ඒ නිසා මම කැමැති වුණා. අනික මට ඒක බරපතල විදිහට දැනුණේ නැහැ
ඒ කාලෙ බබාලා පොඩි නිසා වෙලාවත් මදිවුණා. අපි ඇත්තටම වයසට යද්දිනේ අපිට දැනෙන්නේ අපි තරුණ විදිහට ඉන්න ඕනෑ කියලා
මේ දිනවල විකාශය වන හතේ කල්ලිය හා මඩොල්කැලේ විරයෝ ටෙළි නාට්‍ය වලින් අපට හමුවන මේධා ජයරත්න අපේ රටේ ප්‍රසිද්ධ වූයේ නිවේදිකාවක් ලෙසිනුයි. පසුකාලයක රංගනයට පිවිසෙන මේධා සිය නිවේදන භූමිකාව අභිබවමින් නිළියක ලෙස ජනතාව ගේ ආදරයට පාත්‍ර වෙනවා. ජනප්‍රියත්වය නිසාම තමන් කරන කියන හැම දෙයක් ගැනම ජනතාවගේ අවදානයට ලක්වීමේ කාරණය හේතුකරගෙන මේ දිනවල මේධාගේ කලා කටයුතු සේම පුද්ගලික දිවියේ ඇතැම් සිදුවීම් නිසාත් මිනිසුන්ගේ අවධනයට පාත්‍ර වි තිබෙනවා.
පසුගිය කාලයේ මේධා ළමයින් වෙනුවෙන් නිර්මාණය වූ ටෙළි නාටය වලට වැඩියෙන් නැඹුරු වූයේ ඇයි?
පහුගිය කාලේ වැඩිපුර වයස පෙන්වන චරිත කරපු එකෙන් මට අසාධාරණයක් වුණා කියලා මට දැනුණා. ඒකට වැඩියෙන්ම බලපෑවේ වස්සානේ ප්‍රෙමයෙන් මම කළ චරිතයත් එක්ක. පාරේ දැක්කමත් මට ගොඩක් අය කියන්න ගත්තා ඇයි ලොකු අයගේ අම්මාට ර`ගපාන්නේ කියලා. මොකද අපේම වයසට සමාන අයගේ අම්මාට ර`ගපාන්න ගියහම අපිව මේකප් කරලා තවත් වයස බව පෙන්වනවානේ.
හානියක් වන බව දැන දැන එවැනි වියපත් චරිත වල ර`ගපාන්න කැමත්ත ප්‍රකාශ කළේ ?
මම ලංකාවේ හිටියේ නැහැනේ. අවුරුදු ගාණකට පස්සේ ලංකාවට ආපු ගමන් මොකක් හරි දෙයකට සම්බන්ධ වෙන්න වුවමනාව තිබුණා. ඒ නිසා මම කැමැති වුණා. අනික මට ඒක බරපතල විදිහට දැනුණේ නැහැ. මොකද මම කරන්නේ චරිතයක් විතරයිනේ. නමුත් චරිතය ලංකාවේ මිනිස්සු බලන විදිහ වෙනස්නේ. ඔවුන් අපි දිහා බලන්නේ අපි කරන චරිතයට අනුවනේ.
වියපත් චරිත භාරගැනීම නිළියක් විදිහට ඔබේ රංගනය දිවියට ලොකු බලපෑමක්ද ?
ලොකු බලපෑමක් වෙනවා කියලා නෙවෙයි මම කියන්නේ. ඒත් මම හිතුවා තව ටික කාලයක් මේ වගේ චරිත කරලා ඇත්තටම අපි වයසට යනවානේ කියලත්. මෙහෙම වුණහම තරුණ අයගේ මව් චරිත ර`ගපානවා කියලා.
කෙසේ වුවත් සැබෑ දිවියේ ඔබ වයසට යෑම අතරමගදී නතර කරගෙන සිටින හැඩයි ?
ඉස්සරට වඩා මම හැමදාම ජිම් එකට යනවා. ජිම් එකට යන නිසා වෙන්නැති පෙනුම මේ විදිහට තියෙන්නේ.
ඉස්සරට වඩා දැන් ශරිරයේ පෙනුම විලාසිතා ගැන උනන්දු වෙනවාද?
ඒ කාලෙ බබාලා පොඩි නිසා වෙලාවත් මදිවුණා. අපි ඇත්තටම වයසට යද්දිනේ අපිට දැනෙන්නේ අපි තරුණ විදිහට ඉන්න ඕනෑ කියලා. ඒකනේ ඇත්තම කතාන්දරේ. අනික මම ඒ කාලේ ඉ`දන්ම විලාසිතා වලට කැමැතියි. මම මගේ ඇ`ගට ගැලපෙන ඕනෑම විලාසිතාවක ඇ`දුමක් අ`දිනවා.
මේ දේවල් තුලින් ජනතාව ගේ ආකර්ශනය ර`දවා ගැනීමත් එක් අපේක්ෂාවක් නේද?
අපි අපේ වෘත්තියේ හැටියට මිනිස්සුන්ගේ ආකර්ෂණයට ලක්වෙන විදිහට ඉන්න ඕනෑනේ. පහු ගිය කාලේ මට ගොඩක් ෆොටෝ ෂූට් වලට ඇරයුම් ලැබුණා. මම ඒ ෆෝටෝ ෂූට් වලදි වෙනදා මම ඉන්නවාට වඩා වෙනස් විදිහට පෙනී ඉන්න උත්සාහ කළා. මේ දෙවල් එක්ක තමයි මගේ ඇ`දුම් හා පෙනුම ගැන වැඩි අවධානයක් ඇතිවන්ට ඇත්තේ කියලා මම හිතනවා.
ඔබගේ දිවියේ පුද්ගලික තොරතුරත් මේ දිනවල ප්‍රසිද්ධියට පත්වෙමින් පවතිනවා නේද?
ඔව්. මීට ටික කාලෙකට කලින් අපි දෙන්නා දික්කසාද වුණා. මට ඒක පත්තර වලට කියන්න ඕනෑ වුණේ නැහැ. ඒක අපේ පුද්ගලික කාරණයක් නිසා. මම ඔය ගැන ප්‍රසිද්ධියේ කතාකළා නම් ඒක මිනිස්සු කතාකරන මාතෘකාවක් වෙනවා. මට එහෙම වෙන්න ඕනෑවුණේ නැහැ. දරුවන්ගෙත් ෆොටෝ දාගෙන ඔය ගැන කතාකරන්න ඕනෑ නැහැ කියලා මම හිතුවා. අනික මට මගේ දික්කසාදයෙන් ප්‍රසිද්ධ වෙන්න ඕනෑවුණේ නැති නිසා මම නිහ`ඩව සිටියා.
නමුත් දැන් ඒ කතාව ප්‍රසිද්ධ දෙයක් වෙලා ඉවරයි නේද?
ඔව්. ඒත් මට ඒවට උත්තර දෙන්න වුවමනාවක් නැහැ. ඔය ගැන කියැවෙන සමහර දේවලූත් ඇත්ත නෙවෙයි.
අද ඔබ ගෙවන්නේ හුදකලා දිවියක්ද?
ඔව්. මං තනියම ජීවත් වෙනවා. කාලයක් මම මගේ අම්මත් එක්ක හිටියා. මගේ නංගි ඉන්නවානේ කොට්ටාවේ. මම නංගි ළ`ගත් ඉන්නවා. මගේ වැඩ වලට යන්න පහසුව නිසා මම ඇනෙක්ස් එක්ක අරගෙන ඉන්නවා.
ඉදිරියේදි මේධා ආදරය විවාහය ගැන හිතන්න ඉඩ තියෙනවාද?
ඉදිරියට වෙන දේවල් ගැන මට දැන්ම කියන්න බැහැ. මම මෙහෙම කරන්නේ නැහැ, මෙහෙම කරන්නේ නැහැ කියන තැනක මම නැහැ. වෙන දෙයක් වෙන්න ඇරලා බලාගෙන ඉන්නවා. මට මගේ ජීවිතයෙ ලොකු ලොකු බලාපොරොත්තු නැහැ.
ජීවිතයට අතිශය සමීප දේවල් වලින් වෙන්වීම අතහැර දැමීම දුරස්වීම කියන කාරණාවන් මේධාට සරළ විදිහට දකින්න පුළුවන්ද?
ඒක සැහැල්ලූ දෙයක් නෙවෙයි. ඒක අමාරු දෙයක්. නමුත් වෙන්න තියෙන දේවල් වෙනවා කියලා මම හිත හදාගෙන ඉන්්නවා. මුලදී මට ගොඩක් අමාරු වුණා මේ තත්වය භාරගන්න හා එයට හුරුවෙන්න. කාලයත් එක්ක අපි හැමදේටම හිත හදාගන්නවානේ.
කෙනෙකුගේ බාහිරින් දකින ලක්ෂණ මත කෙනෙකුගේ ජීවිත ගැන තීරණ ලබාදෙන සමාජයක මේධා ඒ සියල්ල බැහැර කර ජීවත් වෙන්න උත්සාහ කරනවාද?
මිනිස්සු අපි දිහා මතුපිටින් බලලා එක එක දේවල් කියයි. ඇත්තටම බැලූවොත් අපි ජීවිත කාලෙම අරයට මෙයට ඕනෑ විදිහටනේ ජීවත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ගැහැණු ළමයි අම්මාට තාත්තාට පෙම්වතාට සැමියාට ඕනෑ විදිහට ජීවත් වෙනවා. දැන් තමයි මම මට ඕනෑ විදිහට ජීවත් වෙන්නේ. මට වෙලාවකට හිතෙනවා අපි කැමැති දෙයක් කරන්න නැති මේ ජීවිතය මොක්කද කියලා.
ඔබ දැන් ගෙවන්නේ ඉතා ප්‍රීතිමත් දිවියක්ද?
මේ ජිවිතේ ගැන එහෙම සතුටු වෙන්න බැහැ. මේක දරුවන්ට ගොඩක් ලොකු බලපෑමක් සිද්ධ වෙන තීරණයක්නේ. ඒත් මම පසුතැවෙන්නේ නැහැ. මිනිස්සු මොනව කිව්වත් අපිට වෙන්න තියෙන දේවල සිද්ධ වෙනවා. ඒ දේ භාරගන්න අපිට සිද්ධ වෙනවා.
ධම්මිකා සුරංජි පතිරණ