Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අත්‍යවශ්‍ය හේතුන් හැර ඉදිරි සති 02ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ ගම්පහ දිස්ත්‍රික්යේ කෝවිඩ් 19 රෝග නිවාරණය සදහා අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මෙම කමිටුවේදී අනාවරණය වුනේ ගම්පහ දිස්ත්‍රික්කයට වෙනත් ප්‍රදේශ වලින් පැමිණි 15000ක පමණ පිරිසක් තවමත් ගම්පහ දිස්ත්‍රික්කයේ බෝඩිං ආශ්‍රිතව සිටින බවයි. නිදහස් වෙළද කළාප වලට බාහිරව වෙනත් කර්මාන්ත ශාලා , වැඩ බිම් හා මිනිස් බල සැපයුම් ආයතන වල සේවක සේවිකාවන් මෙලෙස දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව සිටින බව මෙහිදී හෙලි විය. කටුනායක හා සීදූව බල ප්‍රදේශ වල පමණක් 5000 කට අධික පිරිසක් සිටින බව පොලිසිය මෙහිදී අනාවරණය කළේය. සෞඛ්‍ය අංශ අවධාරණය කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 රෝගය පාලනය කිරීමටනම් අත්‍යවශ්‍ය හේතුන් හැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුදගලයන් වෙනත් දිස්ත්‍රික්ක වලට යැවිම හා වෙනත් දිස්ත්‍රික්කවලින් ගම්පහට පැමිණිම සම්පූර්ණයෙන්ම නතර කල යුතු බවයි.


ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මේ පිරිසට සිය ගම්බිම් බලා යාමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ඔවුන්ට සහන සැලසීම සදහා වැඩ පිළිවෙලක් සකස් විය යුතු බවයි. ඒ අනුව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල එකගතාවය ලැබුණ වහාම ඔවුන් ගම්බිම් වලට පිටත් කර හැරීමටත් එතෙක් ඔවුන් වෙනුවෙන් සහන සැලසීමේ කඩිනම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩ පිළිවෙල සදහා ලබා දී ඇති ඇදිරි නීති බල පත්‍ර අවභාවිතා කිරීමේ සිද්ධින් පිළිබදව ද කමිටුවේ විශේෂ අවධානය යොමු විය. පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ඇදිරි නීති බලපත් 7191ක් ලබා දී ඇති බවයි. ඇදිරි නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 2718 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාහන 349ක් හා යතුරු පැදි 410ක් පොලිස් භාරයට ගත් බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කලේය. මෙම ඇදිරි නීති බල පත්‍ර නැවත විමර්ෂණය කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය පොලිස්පති වරයා මෙහිදි පෙන්වා දුන්නේය.

ඒ අනුව දිස්ත්‍රික් කමිටුව තීරණය කලේ දැනට අත්‍යවශ්‍ය සේවා සදහා ලබා දී ඇති ඇදිරි නීති බලපත්‍ර යලි විමර්ෂණයකට ලක් කිරීමටයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා පත් කර ඇති ප්‍රාදේශිය කමිටුව මගින් මෙම ඇදිරි නීති බලපත්‍ර විමර්ෂණය කිරීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන බවට හා එම ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන බවට තහවුරු වන අයගේ බලපත්‍ර අහෝසි කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

– ප‍්‍රදීප් අනුර කුමාර

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook