Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රටේ සියලු ජනතාව වසංගත තත්ත්වය හමුවේ සංවේදී වී ඇති මොහොතක මහ මැතිවරණයක් පැවැත්වීම හෝ නොපැවැත්වීම හෝ පිළිබඳ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ව ජනාධිපතිවරයා විසින්ම ගත යුතු බවත් කොරෝනා වසංගතයට මුවාවෙමින් රජය සිදුකරන නීතිය අභියෝගයට ලක් කිරීමේ ක්‍රියාකාරකම් පිළිබඳවත් විපක්ෂය අවධානයෙන් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

මාධ්‍ය මර්දනයකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිදහස් කිරීමට රජය සූදානම් වන බවත් විපක්ෂය විසින් රජයට පූර්ණ සහය ලබාදී ඇත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා මිසක කොරෝනා වලට මුවා වෙමින් රටේ නීතිය හෝ ව්‍යවස්ථාව අභියෝගයට ලක් කිරීමට නොවන බවත් ඔහු සඳහන් කරයි.


රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල අනුව , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගත යුතු බවත් රුවන් විජයවර්ධන මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.

“මේ මොහොතේ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවයක් නැති බවත් මැතිවරණ කොමිසම විසින් අදාළ තීරණය ගත යුතු බවත් පවසමින් පසුගියදා ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලද ලිපියට අදාළව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ස්ථාවරය මාධ්‍යයට දැනුම් දීම සඳහා මෙම විශේෂ ප්‍රකාශය සිදුකිරීමට පියවර ගැනුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණය ගත යුතු යුතුයි. විවිධ පාර්ශ්වයන් වෙත අදාළ වගකීම දෝලනය කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. රට තුළ තිබෙන වාතාවරණය සැලකිල්ලට ගනිමින් රුපියල් කෝටි පන්සීයකට අධික මුදලක් වැය කිරීමට සිදුවන මහ මැතිවරණය මේ මොහොතේ රටේ ආර්ථිකයට ද දරාගත නොහැකි වෙනවා.

සියලු දේශපාලන භේද පසෙකලා විපක්ෂය පවා මේ මොහොතේ රට වෙනුවෙන් කොරෝනා වසංගතය මැඩපැවැත්වීම සඳහා රජයට සහය පළ කර ඇති මොහොතක ජනාධිපතිවරයා ඇතුළු රජය තීරණය කළ යුත්තේ දේශපාලන බලය ගොඩනගා ගන්නවාද, නැතිනම් බිඳ වැටුණු රටත්. ආර්ථිකයත්, ජනතාවගේ ජීවිතත් ගොඩනැංවීම වෙනුවෙන් කටයුතු කරනවාද යන්නයි.

පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකරමින් රටේත් ජනතාවගේත් සුභසිද්ධිය වෙනුවෙන් සියලු දෙනා කැපවීමෙන් වැඩ කිරීමේ අවශ්‍ය වෙනවා. එක්සත් ජාතික පක්ෂය මැතිවරණය සදහා මුහුණ දීමට ඕනෑම අවස්ථාවක සූදානම්.

මේ තීරණාත්මක මොහොතේ අවශ්‍ය වන්නේ මහමැතිවරණයක් පැවැත්වීමට වඩා රටත් ජනතාවත්, ආර්ථිකයත් ශක්තිමත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම සදහා රජය මැදිහත් වීමයි.”

මීට අමතරව මේ වන විට රජය විසින් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් රටේ නීති පද්ධතිය පවා අභියෝගයක් වී ඇති බවද සඳහන් කළ රුවන් විජයවර්ධන මහතා මේ අවස්ථාවේ යම් ආකාරයකින් මාධ්‍ය මර්දනයක් සඳහා රජය උත්සාහ කරමින් සිටින බව ද පෙන්වා දුන්නා.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ රජයට සහ රජයට සම්බන්ධ පුද්ගලයන් අගතියට පත් කරමින් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කළ බවට චෝදනා කරමින් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සිහිපත් කළ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තම පක්ෂය ද විරුද්ධ නොවන බව සඳහන් කළේය.

නමුත් බරපතල තත්ත්වය වී ඇත්තේ විපක්ෂයට අභූත සහ අසත්‍ය චෝදනා එල්ල කරන කිසිවෙකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම බව ද ඔහු පැවැසීය.

එමෙන්ම රජය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු නිදහස් කිරීමට සූදානම් වන බවට ද මේ වන විට තොරතුරු වාර්තා වී ඇති බව සඳහන් කළ විජයවර්ධන මහතා මේ පිළිබද රජය විසින් තම ස්ථාවරය වහා රටට හෙළි කළ යුතු බවද පෙන්වා දුන්නේය.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook