හැමෝම දන්න දක්ෂ මෝස්‌තර නිරූපිකාවක් වුණ නිලුක්ෂි අමන්දා ඔන්න හා හා පුරා කියලා සිනමාවට පිවිසිලා තියනවා. ඒ චන්දන එදිරිසිංහ සහ පූජිත ගුණතිලක එක්ව ගෙනෙන අලුත්ම සිනමා පටයකින්. මේකේ නම ෂෙලීනා. අනුජ් රණසිංහ සහ දිනෙත් ද සිල්වා තමයි මේ චිත්‍රපටයේ අමන්දා එක්ක ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ.
ජීවන් කුමාරතුංග, වීනා ජයකොඩි වගේ ප්‍රවීන පිරිසකගේ රංගන දායකත්වයත් මේ චිත්‍රපටයට මදි නැතුව ලැබිලා තියනවා. පහුගිය දවසක මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට මුදාහරුනා මේ තියෙන්නේ ඒක.