Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමුන් මෙරටට රැගෙන එමින් තිබූ රුපියල් කෝටි හයසියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් හාරසියයක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් සියයක් සමග ඉරාන ට්‍රෝලර් යාත්‍රා ඇතුළු ට්‍රෝලර් 4ක් ​ඊයේ (02 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් හයසියයක් ඈතින් වූ සමකය ආසන්නයේදී නාවික හමුදාව මෙම වැටලීම සිදු කළා.

පොලී‍ස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් යොදවා ගැඹුරු මුහුදේ විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. මෙම මෙහෙයුම සදහා ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන් වන ශ්‍රී ලංනානෞ සමුදුර සහ ශ්‍රී ලංනානෞ සිදුරල යන නෞකාවන් මසකට ආසන්න දීර්ඝ මෙහෙයුමක යොදවන ලදි. මෙහිදී ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු සීමාවේ හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 75 ට ආසන්න ප්‍රමාණයකුත් අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ 66 කට ආසන්න ප්‍රමාණයකුත් ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රි ලාංකික ධිවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සිදුවිය. වැඩිදුර විමර්ෂණයේදී මෙලෙස ශ්‍රී ලංකාවෙන් බහුදින ධීවර කටයුතු කරන මුවාවෙන් පිටත්වූ ධිවර යාත්‍රාවන් හට මත්ද්‍රව්‍ය ලබාදීමට ගැඹුරු මුහුදේ රැදීසිටි ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත යාත්‍රාවක් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගන්නා ලදි. 
මෙම ධිවර යාත්‍රාව ගැන ඇති වූ සැකය මත පරීක්‍ෂා කරන ලද අතර, එහිදී ලබාගත් තොරතුරු මත එලෙසම ගැඹුරු මුහුදේ රැදී සිටි තවත් එවැනිම ධජ හිමි රාජ්‍ය (Flag State) රහිත මුහුදු යාත්‍රාවක් දින 04 ක දීර්ඝ මෙහෙයුමක් අතරතුර අත්අඩංගුවට ගැනීමට හැකිවිය. එහිදී සිදුකල පරීක්‍ෂාවේදී එම යාත්‍රා තුල තිබී හෙරෝයින් බවට සැක කෙරෙන තවත් මත්ද්‍රව්‍ය පැකට් 329 ක ප්‍රමාණයකුත් අයිස් බවට සැකකෙරෙන තවත් මත්ද්‍රව්‍ය පැකට් 50ක ප්‍රමාණයකුත් සොයා ගන්නා ලදි. කෙසේ නමුත් මෙම මෙහෙයුම ශ්‍රි ලංකාවේ සිට නාවික සැතපුම් 600 (ක්‍රි.මී 1111) පමණ දුරක සිදුකල අතර, සම්පූර්ණ මෙහෙයුම සදහා දින 30 ක කාලයක් ගතවිය. ඒ අනුව මෙම සමස්ත මෙහෙයුමේදී පැකට් 397 ක් තුල අසුරා තිබූ හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ.400 ක පමණ ප්‍රමාණයක්ද පැකට්100 තුල අසුරා තිබූ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ.100 පමණ ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගැනීමට හැකිවිය. මෙය මෙතෙක් මුහුදේදී සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ඉහළම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන අතර, ඒවා කිලෝ ග්‍රෑම් වලින් ලබාදීමට කටයුතු කරන ලදි. ඉහත අත්අඩංගුවටගත් තොගයන් මත්ද්‍රව්‍ය බවට සනාථ වුවහොත් ඒවායේ වටිනාකම රුපියල් කෝටි 600 කට ආසන්න විය හැක.

ශ්‍රි ලංකා නාවික හමුදාව සමකය ආසන්නය දක්වා වූ ගැඹුරු මුහුදේ මෙම මත් ද්‍රව්‍ය සැපයීමේ ජාලය නවතාලීම සදහා කටයුතු කල අතර, ඒ සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උපාය දූතයන්ගේ සහායද ලබාගැනීමට කටයුතු කරන ලදි. මෙම මත්ද්‍රව්‍ය සැපයීමේ ජාලය චන්ද්‍රිකා දුරකතනය හරහා උපදෙස් ලබාදෙමින් සිදුවූ අතර, ශ්‍රි ලංකා නාවික හමුදාව තාක්‍ෂණික ක්‍රමෝපායන් ක්‍රියාවට නංවා එම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි ශ්‍රි ලංකා බහුදින ධිවර යාත්‍රාවන් හා ඩිංගි යාත්‍රාවන් මෙන්ම එම කටයුතු වල නිතරවී සිටි ශ්‍රීලාංකික ධිවරයින් මෙන් වෙස්ගත් මත්ද්‍රව්‍ය සැපයුම් කරුවන්ද අත්අඩංගුවට ගන්නා ලදි. මෙම මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය චන්ද්‍රිකා දුරකථන මාර්ග ඔස්සේ විදේශ රටක සිට මෙහෙයවන ලද්දක් බවට තොරතුරු ලැබී ඇත. ගොඩබිමට ගෙනෙන මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මාතර, දික්වැල්ල ප්‍රදේශයේ කුඩාවැල්ල වෙරළට පැමිණි මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලයේ පුද්ගලයින්ද මෙම මුහුදු ගොඩබිම් ක්‍රියාන්විතයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අත්අඩංගුවට පත්විය.

මේ පිළිබද පරීක්‍ෂණ තවමත් සිදුකරමින් පවතින අතර, අත්අඩංගුවටගත් යාත්‍රා වරායට ගෙන දැඩි සෝදිසියකට ලක්කිරීමෙන් අනතුරුව වැඩිදුර විස්තර මාධ්‍යවෙත නිකුත් කිරීමට නියමිතය. ශ්‍රි ලංකා නාවික හමුදාව 2019 වර්ෂයේදී හෙරෝයින් ක්‍රි.ග්‍රෑ. 762.253, කේරල ගංජා ක්‍රි.ග්‍රෑ. 3653.427, අයිස් මත්ද්‍රව්‍ය ක්‍රි.ග්‍රෑ. 3.010 යන ප්‍රමාණවලින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ශ්‍රි ලංකාව මතින් තොර දිවයිනක් බවට පත්කිරීමට නිරතුරුවම තම අවධානය යොමුකර ඇත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook