Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ෆේස්බුක් සාමාජිකයන් ඔහු සොයාගන්නා විටත් ඔහු සොරෙකු වෙලා
ටී ෂර්ටය ගලවා දෑත් පිටුපසට කොට ගැටගසා තියාගෙන ඉදලා

ඇඳිරි නීතිය නිසා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් බොහෝ දෙනා නිවෙස්වලය. නිවසේ ගතකරන දින ගණන වැඩිවීමට සාපේක්ෂව කිරීමට යමක් නොමැතිවීම බොහෝ දෙනෙකුට මේ වනවිට ගැටලුවකි. සමහරුන්ට එය කුසගින්නට වඩා එහා ගිය එකක් වන අතරේ කුසගිනි නිවෙන්නට යමක් මිලදී ගන්නට මුදලක් සොයාගත නොහැකිව නිවසේ සිරවී සිටීම තවත් කෙනෙකුට ගැටලුවකි. 

එදා වේල හම්බකරගෙන කෑ අහිංසකයන්ට සැබවින්ම මෙය දුර්භික්ෂ සමයකි. නීතියට එරෙහිවීමට නොහැකිකමින් නිවසේ රැඳෙනවා විනා කුසගින්න හමුවේ ඔවුනට සෞඛ්‍ය යනු නොගැනිය හැකි තරමේ එකකි. ඔවුන් ගෙදර රැඳෙන්නේ කොරෝනා වැළදේ යැයි නොව, අවේලාවේ කුලියක් මලියක් සොයා ගියහොත් පොලිසියට හසුවේ යැයි බියෙනි.

මනුස්සකම් පෙරටු කරගත් අපේම සහෝදර ජනතාව නැති බැරි අසරණයන් වෙනුවෙන් කෙතරම් කෑම බීම රැගෙන ගියත් ඔවුනට මගහැරෙන එකෙකු හෝ මේ ලංකා භූමිය තුළ සිටිය නොහැකි බවට අප සහතික කරන්නේ කෙසේද?

ඊයේ එවැන්නෙක් හමුවිය. මට පමණක් නොව ෆේස්බුක් තුළින් ඔබ සියල්ලන්ටද ඔහුව හමුවන්නට ඇත.

කණගාටුවට කරුණ වන්නේ ෆේස්බුක් සාමාජිකයන් ඔහු සොයාගන්නා විටත් ඔහු සොරෙකු වී සිටීමය. සොරකම් කර ඇත්තේ වියළි ආහාරය. මීට පෙර සුළුවෙන් තැකූ මේ දිනවල මහමෙරක් සේ වටින වියළි ආහාරය. දන්නා තරමින් 5000ක් වැනි මුදලක්ද ඔහු විසින් සොරකම් කර තිබුණි. 

සොරකම කවුරුන් කලත් වරදකි. අවිවාදයෙන් යුතුවම අපට එය පිළිගැනීමට සිදුවන්නේය. මේ හොරා අතටම අල්ලා නොගන්නට ඔහු මුළු ගමම හිස් කරන්නට තිබුණි. එසේ සිතූ ගමේ අය ඔහු අල්ලා වරද නිවැරදි වනතුරු හොඳ හැටියට පහර දී කණුවක තබා ගැටගසා තිබුණි. ඇඳ සිටි ටී ෂර්ටය ගලවා දෑත් පිටුපසට කොට ගැටගසා තිබුණේ පොලිසිය පැමිණෙනතුරු ඔහුට පැන යාමට නොහැකි වන්නට වැඩි පරිස්සමට වන්නට පුළුවන. 

වැඩිදුර ආරක්ෂාව වෙනුවෙන් ගමේ අය ඒ අහල පහළම රැඳී සිටින බවක් දැකගන්නට ලැබුණේද හුවමාරු වුණ ඡායාරූපවලිනි.

මෙතෙක් වේලා මා ඔබට කියන්නට වූයේ ඡායාරූපවලින් බැලූ බැල්මට පේන්නට ඇති කතාවයි. මා දුටු එහි නොපෙනෙන කතාව ඔබ අතරින් කිහිප දෙනෙකු හෝ දකින්නට ඇති බව සිතමි. එසේ වීනම් මා කඩා වැටුණු අයුරින්ම ඔබද කඩා වැටෙන්නට ඇත. ඔහුද මිනිසෙකි. මවකගේ පුතෙක්, බිරිඳකගේ සැමියෙක්, දරුවන්ගේ පියෙක් වන්නට ඇත. නොවන්නටද හැක. ඔහුගේ මුහුණ දෙස බලනා කල සොරෙකු පරයා ඉහළ මතුවන්නේ කුසගින්නෙන් අසරණ වුණ මනුස්සයෙක්, හඬන දරුවන් වෙනුවෙන් කෑමක් සොයන පියෙක් නොවේනම් සැබැවින්ම ඔබේ මිනිසත්කම ගැන ඔබ තුළම ප්‍රශ්න ඇසිය යුතු කාලය එළඹ ඇත.

සොරකමට ඔහුව පෙළඹවූ අසරණකම ඔහු තුළින් වුවමනාවටත් වඩා දිස්වන බව මේ මොහොතේ ඔබට, මට පෙනුණද ගමේ මිනිසුන්ට නොපෙනෙන්නට ඇත. ඔවුන්ට දොසක් නැගීමටද බැරිය. දෙපාර්ශවයම සිටින්නේ කුසගින්න සමග තරගයකය. කුසගින්නට බියවූ මනුසත්කම පලාගොස් ඇත. ඔවුන් අල්ලාගත් සොරා දෙස හොඳින් බලන්න. හොඳින් කා බී කරන්නට යමක් නොමැතිකම නිසාම ඉහළ මතුවන උදරය අඩු කරගැනීමට වෙහෙසෙන සමාජයක ඔහුගේ බඩ පොතටම ඇළිලාය.

ඔබට සොරෙක් වූ මට තාත්තෙකු වූ ඔහුගේ අසරණකමට තවත් සාධක අවශ්‍ය වන්නේද නැත. මේ උත්සාහය ඔබේ ඒ සොරා කළ සොරකම නිවැරදි යැයි ඔප්පු කිරීමට නොව මිනිසත්කමේ වටිනාකම ඔබට අවබෝධ කරවීමටය.

මනුෂ්‍යත්වය වෙනුවෙන් ස්වභාවධර්මය ලබා දුන් මේ වැදගත්ම අවස්ථාවත් ඔබ ප්‍රයෝජනයට ගන්නේ මෙලෙසින් නම් මේ ඔබගේ අවසන් අවස්ථාව බවත් සිහියේ තබා ගැනීම මැනවි.

රිද්මි පතිරණ



Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook