ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයක් තුළ රහසිගතව නිපදවූවක් බව තහවුරු කරගෙන ඇතැයි එක්සත් ජනපද රහසිගත වාර්තාවක් උපුටා දක්වන ෆොක්ස් නිව්ස් පුවත් සේවය ප්‍රකාශ කරනවා.
වවුල් විශේෂයකින් ලබාගත් කොවිඩ් වෛරස ප්‍රභේදයක් වෙනස් කිරීමකට ලක්කර රසායනාගාරය තුළදී එය මිනිසකුට එන්නත් කර පසුව ඔහුව බාහිර සමාජයට යවා එය ව්‍යාප්ත කරවූ බවට එම පුවතින් චීනයට චෝදනා කර තිබෙනවා.
ඕනෑම විපතක් ඇමෙරිකාවට වඩා සාර්ථකව චීනයට කළමනාකරණය කරගැනීමට හැකියාව පවතින බව පෙන්වීම සඳහා මෙලෙස කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත කළ බවද එම පුවතේ සඳහන් වනවා.