ජයනි... ඔයා කවද්ද දැන් ගෙදර යන්නේ?
දෙදෙනා සිය කාමරයට වැද දොර වසා ගත්හ.
නෑ දුව මම මේ බැලූවෙ මේ කාමරේ ඉන්න දුව ඇවිල්ලද කියලා තේ එකක් ගෙනැල්ල දෙන්න
හෙතෙම වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ ද සිය විසල් නිවසෙහි කාන්තාවන් සඳහා නේවාසිකාගාරයක් පවත්වාගෙන ගියාය. ඉන් ඉතා ඉහළ ආදායමක් මාස්පතාම ලැබුවාය.
යුවළ මැදි වියේය. දරු සුරතල් බැලීමේ වාසනාව කුරිරු දෛවය විසින් ඔවුනට අහිමි කර තිබිණි. ‘‘අපේ මේ මහා බූදලේට කවදා හරි මොකද වෙන්නෙ? අපි දරුවෙක් අරං හදා ගනිමුද?’’ මේ ඔහු නිතර නිතර ඇයට කළ යෝජනාවකි.
‘‘අනේ මට බෑ ඔය කොහේවත් ඉන්න අවජාතක පැටවුන්ගෙ ජරාව අතගාන්න. බූදලේ අහක යන්නේ නෑ. මගේ මල්ලිගෙ පුතා ඉන්නෙ.’’ එවන් අවස්ථාවලදී ඇය දැක්වූ ප‍්‍රතිචාරයයි ඒ.
දුරකථන පහසුකම් එතරම් ප‍්‍රචලිතව නොතිබූ එම වකවානුවේ සන්නිවේදන කටයුතු බොහොමයක් කෙරුණේ ලියුම් මගිනි.
නේවාසික යුවතියන්ට තැපැල් මගින් ලැබෙන ලියුම් සූක්‍ෂ්ම ලෙස විවෘත කර කියවා බලා යළි ඒවා අලවා තබා ඔවුනට භාරදීම ඇය දිගින් දිගටම කරගෙන ගියාය. ඇගේ එම නරක පුරුද්ද නේවාසික යුවතියන්ගේ සැකයට බඳුන් වී තිබිණි. ඒ රහස් රැක ගැනීම කාන්තාවන්ට ඉතා අපහසු කාරියක් නිසාමය. යුවතියන්ගේ ලියුම්වල තිබූ අතිශය පෞද්ගලික තොරතුරු සමහර අවස්ථාවලදී ඇගේ කටින් කියැවිණි. ප‍්‍රශ්න කෙරිණි. ඇය මොන තරම් රහසිගතව මොන තරම් සූක්‍ෂ්ම ලෙස එම කටයුත්ත කළ ද යුවතියන්ගේ සැකයට ඇය බඳුන් වූයේ එපරිද්දෙනි. ඔවුහු ඒ පිළිබඳව සෙවිල්ලෙන් පසු වූහ.
එක් නේවාසික යුවතියකට රා. සේ. පි. තැපෑලෙන් ලිපියක් ලැබිණි. ඒ ඇය අයදුම්කරන ලද රැුකියාවකට අදාළ සම්මුඛ පරීක්ෂණයට කැඳවීම සඳහාය. එදින සන්ධ්‍යාවේ නේවාසිකාගාරයට පැමිණි ඇයට ඇන්ටිගෙන් එම ලිපිය ලැබිණි. ඕ උද්දාමයෙන් යුතුව එය විවෘත කළාය. විශ්මයකි. ලිපියේ ඇලී තිබූ අමු කොස් ඉරක් ඕ දුටුවාය.
‘‘ආණ්ඩුවේ කන්තෝරුවකින් ආපු ලියුමක කොහොමද කොස් ඉරක් තියෙන්නේ? අර අම්මණ්ඩි කොස් කප කපා ඉන්න කොට පෝස්ට්මන් ලියුම ගෙනැල්ලා දෙන්න ඇති. ඒ බඩුව ඒක කඩලා කියවන කොට අතේ ඇලිලා තිබිච්ච කොස් ඉරක් ලියුමේ ඇලෙන්න ඇති. ලියුම කියවලා අලවන කොට ඒ ගෑනි ඒක දැකලා නෑ.‘‘තරුණියෝ එසේ කතා කළහ.‘‘ගේ පිළිකන්නේ කුණුවළ බලාපල්ලා. අද කොස් කපලද කියල.’’ එක් තරුණියක් කීවාය.
‘‘හරියට හරි. කුණු වළේ අද දාපු කොස් .... තියෙනවා.’’ එක් තරුණියක් පිළිකන්නට ගොස් ආපසු පැමිණෙමින් කීවාය. ‘‘කාලයක් තිස්සේ තිබුණු අපේ සැකය අද හරියටම තහවුරු වුණා. අපි රෑට අංකල් ආවම කියමු. ඔවුහු කථිකා කළහ.
‘‘පලක් නෑ. ඒ අහිංසකයා අර අම්මණ්ඩිගෙන් බැණුම් අහන එක විතරයි වෙන්නේ.’’ තරුණියක් කීවාය.
‘‘අපට මොකෝ උන් දෙන්නා රණ්ඩු වුනාම. ඔන්න ඔහේ කියල දාමු’’. තවත් තරුණියක් කීවාය.
‘‘ජයනි... ඔයා කවද්ද දැන් ගෙදර යන්නේ?’’ ඇන්ටි එදින සන්ධ්‍යාවේ එම යුවතියගෙන් ඇසුවාය.
‘‘ඇයි ඇන්ටි එහෙම අහන්නේ?’’ ඕ විමසුවාය.
‘‘ඇයි ඔයාගෙ ඉන්ටවිව් එකට?’’ ඇන්ටි කීවාය
‘‘ඇන්ටි කොහොමද දන්නේ මම ඉන්ටවිව් එකකට යනවා කියලා?’’ ඕ යළි ඇසුවාය
‘‘ඇයි ඔය අද ලියුමක් ආවේ. ‘‘ඇන්ටි එසේ කියද්දී යුවතියෝ මුහුණින් මුහුණ බලා ගත්හ.
ඔවුන්ගේ සැකය වැඩිදුරටත් තහවුරු වූයේ එසේය.
කථිකා කරගත් පරිදි ඔවුහු එදින රැුයේ නිවෙස් හිමියාට සිය පැමිණිල්ල ඉදිරිපත් කළහ. ඒ එදින රැුයේ අහාර ගැනීමෙන් පසුව ඇන්ටි ඉදිරියේමය. අංකල් හිස සලමින් පැමිණිල්ල පිළිගත්තද ඇන්ටි සිය නිර්දෝෂීභාවය වෙනුවෙන් අසාර්ථක උත්සාහයක යෙදුණාය.
‘‘ආණ්ඩුවේ කන්තෝරුවල ඉන්න නෝනලා මහත්වරු කොස් කන්නේ නෑ කියලද ඔයාල කියන්නේ?’’ කෝපයෙන් උස් හඬින් ඇසූ ඇය ගස්සාගෙන කුස්සියට ගියාය.
සිද්ධිය එතැනින් නිම වූයේ නැත. මැදියම් රැුය පසු වෙන තුරුම යුවළගේ කාමරයෙන් මහා යුද්ධයක හඬ ඇහිණි.
ඔය ජරා වැඬේ දැන්වත් නතර කරන්න. ලැජ්ජාවේ බෑ. ඔහු ඇයට තරවටු ස්වරයෙන් කියනවා ඇහිණි. කවුරු කිවුවත් මම ඒක නතර කරන්නෙ නෑ. ඉන්න බැරි එකෙක් ඉන්නවා නම් ගියාවෙ. ‘‘සිය සැමියාගේ නියෝගයට ඇගේ ප‍්‍රතිචාර එසේ විය.
හරි මම දන්නවා එයාට දෙන්න ඕන නියම දඬුවම. දඩබ්බර එකියක වූ ‘‘රාළහාමි’’ යන නමින් බෝඩිමේ යුවතියන් විසින් හඳුන්වන ලද කාවින්iා නිගමනයකට එළඹෙමින් කීවාය.
‘‘අංකල් පෙරේදා ඔඩිට් එකකට නුවර ගියා. ආපහු එන්නේ සතියකින්. මෑන් ගෙදර ආවම බලාපල්ලා. ලස්සනට පත්තු වෙන හැටි.’’ ඊළග සතියේ ගමේ ගොස් ඉරිදා සන්ධ්‍යාවේ ආපසු බෝඩිමට ආ කාවින්iා සිය මිතුරියන්ට කීවේ ජයග‍්‍රාහී ලීලාවෙනි.
‘‘පව් අහිංසකයා. උඹ මරාලයක් අටවලා ආවද?
මිතුරියෝ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් කීහ.
ඊළඟ සිකුරාදා රාති‍්‍ර නවයට පමණ ඔහු ආපසු නිවසට ආවේය. ඒ වනවිට යුවතියෝ සිය ආහාර කිස නිමවා තම කාමර තුළට වැද මහා යුද්ධයක් අපේක්ෂාවෙන් සිටියහ.
ඔවුන් සිතුවා නිවැරදිය. ඔහු ගෙට ගොඩ වූ ගමන්ම ඇය යුධ ප‍්‍රකාශ කළාය. ඇගේ චෝදනාව හමුවේ අසරණ වූ ඔහුු අන්දුන් කුන්දුන් විය.
‘‘තමුසෙට නුවර හොර ගෑනියෙක් ඉන්නවා කියලා මම දන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නෙ? තමුසෙ නුවර ඔඩිට් එකට ගියාම නතර වෙන්නෙ ඒ ගෑනිගෙ ගෙදර. ඒ ගෑනිගෙ මිනිහා ඉන්නේ රට. දරුවෝ දෙන්නා කොළඹ හොස්ටල් එකක. සාප්පු යනවා ඒ පරට්ටිත් එක්ක. අතින් කටින් ඩැහැගෙන යනවා. මම මේ කටුනායක හිටියට ඔක්කොම දන්නවා ඕයි. ඔන්න තමුසෙ නෑ කියනවා එහෙම නෙවෙයි. මට ඒ ඔක්්කොම ඔප්පු කරන්න ලිඛිත සාක්කි තියෙනවා ඕයි. ඇය හඬා වැළපෙමින් කීවාය. කාගෙද ලණුවක් කාලා. මම සතියක් තිස්සේ නැහිල නැහිලා ගෙදරට පය ගැහුවා විතරයි. ඔහු තම නිදහසට කරුණු කියද්දී ඕ තව තවත් කිපුණාය. අමු තිත්ත කුණුහරුප කියමින් ඔහුට දිගින් දිගටම බැණ වැදුණාය.
ඉවස ඉවසා බැරිම තැන හේ ඇයට පහර දෙක තුනක් ගැසුවේය. ඇයද පරාජය භාර ගත්තේ නැත. අතට හසුවූ හැම දෙයකින්ම ඔහුට දමා ගැසුවාය. යුවතියෝ හීන් සීරුවේ කන්දීගෙන සිටියහ.
‘පව් අහිංසකයා. අපට හෙට උදේට කන්නත් නෑ. කඩෙන් කන්න ලෑස්ති වෙයල්ලා.’’ එකියක් අනුකම්පාවෙන් කීවාය.
‘‘මොකක්ද රාළහාමි උඹ කළේ. එකියක් කවින්iා අමතා ඇසුවාය.
‘‘මම ලියුමක් ලියලා මගේ නමට මේ ගෙදර ඇඩ‍්‍රස් එකට නුවරින් තැපැල් කළා ගිය සුමානෙ ගමේ ගිය දවසෙ. ගෑනි සුපුරුදු පරිදි ඒ ලියුම කඩලා කියෙව්වා. එයා මට ඒ ලියුම දුන්නෙත් නෑ. මම හිතුවා ඒක එහෙම වෙයි කියලා. මට ඒක නැතුවට කමක් නෑ. ලියුම ලියුවෙ මගේ යාළුවෙක්. මට ලියන විදිහට. කවින්iා සිනහසෙමින් කීවාය.
‘‘මොනවද උඹ ඒකෙ ලිව්වෙ.? මිතුරියෝ ඇසූහ.
මම ප‍්‍රකෘති කථනයෙන්ම කියනවා ඔන්න අහගනිල්ලා. අංක දහසය දෙවැනි පටුමග, ලේවැල්ල මහනුවර. ආදරණීය කවින්iා වෙතටයි. ඔයා පහුගියදා ගමේ එනකොට මම අම්පාරෙ ගිහින් හිටියෙ. ඔයා අපේ ගෙදර ආ බව මට අම්මා කිව්වා. තෑන්ක්ස් කෙල්ලෙ මට ගෙනාපු සාරියට. මට ඒක අමාගෙ වෙඩිං එකට අඳින්න පුළුවන්. ඒක නොවෙයි කෙල්ලෙ මට ඔයාට කියන්න මාර කතාවක් තියෙනවා. ඔයාලගෙ බෝඩිමේ අන්කල් අපේ ගෙදර කිට්ටුව ගෙදරක ඇන්ටි එක්ක ෂොපිං ගිහින් බරට බරේ උස්සාගෙන කාර් එකකට නැග්ගා නුවරදි මම දැක්කා. අංකල් මාව දැකලා මුහුණ හංගා ගත්තා. මම සැක හැර ගන්න කාර් එක ළඟට ගිිහින් කතා කළා. ආ මේ කාවින්ද්‍යාගෙ යාළුව නේද? ඔයා කීප දවසක් අපේ ගෙදර ආවා නේද කියලත් අංකල් ඇහුවා. බලන්න එපැයි දෙන්නගෙ ලව් එක. හරියට අලූත බැඳපු ජෝඩුවක් වගෙයි. ඒ ඇන්ටිගෙ හස්බන්ඞ් ඉන්නෙ රට. ¥ල දෙන්න කොළඹ ඉගෙන ගන්නවා. ඇන්ටි විතරයි ගෙදර ඉන්නෙ. අංකල් නුවර ආවම ඉන්නෙ ඒ ඇන්ටිගෙ ගෙදර. අනේ කෙල්ලෙ මේ ගැන උඹලගෙ ඇන්ටිට හෙම කියනවා නොවෙයි. රංඩු වෙයි. උඹට දැනගන්නයි මේ කියන්නෙ. උඹට ජය.! මම ළගත් මිතුරිය සුබෝධිනී. කාවින්iා ලියුම අවසන් කළාය.
‘‘උඹ තමයි දවසකට හරි ගෑනි.’’ මිතුරියෝ කීහ. අනුන්ගෙ ලියුම් හොරෙන් කඩල බලනවට ඒ ගෑනිටයි. ඒක නතර කරන්න බැරි කොන්ද පණ නැති ඒ මිනිහට ඔය දඬුවම හොඳටම ඇති. අපි බලමු වැඬේ මෙතැනින් වත් නතර වෙයිද කියලා.’’ කාවින්iා කීවාය.
මේ සිදුවීම් පෙළ වාර්තා වූයේ කටුනායක ප‍්‍රදේශයේ කාන්තා නේවාසිකාගාරයකිනි.
ඊළඟ පුවත වාර්තා වන්නේ කොළඹ කිරුළපන ප‍්‍රදේශයේ පිහිටි තවත් කාන්තා නේවාසිකාගාරයකිනි.
රජයේ ඉහළ තනතුරක් හොබවා විශ‍්‍රාම ගොස් සිටින ඔහුගේ සුවිසල් නිවසේ පවත්වාගෙන යන එම කාන්තා නේවාසිකාගාරයේ නිසි බලධාරිනිය වූයේ ඔහුගේ බිරිඳයි. ඔහුට අයත් රාජකාරි ගණනාවක් විය. කඬේ හා පොළේ ගොස් බඩු ගෙන ඒම, ආරක්ෂක කටයුතු හා ශුද්ධ පවිත‍්‍ර කිරීම ඒවා අතර විය.
එහි නේවාසික යුවතියන් සන්ධ්‍යාවේ ආපසු විත් සිය කාමරවලට වැද දොරවල් වසාගෙනන ඇඳුම් මාරු කරන විට ‘අංකල්’ යන ආදරණීය නාමයෙන් ඔවුන් විසින් හඳුන්වනු ලබන ඔහු දොරවල්වල යතුරු සිදුරුවලට ඇස තබාගෙන ඔවුන්ගේ අඩ නිරුවත නරඹන බවට රාවයක් නේවාසික යුවතියන් අතර පැතිර ගොස් තිබිණි. ඔවූහු ඒ ගැන සෝදිසියෙන් පසුවූහ.
හේ දිනක් එම කටයුත්තේ යෙදී සිටියදී හදිසියේ එහි ආ යුවතියක් ඒ බව දුටුවාය.
‘මොකක්ද අංකල් ඔය කරන්නෙ? ඕ කෝපයෙන් ඇසුවාය.
‘නෑ දුව මම මේ බැලූවෙ මේ කාමරේ ඉන්න දුව ඇවිල්ලද කියලා තේ එකක් ගෙනැල්ල දෙන්න.’’ ඔහු ගොත ගසමින් කීවේය.
‘දොරට තට්ටු කරලා බලන්න.’ ඕ කීවාය.
කරදර කරන්න හොඳ නෑනෙ. දවස තිස්සෙ වෙහෙසිලානෙ එන්නෙ. පව් අහිංසක ළමයි කියමින් හේ ලිස්සා ගියේය.
පුවත නේවාසික යුවතියන් හැමගේ කන් වලට එදා
රැුයේම ගියේය.
‘නාකියට හොඳ පාඩමක් උගන්වන්න ඕන.’ එම නේවාසික යුවතියන් අතර සිටි දඩබ්බර එකියක් කෝපයෙන් කීවාය.
‘ගණන් ගන්න එපා බං. ඒ අහිංසකයා ටිකක් බැලූවා කියලා උඹලගෙ හම යනවැය’ සාමකාමී යුවතියක් කීවාය.
‘නෑ නෑ දෙන්න ඕන හොඳ දඬුවමක්.’ එම කාමරයේම වෙසෙන අනෙක් යුවතිය ද කීවාය.
කථිකා කරගත් පරිදි ඒ දෙදෙනා සිය සේවා ස්ථානවලින් පැයක කෙටි නිවාඩුවක් ලැබ එදින සවස වේලාසනින් සිය නේවාසිකාගාරයට පැමිණියහ. මිදුලේ තණකොළ උදුරමින් සිටි අංකල් ඔවුනට දක්නට ලැබිණි.
‘හලෝ අංකල් බරටම වැඩ වගෙයි’ කියමින් ඔහුහු ගෙට ගොඩවූහ.
දෙදෙනා සිය කාමරයට වැද දොර වසා ගත්හ. සිය උඩ ඇඳුම් ගලවා දැමූ ඔවූහු යට ඇඳුම් පිටින් කාමරයේ දොරට මුහුණලා සිටිමින් කථාවට වැටුණහ. කාමරය දෙසට කවුදෝ පැමිණෙන පා ගැටෙන පහත් හඬක් ඔවුනට ශ‍්‍රවණය විය. තම කාමරයේ දොරට යටින් කාමරයට වැටුණු අඳුරු සෙවනැල්ලක්ද ඔවූහු දුටහ.
අංකල් තම කාමරයේ දොරෙහි යතුරු සිදුරෙන් තම අඩ නිරුවත නරඹන බව දැන් ඔවුනට හොඳටම විශ්වාසය. ඔහුට යන්තමින් හෝ සැකයක් ඇති නොවන අයුරින් ඔහුහු හැසිරුණහ.
එපරිද්දෙන් විනාඩි 3- 4 ක් ගතවිය.
‘දැන් ඇති නේද?’ එකියක් දුන් සංඥාවෙන් දෙදෙනාම වහාම ක‍්‍රියාත්මක වූහ. ක්‍ෂණයෙන් දොර විවෘත කැරිණි. තම කාමරයේ දොරේ ඇති සිදුරට ඇසක් තබාගෙන අසම්මත අසැබි ක‍්‍රියාවක නිරතව සිටි අංකල් ඔවුන්ගේ අතටම හසුවිය. දෙදෙනා ඔහුව තරයේ අල්ලාගෙන කාමරය තුළට ඇද ගත්හ.
‘ආන්ටි..... ආන්ටි....අනේ ඉක්මනට එන්න ආන්ටි... මේ අංකල් අපට කරදර කරනවා’ ඔවූහු කෑගැසූහ. ආන්ටි වහා එතැනට දිව ආවේ කොස්සක්ද අතැතිවය.
අඩනිරුවතින් සිටි තරුණියන් දෙදෙනා සහ ඔවුන් සමග පොරබඳිමින් සිටි සිය සැමියා ද දුටු ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය.
‘අනේ ආන්ටි අපි ඇඳුම් මාරුකරගන්න හදනකොටම අංකල් කාමරේට පැනලා අපිව බදාගත්තා. ඔවුහු පැමිණිලි කළහ.
ඕ ඔහුට කොස්සෙන් පහර පිට පහර දුන්නාය. එක් තරුණියක් ඇගේ කොස්ස උදුරා ගත්හ. ඕ ඔහුට අතින් පහර දෙමින් ඇදගෙන ගියාය.
‘අනේ පැටියෝ .... මේ වගක් කාටවත්ම කියන්න එපා. ආයෙමත් ඒ වගේ දෙයක් නොවෙන්න මම වග බලා
ගන්නවා’ ඇන්ටි තරුණියන් දෙදෙනාට නොවැන්දා පමණි.
එහෙත් එදා රැුයේ බෝඩිමේ සැවොම සිද්ධිය පිළිබඳව දැනුම්වත් කර සිටියහ.
පසුදින උදේ එම තරුණියන් දෙදෙනා වැඩට යන අතරමගදී පත්තර ගෙන ඒම සඳහා ගොස් ආපසු එමින් සිටි අංකල් ඔවුනට හමුවිය. හේ ඔවුන් නොදුටුවාක් මෙන් පුවත්පත කියවමින් ඉදිරියට ආවේය.
‘අංකල් තරහ නෑනෙ. අදත් බලන්න’ එකියක් ඔහුට ළංවී සිනහසෙමින් පහත් හඬින් කීවාය.
අංකල් එය නොඇසුනාක් මෙන් යන්නට ගියේය.
කේ. ඩබ්ලිව්. ගුණවර්ධන