට ගමන්කර ඇති බව තහවුරු කරගනු ලැබ ඇත. ඒ අනුව කාර් රථය සොයා ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත. පසුදින පොලිසියට ලද තොරතුරක් මත කැකිරාව කයිලපතාන ප්‍රදේශයේ ක්‍රීඩාපිටියක නවතා තිබූ කාර් රථය හා සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීම් තුළදී අනාවරණය කරගත් තොරතුරු මත කැකිරාව, කයිලපතාන ප්‍රදේශයේ සහ නොච්චියාගම, වල්පලගම ප්‍රදේශයේ සඟවා තිබූ මුදල් සහ උපකරණ සියල්ල සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

සැකකරුවන් 13 සවස තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන ප්‍රසාද් ජයතිලක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති තිළිණ මධුසංඛ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්‍ෂක ගුණසේන, උප පොලිස් පරීක්‍ෂක දිසානායක, සැරයන්වරුන් වන ගුණරත්න (28002), පතිරාජ (7014), සුරංග (33242), විජේකෝන් (1047), සරත් (47934), ජයවර්ධන (50189), ධර්මසිරි (38918), ජයවර්ධන (50189), කොස්තාපල්වරුන් වන පෙරේරා (67607), සංජීව (68488), චානක (81221), කාන්තා පොලිස් සැරයන් සඳමාලි (2383), කාන්තා පොලිස් නිලධාරිනි නිලූකා (7590), සිවිල් ආරක්‍ෂක භටයන් වන ප්‍රියන්ත (60258), තිස්ස (84392), දිසානායක (025755) යන නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු සිදු කරයි.

නොච්චියාගම - ඒ.ඩී.යූ. කුමාර
-mawbima

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook