Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ උකුසු කතාවත් සමග ‌පොදුජන පෙරමුණ තුළ මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව තිබූ විරෝධය විශාල ‌ලෙස ඉහළ ‌ගොස් ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාවත්, බැසිල් රාජපක්ෂ මහතාවත් මුණගැසී ඇති ‌ මැති ඇමැතිවරන් විශාල පිරිසක් ‌පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා කිසිසේත්ම විශ්වාස කළ ‌නොහැකි කටුස්සකු බවත්, උකුසු කතාව ප්‍රසිද්ධියේ කීම හරහා ඒ බව ඔප්පු ‌කොට ඇති බවත්ය.

මේ නිසා කිසිසේත්ම ඔහුව ‌පක්ෂය ඇතුළට වද්දා ‌නොගත යුතු බවද ‌මෙම මැති ඇමැතිවරුන් මහින්ද රාජපක්ෂ මහතාටත්, බැසිල් රාජපක්ෂ මහතාටත් ‌පෙන්වා දී තිබෙනවා.

එහිදී රාජපක්ෂවරුන්ද අවධාරණය ‌කොට ඇත්තේ තමන්ද සිරිසේනගේ එම උකුසු කතාව දුටු බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්ය.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ ‌පොහොට්ටුව පාර්ශ්වයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉලක්ක ‌කොට දැඩි ප්‍රහාර මාලාවක් එල්ල වීමට නියමිත බව දැනගන්නට තිබෙනවා.

මේ අතර සිරිසේන මහතාගේ ‌මේ උකුසු කතාවත් සමග ශ්‍රීලනිපයද දැඩි කලබලයට පත්ව සිටින බවක් දැනගන්නට තිබෙනවා.

මහමැතිවරණයක් ආසන්නයේ සිරිසේන මහතා කළ ‌මෙම ප්‍රකාශය නිසා ශ්‍රීලනිප අපේක්ෂකයන්ට ලැබීමට නියමිතව තිබූ ‌පොහොට්ටු පාක්ෂිකයන්ගේ මනාප ‌නොලැබී යාමත්, ‌පොහොට්ටු‌වේ අපේක්ෂකයන් ‌මෙම උකුසු කතාව අල්ලාගෙන සංවිධානාත්මකව ශ්‍රීලනිප අපේක්ෂකයන් මහමැතිවරණයෙන් පරාජය කිරීමට කටයුතු කිරීමත් ඊට ‌හේතුව වී තිබෙනවා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook