Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

වයස 40 ගණන්වලදී තමාට වඩා අඩු තරුණයන්ට යටි හිතින් ආසා කරන බවක්
කාන්තාවක් තමාට වඩා අඩු වයස් කෙනකු සමඟ විවාහයත් නොගැළපෙන සම්බන්ධ

තාරුණ්‍යයේදී එකම අපේක්‍ෂාව ප්‍රේමය වැලඳ ගැනීමයි. හොඳ සහකරුවකු හෝ සහකාරියක් ලෙස සමාජයෙහි ජීවත් වීමට හැකිවෙයි නම් එය මෙලොව ළඟාකරගත් මහා සම්පතයි.

සාර්ථකම විවාහයක් සඳහා පූර්ණ තොරතුරු විස්තර තම ජන්ම පත්‍රයෙහි ගැබ්වී තිබේ.

කෙනකු තම වයසට වැඩි කාන්තාවක් සමඟ විවාහ වීමත්, යම් කාන්තාවක් තමාට වඩා අඩු වයස් කෙනකු සමඟ විවාහයත් නොගැළපෙන සම්බන්ධයක් ලෙස ජ්‍යොතිෂයේ දක්වා ඇත්තේය.

මෙහිදී කෙනකුට තර්ක කිරීමට හැකි වේවි තමාට වඩා අඩු වයස් සැමියකු ලැබීමේදී ඔහුට වඳින්න නොහැකි නිසා නොගැළපෙනවා යන්නෙන්. එහෙත් එය ඇත්ත නෙවේ. සමහර වැඩි වයස් කාන්තාවන් සිය වයස 40 ගණන්වලදී තමාට වඩා අඩු තරුණයන්ට යටි හිතින් ආසා කරන බවක්ද පෙන්නුම් කරයි.


තරුණයාද තමාට වඩා වැඩි වයස් දෙගොඩ හරි වියේ කාන්තාවන්ට ආසා කිරීමද එවැනි තත්ත්වයකි. කේන්දරයේ 7 වැන්නේ ගුරු දුබල වීම හෝ 7 වැන්නට සම්බන්ධ වීමෙන්ද එවැන්නකට යොමු විය හැකිය.

7 වැන්නේ ශනිද, වැඩිමහල් අයට ප්‍රියයි. ගුරු එක් වුවහොත් එය අධික බවට පත්වෙයි. ශනි, චන්ද්‍ර යෝගයෙන් පෙනීම නිසාද වියපත් කාන්තාවන්ට ප්‍රිය කරයි. කටක – මකර ලග්නවලින් උපන් පිරිමි හා ගැහැනුද වයස ගැන කල්පනා නොකරයි.

වෘශ්චික රාශිය තුළ ශුක්‍ර සිටීම නිසාද, තමාට වඩා වැඩිමල් අයකු හා සමඟ එක්වෙයි. කනවැන්දුම් හෝ චරිතය කෙලෙසාගත් ස්ත්‍රීන් වුවත් ඔහුට වැදගත් නොවේ.

ඒ අයට වඩා ප්‍රිය කිරීමට හේතුව සිකුරුය. සඳු – රවි සමඟ 4රේ නම් තමාගේ මවගේ නැඟණිය සමඟ සබඳතා පවත්වන තැනට පත්වෙයි. 7 අධිපතියා පාපීන්ට පෙනීමද තවත් එක් කරුණකි. ග්‍රහයන් මෙවැනි සබඳතාවලට හසු කළත් තමාද මනසින් උත්සාහ කළයුත්තේ එයින් බැහැර වන්නේ කෙසේද යන්නයි.

12 වැන්නේ ගමන් යන සිකුරු දුබල පාපියකුගේ පෙනීම ඇති වූ විට මේ මඟුල් සක්වළ පටලැවිලිවලට යොමු කරන්නේද සිකුරු නීච වීම හරහාය. 7 වැන්න තුළ සිකුරු නීච වී ශනි හෝ රාහු, කේතුගේ බලපෑම කිසිවක් නොතකා තමාට නොගැළපෙන විවාහ සිදුවෙයි.
12 වැනි රාශියේ පාපීන්ගේ ග්‍රහ සංඛ්‍යාවට සමාන අනියම් බිරියන් හා සැමියන් සමඟ සබඳතා ඇතිකරගනී.

7 අධිපති ලග්නයේ හෝ 4 වැන්නේ පාපියෙක් වූ විට කිසිදු භේදයක් නොතකා සබඳතා ඇතිකරගනී.

ශුක්‍ර, තුලා හෝ මකරයේ නම් විවාහයෙහි කුමක් හෝ අඩුවක් සිදුවෙයි. තමාට වඩා වැඩි වයස් අය සමඟ ජීවත් වීමට සිදුවෙයි.

මෙවැනි විවාහ ජීවිත සාර්ථකද, අසාර්ථකද දන්නේ ඔවුන් දෙදෙනාය. කෝටිපති ව්‍යාපාරිකයකුගේ රූමත් 60 දෙහැවිරිදි බිරියක් තරුණ දරුවන් සිටියදී සැමියා යටතේ සේවය කළ එක්තරා කම්කරු තරුණයකු (31 වියැති) සමඟ පැන ගියාය. උසාවියේදී ඇය ප්‍රකාශ කළේ තම සැමියා සමඟ වසර 35ක්ම යුගදිවිය ගතකළත් මගේ අලුත් පෙම්වතා සමඟ ගතකරන ලද කිහිපය වටිනා බවකි.

මේ මඟුල් සක්වළේ හැටි ඔහොම තමා. අප නොදැනුවත්ව සමාජයේ මෙවැනි සිදුවීම් අතිශයින් සිදුවන බැව් ඇත්තකි.

කෙනකුගේ ජන්ම පත්‍රය තුළ මෙවැනි යුග පිහිටීම් යෝග තිබේ නම් ඒවාටම මනස ඉඩ නොදී බුද්ධිමත්ව ක්‍රියා කිරීම මැනවි. ආගමානුකූලව ජීවත් වීමත්, ගුප්ත විiාත්මක ජ්‍යොතිෂමය ප්‍රතිකාර කිරීමෙන් සිදුවන හානිය අවම කර ගැනීමටත්, මානසික සංහිඳියාව ඇතිකර ගැනීමට හැකි වන බැව් බොහෝ ජ්‍යොතිෂ පර්යේෂණවලදී හෙළිවී තිබේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook