Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මාස්ක් නැතුව රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට ඇවිත්
කාර්ය මණ්ඩලය රෝහල තුළම නිරෝධායනයට

ගම්පහ මූලික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

අධ්‍යක්ෂවරයා ඔහුගේ නිවසේද, හෙදියන් තිදෙනෙක් අවිස්සාවේල්ල රෝහලේ නිරෝධායන මධ්‍යස්ථානවලටද යොමුකර ඇති අතර තවත් හෙද සොයුරියක් සහ සුළු කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ගම්පහ රෝහල තුළම නිරෝධායනයට යොමුකර ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.

සීදූව විශේෂ බළකා කඳවුරේ කපිතාන්වරයකු රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පසුගියදා පැමිණ ඇති අතර පසුව ඔහු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන තිබෙනවා.


මේ අවස්ථාවේදී හමුදා නිලධාරියා මෙන්ම රෝහල් අධ්‍යක්ෂවරයාද මුහුණු ආවණ පැලඳ සිට නැති බව රෝහල් සේවකයෝ පවසනවා.

කපිතාන්වරයා පැමිණ අධ්‍යක්ෂවරයා හමුවූ කාර්යාල කාමරයේ රෝහලේ හෙද සොයුරියක හා සුළු සේවකයින් දෙදෙනෙකුද සිටියා.

මේ වනවිට රෝහල තුළ නිරෝධායනය වන්නේ ඔවුන් තිදෙනායි.

රෝහල් අධ්‍යක්ෂවරයා ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනය වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ඉහත හමුදා කපිතාන්වරයාගේ පීසීආර් පරීක්ෂණ සඳහා දායකවූ වෛද්‍යවරයා, හෙදිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook