කොරෝනා වෛරසය වැළඳී මුල්ලේරියාව IDH රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටිනවා.
මේ වන විට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිවසේ රඳවා ගනිමින් නිරෝධානය කිරීමේ වැඩපිලිවලක් ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කලේ.
කොරෝනා වෛරසය වැලදී සිටින ලාංකිකයා සහ ඔහු සමග ගමන් ගත් ඉතාලි ජාතිකයින් ගමන් කළ ස්ථාන සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
මේ වන විට ඔවුන් මාර්තු මස 3 සහ 8 යන කාල පරාසය තුල පහත ස්ථානවල සංචාරය කර ඇති බවට සමාජ ජාලා තුල සැරිසරනවා. කෙසේ නමුත්ක ඔබත් මෙම ස්ථානවල සංචරයේ යෙදුනේ නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.
25/02 Amaya Lake, Dambulla
26/02 – Amaya Lake, Dambulla
27/02 – Amaya Lake, Dambulla
28/02 – Royal Kandyan , Kandy
29/02 – Royal Kandyan , Kandy
3/03 – Amaya Lake, Dambulla
4/03 – Amaya Lake, Dambulla
5/03 – Amaya Lake, Dambulla
6/03 – Royal Kandyan , Kandy
7/03 – Royal Kandyan , Kandy
02/03 from Dickwella resort