Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 27 දක්වා ඉහළයයි
අවධානම ඉහලටම

නාවික හමුදා මූලස්ථානයෙන්, වැලිසර නාවික හමුදා කඳවුරෙන් සහ පොල්පිතිගම ප්‍රදේශයෙන් ඊයේ (29දා) දවස තුළ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් නවදෙනා සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 27 දක්වා ඉහළ ගොස් තිබේ.

වීරඹුගෙදර පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙපල්ලව හා අඹහැර ප්‍රදේශවලින් සෙබළුන් දෙදෙනකුත්, ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කොස්වත්ත හා අක්කර පනහ ප්‍රදේශයෙන් සෙබළුන් දෙදෙනකුත්, කුරුණෑගල කොට්ඨාසයෙන් හා වාරියපොළ පොලිස් බල ප්‍රදේශවලින් එක් සෙබළකු බැගින් හා රිදීගම කොට්ඨාසයට අයත් රම්බඩගල්ල හා පිහිඹුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වූ වැලිසර නාවික හමුදා කඳවුරට අයත් නාවික සෙබළුන් දෙදෙනකු හා පොල්පිතිගම කොට්ඨාසයට අයත් මාඑළිය, හංගමුව ප්‍රදේශයේ පදිංචි හැත්තෑ දෙහැවිරිදි කාන්තාවකද මෙසේ නව කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනිණි.
මෙම කාන්තාව නාවික හමුදා මූලස්ථාන කඳවුරේ පරාක්‍රම ඒකකයට අනුයුක්තව සේවය කරනු ලබන නාවික සෙබළකුගේ ඥාතිවරියක වීමද විශේෂත්වයකි. කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් දඩපලගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම නාවික සෙබළා ඇයගේ දියණියක හා විවාහ වී සිටින අතර ඔහු නිවාඩු ලබා ඉකුත් 20 වැනි දින නිවෙසට පැමිණ 22 වැනි දින සිය නැන්දණිය බැලීම සඳහා මාඑළිය, හංගමුව ප්‍රදේශයට ගොස් ඇති බවට වාර්තා වේ. පසුව ඔහු ඉකුත් 27 වැනි දින යළිත් නාවික හමුදා මූලස්ථානයේ රාජකාරි සඳහා රපෝර්තු කර තිබේ.

ඒ අනුව 27 වැනි දින බරපතළ ලෙස අසනීප තත්ත්වයට පත් කාන්තාව පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කළ අතර එහිදී ඇයගේ තත්ත්වය අයහපත් වීම නිසා ඊයේ (29දා) ඇය රෝහලට මාරුකර යැවිණි.

එම රෝගියා සමඟ පොල්පිතිගම රෝහල් වාට්ටුවේ රෝගීන් දෙදෙනකු ප්‍රතිකාර ලබමින් සිටි බැවින් එම රෝගීන් දෙදෙනා හා රෝගී කාන්තාවට වෙදකම් කිරීමට වාට්ටුව තුළ රැඳී කටයුතු කළ වෛද්‍යවරුන් දෙදෙනකු, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 13 දෙනකු ආරක්‍ෂිත ස්ථානයක් වෙත නිරෝධායනය කිරීමට යැවීමට කටයුතු කර තිබෙන නමුත් එම ස්ථානය කොතැනකදැයි කියා නිශ්චිතව කිව නොහැකි බවත් පොල්පිතිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි බුද්ධික කුරුකුලආරච්චි මහතා පැවැසීය.

ඒ අතර රෝහල් පරිශ්‍රය විසබීජහරණය කරන තෙක් රෝගීන් රෝහලට ඇතුළු කිරීම හා බාහිර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදීම තාවකාලිකව පෙරේදා (28දා) උදේ වරුවේ නවතා තැබීමට සිදුවූ බවද වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම තත්ත්වය හේතුවෙන් පොල්පිතිගම වෙළෙඳ සංගමය එක්ව වෙළෙඳසල් බොහෝමයක් ඊයේ (29දා) දවස පුරා වසා තැබීමට පියවර ගෙන තිබිණි.

– mawbima

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook