ලොකු ලොකු මිනිස්සු අස්සේ අපි කලබල වෙන්න ඕන නෑනෙ සර්
පුදුම සැලකිල්ලකනේ සර් මේ මනුස්සයට තියෙන්නේ.
හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ ප‍්‍රසිද්ධ උකුසු ප‍්‍රකාශයට පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට යන එන සෑම තැනකදීම විවිධ ප‍්‍රශ්නවලට මුහුණ පාන්නට සිදු විය. සමහරු එම උකුසු ප‍්‍රකාශයට උත්තර බඳින්නට කල්පනා කළත් තවත් සමහරු එම ප‍්‍රකාශයෙන් ගැලවෙන්නට සෑම උත්සාහයක්ම දරනු ලැබූහ. මහින්ද අමරවීර වැනි නායකයෝ නිතරම කීවේ හිටපු ජනාධිපතිතුමා එබඳු ප‍්‍රකාශයක් නොකළා නම් හොඳය කියා ය. කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහු කියූ උකුසු ප‍්‍රකාශය දඩමීමා කරගෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ශ්වයෙන් එල්ලවන ප‍්‍රහාර එන්න එන්නම දරුණු වන්නට පටන් ගත්තේය. ප‍්‍රහාරයන් දරුණු වනවාත් සමගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුපෙළ ආසන සංවිධායකයන්ගේ මතය වූයේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම අවස්ථාවේ මහ මැතිවරණයට වෙනම තරග කළ යුතු බවකි.
ඒ වන විට වන විට මෛත‍්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ද ලොකු ප‍්‍රශ්නයක් පොළොන්නරුවේ තිබිණි. ඒ වූ කලී කණ්ඩායම් නායකත්වය පිළිබඳ ප‍්‍රශ්නයයි. පොහොට්ටුව යටතේ ශ‍්‍රීලනිපය හා පොදුජන පෙරමුණ එක්ව තරග කරන්නේ නම් පොළොන්නරුව දිස්ත‍්‍රික් නායකත්වය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයා වන හිටපු ජනාධිපතිවරයාට හිමි විය යුතු බවට තර්ක කරන පිරිසක් ද වූහ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයෝ කීවේ එය හිටපු ජනාධිපතිවරයාට හිමි විය යුතු බවය. එහෙත් ශ‍්‍රී ලංකා පොදුජන පොදු ජන පෙරමුණේ රැස්වීම්වලදී පොලොන්නරුවේ රොෂාන් රණසිංහ දිස්ත‍්‍රික් නායකත්වය තමන්ට අවශ්‍ය බව දැඩි ලෙස කියා සිටියේය. මෙම ගැටලූව නිසා දෙපාර්ශ්වය අතර යම් නොහොඳ නෝක්කාඩුවක් හා හිත් අමනාපයක් නොතිබුණාම නොවේ.
බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම පරිදි ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන පෙළේ නායකයන්ගේ නාමයෝජනා අත්සන් කිරීම සඳහා පසුගිය සතියේ නිසි වේලාවක් යොදා ගෙන තිබිණි. ”එය ශ‍්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ” නාමයෝජනා ලැයිස්තුව ලෙස අත්සන් කිරීමට සියලූ කටයුතු සංවිධානය කර තිබූ අතර ඒ සඳහා 11 වන දා පෙරවරුවේ කොළඹ විජේරාම මාවතේ අගමැතිවරයාගේ නිල නිවසට පැමිණෙන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේත් අනෙකුත් පක්ෂවලත් නායකයන්ට ආරාධනා යවා තිබිණි.
නාමයෝජනා අත්සන් කිරීමේ උත්සවයේ ආරම්භක වැඩකටයුතු නිසි වේලාවට ආරම්භ විය. ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සියලූ කටයුතු ආරම්භ වූ අතර පොඩි ශාලාවක ලොකු පිරිසක් ඒකරාශී වී සිටි බැවින් තරමක තදබදයක් ද විය.
ටික වේලාවකට පසු තදබදය අතරින් මන්ත‍්‍රීවරු දෙපසට තල්ලූ කරමින් කවුදෝ අයෙකු ඉදිරියට එන අයුරු දුටු පක්ෂ නායකයෝ ඒ කවුදැයි සොයා බැලීය. ඒ පැමිණියේ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනය. ඒ වන විට ආගමික වතාවත් ආරම්භ වී තිබූ බැවින් හිටපු ජනාධිපතිවරයාටත් එකත් පස්ව ඊට සහභාගි වන්නට සිදු විය.
ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අගමැති මහින්ද රාජපක්ෂ නාමයෝජනා පත් වලට සුබ මොහොතින් අත්සන් කරනු ලැබුවේ කුරුණෑගල දිස්ත‍්‍රික් නායක අපේක්ෂකයා හැටියටය. අගමැතිවරයා නාමයෝජනා සඳහා අත්සන් තබන අවස්ථාවේ මුනුබුරු නිර්වන් ද ශිරන්ති රාජපක්ෂ මැතිනිය සමග පැමිණ සිටීම විශේෂත්වයකි. අගමැති ඉන්පසුව සිය මුනුපුරා අතට ගත් අගමැතිවරයා ඉතා සෞම්‍ය ලෙස ඔහුව සිප ගන්නා අයුරු කාටත් දැක ගත හැකි විය.
මේ මොහොතේ කවුරුත් බලා හිටියේ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ නාම යෝජනා අත්සන් කිරීම කෙසේ සිදුවේ දැයි කියාය. දිස්ත‍්‍රික්ක කිහිපයකම නායකයෝ නාමයෝජනා අත්සන් කළත් පොළොන්නරුවේ නාමයෝජනා පත‍්‍රය එහි නොවීය. හිටපු ජනාධිපතිවරයා අගමැති මහින්ද ළඟට පැමිණ මොන මොනවදෝ කතා කරන ආකාරය දෙස මාධ්‍යවේදීන් විමසිලිවන්තව බලා සිටියත් රසවත් යමක් සිදු වූයේ නැත. ඒ අතර මහින්දගේ කනට කර මොනමොනවාදෝ කියමින් සිටි මෛත‍්‍රිපාල සිරිසේන එකවරම සභා ගැබෙන් පිටව යන්නට ගියේය.
ඉන්පසු තේ පැන් සංග‍්‍රහය සඳහා සියල්ලෝම සහභාගි වූහ.
තේ පානය සඳහා නෙළුම් පොහොට්ටුවේ ආකෘතියට නිම කළ කේක් ගෙඩියක් සූදානම් කර තිබිණි. අගමැති මහින්ද කේක් ගෙඩිය කැපූ අතර පළමු කෑල්ල බන්දුල ගුණවර්ධන අතට දුන්නේය.
අතට දෙමින් ඔහු කීවේ ඔයාම කවන්න කෝ.. කියාය.
බන්දුල එම කේක් කෑල්ල පළමුවෙන්ම දිගු කළේ අනිත් පැත්තට හැරී විමල් වීරවංශ දෙසටය.
හොඳ හිතින් නේද කවන්නෙ. පරදින්න කියලා ප‍්‍රාර්ථනා කරල එහෙම නෙවෙයි නේද .? කියමින් විහිළුවක් කළ විමල් බන්දුලගේ කේක් කෑල්ලෙන් කොටසක රස බැලූවේය.
ඒ අවස්ථාවේ එතැනට ප‍්‍රසන්න රණවීර පැමිණ සිටියේය.
මොකෝ අද නම යෝජනා වලට අත්සන් කරේ නැත්තෙ.
ලොකු ලොකු මිනිස්සු අස්සේ අපි කලබල වෙන්න ඕන නෑනෙ සර්. අපි කල්පනා කළේ ආසනේට ගිහිල්ලා ගෙවල් වල කට්ටියත් එක්ක පිළිවෙළකට ඒ වැඬේ කරගන්න.
හරි. ඔයා ජනතාවත් එක්ක ඉන්න මනුස්සය නේ. ජනතාව අතරට ගිහිල්ලා ම ඒ වැඩෙත් කරන එක තමයි හොඳ.
සර්ට ඒ උත්සවයට එන්න කියල ආරාධනා කරන්නත් ඕන.
කවද්ද ඉතින් දිනේ.
සර්ම ඒ දිනේ තීරණය කරල කියන්නකො. සර්ට පහසු දිනයක්.
එහෙනම් මාර්තු 28 වෙනිදා යොදාගන්න වෙලාවක් බලලා.
පුදුම සැලකිල්ලකනේ සර් මේ මනුස්සයට තියෙන්නේ. ටිරාන් අලස් කීවේය.
ඒකට හේතුවක් තියෙනවා ටිරාන්. මෙයා කැලණියෙ වුණාට මෙයා ගිහිල්ලා කසාද බැඳගෙන ආවෙ මගේ ගමේම කෙල්ලෙක්ව.
හැබැයි ඉතින් සර් ටිකක් පරිස්සම් වෙලා ඉන්න වෙයි. ඒ මොකද මෙයා මිරිස් කුඩු කාරයා කියලයි ප‍්‍රසිද්ධ.
අගමැති මහින්ද ඇතුළු කවුරුත් ඒ කතාවට හඬනගා සිනාසෙන්නට පටන් ගත්හ.