Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සමහර පැතිවලට කන්න කෑම නෑ. තවත් සමහර පැතිවලට බොන්න වතුරවත් නෑ
ජනාධිපතිතුමනි අපි නිරෝධායනය වෙන්න කැමතියි 
වැදල කියන්නම් අපි ලංකාවට ගෙන්නව ගන්න

කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් එක්ක හැම රටක්ම මේ වෙද්දී ලොකු අවධානම් තත්ත්වයකට මුහුණ දෙමින් තමයි ඉන්නේ. ලෝකය පුරාම දිනකට ආසාදිතයින් ඉතා විශාල ප්‍රමාණයක් වාර්තා වනවා. දිනකට මියයන සංඛ්‍යාවත් හරිම විශාලයි. මොනතරම් ජනග්‍රහණය ඉන්න රටකට වුණත් මේක දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.

අසල්වැසි ඉන්දියාවත් මේ අතරේ ඉන්නවා. දවසින් දවස ඉන්දියාවේ තත්ත්වයත් බොහොම දරුණු මුහුණුවරක් ගන්නවා කිව්වොත් හරි. 
මේ වෙද්දී ඉන්දියාවත් අපි වගේම ලොක්ඩවුන් කරලා දැන් ගොඩක් දවස්. ඒ රටේ මිනිස්සුත් අපි වගේම ගෙවල් ඇතුළට වෙලා හිරවෙලයි ඉන්නේ. සමහර පැතිවලට කන්න කෑම නෑ. තවත් සමහර පැතිවලට බොන්න වතුරවත් නෑ. ඉතා විශාල ජනගහනයක් ඉන්න රටක් වුන ඉන්දියාවේ මේ වෙද්දී බොහෝ දෙනෙක් තැන් තැන්වල අසරණ වෙලා.

මේ අතරේ ඉන්දියාවේ ඉගනගන්න ගිය අපේ රටේ අහිංසක සිසු සිසුවියන් කරපු බොහොම සංවේදී වීඩියෝ කිහිපයක් පහුගිය දවසක අන්තර්ජාලයට එකතුවෙලා තිබුනා. ඔවුන් හැමෝම උදව් ඉල්ලනවා.

ඉන්දියාවේ ප්‍රාන්ත විශ්වවිද්‍යාල කිහිපයකම ඉගනුම ලබන සිසුන් ගණනාවක්ම මේ විදිහට වීඩියෝ මගින් ලංකා රජයෙන් ඉල්ලා සිටියේ තමන්ව් පුළුවන් ඉක්මනින් ඉන් ගලවාගන්නා ලෙසයි. 

කොරෝනා වසංගතය ශීඝ්‍ර ලෙස ඉන්දියාව පුරාම පැතිරෙමින් පවතින අවස්ථාවක තවදුරටත් බීමට ජලය හෝ නොලැබෙන තත්ත්වයක් උඩ මෙලෙස කාමරයකට කොටුවී සිටීම ජීවිතවලටද අවධානමක් ගෙන එන බවයි ඔවුන් පවසන්නේ.

ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් වෙත ඉල්ලීමක් කරමින් ඔවුන් වැඩිදුරටත් එහිදී සඳහන් කලේ තමන්ව ලංකාවට ගෙන්වන්නේනම් රජය පවසන ඕනෑම තරම් කාලයක් නිරෝධායනයට යොමුවීමට ඔවුන් කැමති බවයි. 

නවදිල්ලි, ගුජරාට්, මනිපූර්, කල්කටා, ඔශීඩා, උත්තර් ප්‍රදේශ්, කර්ණාටක, පන්ජාබ් වැනි ප්‍රදේශ රාශියක අධාපනය ලබන සිසුන් විශාල ප්‍රමාණයක් තමන් පත්ව සිටින අපහසුතාවය මෙලෙස වීඩියෝ මගින් අන්තර්ජාලය වෙත මුදාහැර තිබුනා.

රිද්මි පතිරණ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook