Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මම ඉගෙනගත්තෙ බෝමිරිය ජාතික පාසලේ
මම දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හදාරනව


දෙවෙනි ඉනිමට අලූතින්ම එකතු වූ දඟකාර හිතුවක්කාර හැඩකාර යුවතිය නෙත්මි නිශේකා රොෂෙල් රොජර්ස් ගැන ඔබේ සිතත් විමසිලිමත් නම් අද අපි ඔබ වෙනුවෙන්ම ඇය හමුවෙන්න තීරණය කළා. මේ ඇය ඔබ වෙනුවෙන් අප හා කළ පිළිසඳරයි.

2019 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස තේරුණාට පස්සෙ සක්කාරං ටෙලිනාට්‍යයේ ජයනිකා ගේ චරිතය රඟපාන්න මට ඇරයුමක් ලැබුණා. ඊට පස්සෙ තමයි දෙවෙනි ඉනිමේ ආක්ෂාගේ චරිතය ලැබුණෙ.
නෙත්මි නිළියක් වෙන්න හිතාගෙන පැමිණි ගමනක්ද මේ?

කලාවට එනව කියල නම් මට අරමුණක් තිබුණෙ නැහැ. ඒත් මම පොඩිකාලෙ ඉඳන්ම කලාවට හරි ආසයි. මටත් වඩා කලාවට ඇළුම් කරන්නෙ මගේ අම්මා. අම්ම තමයි මාව ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් කරන්න අයැදුම් පත් දැම්මෙ. තාත්ත නම් මම කලාවට එනවට කැමති වුණේ නැහැ. අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වෙත්දි තාත්තා කිව්වෙ හැබැයි අවුරුදු කුමරි තරගයට යනව විතරයි රඟපාන්න නම් යන්න බැහැ කියලයි.

ඉතින් ඊට පස්සෙ?

2019 අවුරුද්දෙ ජාතික රුපවාහිනියෙ අවුරුදු කුමරි කිරුළ හිමිවුණාට පස්සෙ මට සක්කාරං ටෙලි නාට්‍යයේ රඟපාන්න ඇරයුමක් ලැබුණා. ඊට පස්සෙ දෙවෙනි ඉනිමේ ආක්ෂ ගෙ චරිතයට අවස්ථාව උදාවුණා. මගේ අම්මත් තරුණ කාලෙ හරිම ආසාවෙන් ඉඳල තියෙනව කලාවට එන්න. ඒත් අපේ ආච්චි හරි වසයිලූ. එයාල අම්මට කලාවට යන්න දීල නැහැ. හැබැයි මම මගේ පළමු ටෙලි නාට්‍යය සක්කාරං හි රඟපානකොට මගේ අම්ම විදිහට රඟපෑවේ මගේ අම්මමයි. අම්ම එදා දුටු හීනය මා තුළින් දකින්න ආස වුණා. අම්මට දැන් මං ගැන සතුටුයි. මාත් එක්ක රසිකයන් කතා කරද්දි මටත් වඩා සතුටු වෙන්නෙ අම්මා.

නෙත්මි රඟපානවට තාත්තා තවමත් අකමැතිද?

දැන් තාත්තා තමයි මාත් එක්ක රූගත කිරීම් තියෙන දවස්වලට තනියට එන්නෙ. දැන් තාත්තා තේරුම් අරන් තියෙනව කලාව කියන්නෙ හොඳ තැනක් කියල. තාත්තා මුලදි අකමැති වුණේ මට බාල නංගි කෙනකුයි මල්ලි කෙනකුයි ඉන්නව. තාත්තා හිතුවේ මම හොඳින් අධ්‍යාපනය කරගෙන ගියොත් නංගියි මල්ලිත් මගේ අඩිපාරේ යයි කියල. මම කලාවට ආවොත් අධ්‍යාපනයට බාධාවෙයි කියලයි.

ඉතින් නෙත්මිගෙ කලා කටයුතු අධ්‍යාපනයට බාධාවුණාද?

මම ඉගෙනගත්තෙ බෝමිරිය ජාතික පාසලේ. අපේ ඉස්කෝලෙ කොන්සට් එකක් තිබුණොත් නැටුම් වලට නාට්‍ය වල චරිත වලට බෑන්ඞ් කණ්ඩායමේ හැම කලා කටයුත්තකම නෙත්මි කියන චරිතය හිටියමයි. හැබැයි මම සාමාන්‍ය පෙළ සමත් වෙලා වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරද්දි මම හිතුවා බාහිර වැඩවලින් ටිකක් ඈත්වෙලා අධ්‍යාපනයට යොමු වෙන්න ඕන කියල. ඒ අනුව මම උසස් පෙළ ඉහළින් සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරුණා.

දැන් නෙත්මි අධ්‍යාපනයයි රඟපෑමයි දෙකම කරන කෙනෙක්ද?

ඔව් ඒත් රඟපෑම මම මගේ වෘත්තිය කරගන්න අදහසක් නැහැ. අධ්‍යාපන කටයුතු කරන අතර තමයි මම රංගනයේ නියැළිලා ඉන්නෙ. මම දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හදාරනව. මම මේ ගතකරන්නෙ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර. මගේ උපාධිය සම්පූර්ණ කළාට පස්සෙ මම මට ගැළපෙන රැුකියාවක් තෝරාගන්නව. රඟපෑම මම ආදරය කරන ක්ෂේත‍්‍රය හා මගේ විනෝදාංශයයි.

කලාව ඇතුලෙ නෙත්මි අත්විඳින දේ කුමක්ද?

ආක්ෂාගේ චරිතයට ලැබෙන ජනපි‍්‍රයත්වය එක්ක ජීවිතය තරමක් වෙනස් වෙලා. ඇත්තටම මිනිස්සුන්ගෙ ආදරය ලැබෙන එක ඒ ආදරය විඳින එක සතුටක්.

නෙත්මිත් ආක්ෂා වගෙයිද?

මම ආක්ෂා වගේ නපුරු කෙනෙක් නෙවෙයි. මගේ වයසේ යුවතියකගේ ඇඳුම් පැළඳුම් හැසිරීම් සිතුවිලි තමයි ආක්ෂට තියෙන්නෙ. ඒ නිසා රසිකයන් හිතන්නෙ මමත් ආක්ෂා වගේ නපුරුයි හිතුවක්කාරයි කියලයි. ඒත් මේ චරිතය නපුරු වුණාට මිනිස්සු මට මේ චරිතය හරහා ආදරය කරනව කියල මට දැනෙනව. ගොඩක් අය මාත් එක්ක සෙල්ෆියක් අරගෙන පස්සෙ අහනව ඔයා ඇයි අපේ අනුහස් මල්ලිට මෙහෙම බනින්නෙ ඔයා ඇත්තටමත් අහංකාර නපුරු කෙනෙක්ද කියල. මම ඇත්තටම අහිංසක නැහැ. හැබැයි මම නපුරුත් නැහැ.

නෙත්මිගේ පවුලේ තොරතුරු මොනවද?

අපේ පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මල්ලියි ආච්චියි. අපේ ගම කඩුවෙල. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක් අම්මා ගෘහණියක්.

නෙත්මිගේ හිත හොරාගත් ආදරවන්තයෙක් ඉන්නවද?

ආදර ආරාධනා දැන් දැන් වැඩියි. තවම ඒ ගැන වැඩිය හිතන්නෙ නැහැ. විශ්වවිද්‍යාලයෙදි ඔය තත්ත්වය ටිකක් වැඩියෙන් දැනෙනව. මොකද පාසලේ වගේ නෙවෙයි එතන තියෙන්නෙ නිදහස් පරිසරයක්නෙ. මම හිතාගෙන ඉන්නව උපාධිය සම්පූර්ණ කරනකම් ඒ ගැන හිත්නනෙ නැහැ කියල.

ධම්මිකා සුරංජි පතිරණ





Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook