Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පසුගියදා අප වාර්තා කල පුවත සනාත කරමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති   එරංද වැලිඅංගෙමහතාට තම සන්ධානයේ අපේක්ෂකත්වය ලබා දි ඇත.

ඒ පසුගියදා  (28) සවස හෝමාගම දී පැවැත්වු වැලිඅංගේ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීමේ සමාරම්භක ජන හමුවවට එක්වෙමිනි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදි සජිත් ප්‍රේමදාස  මහතා පැවසූයේ  එරංද පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙකු බවයි. මෙතරමි දූෂන වංචා රැසක් සිදුකල තිබියදී ප්‍රේමදාස  මහතා එලෙස සිදුකල ප්‍රකාශය පිළිබදව පක්ෂයේ ඉහල පෙල තුල කතාබහට ලක්ව ඇති බව සිරිකොත ආරංචිමාර්ග පවසයි.

තවද එම උත්සසවය සදහා රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරිම පැමිණි පාක්ෂිකයන්ගේ මහත් කතා බහට ලක්ව ඇත. ඒ මොහු එජාපයට නවක සමාජිකයෙකු වුවත් මොහුට සභාපතිත්වය හිමිවෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත බැවනි. පසුගිය වකවානුව තුල රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇසුරෙහි හැදී වැඩුනු අයෙකු වූ බව ජනතාව අතර ප්‍රචිලිත නිසාවෙනි.

 ‘‘ වාසියට සජිත් ප්‍රේමදාස මහත්තයට හේත්තුවෙලා.. රනිල් මහත්තයට අපි කැමති නෑ.  මොනව කරත් මුල අමතක කරන්න එපා  කෙලෙහි ගුණ නොදත් තුච්චායා දින්නට පස්සෙ අපිටත් මෙහෙම තමයි  කියමින් ජනතාව ඒ අවස්තාවේ බැන වැද ඇත. පසුව සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවේදි එය වසන් කිරිමට එරංදට ලකුණු දමා ඇත.

පසුගි රජය සමයේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සිටිය සමයේ ඇතිවූ බහින් බස්වීමක් මෙම ආරවුලට හේතු වී ඇති බව සදහන්වෙයි. ඒ තරුණසේවා සභාවට විශාල මුදල් ප්‍රමාණයක් අනුමත වුවද විවිධ ව්‍යපෘති පෙන්වමින් කෝටි ගණනක් හිටපු සභාපති වරයා විසින් චංචා කර ඇති බව වෘතීය සමිති මගින් හිටපු අගමැතිවරයාට  පැමිණිලි කොට ඇත. පසුව හිටපු සභාපති වැලිඅංගේ මහතා සහ වෘතීය සමිති නායකයින් කැදවා වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධියේම මෙම වංචා ගැන විමසා ඇත. පසුව වෘතීය සමිති ඉදිරිපත් කල ප්‍රශ්න හසමුවේ හිටපු සභාපතිවරයා නිරුත්තර වි ඇත.

පසුව වික්‍රමසිංහ මහතා සමග දැඩි හිතවත් කමකින් සිටි හිටපු සභාපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර දැඩි වාග්ප්‍රහාර එල්ලතර ගනිමින් දුරකතන සංවාධයක් සිදුව ඇත. මම මිනිස්සු ඉස්සරහ අපහසුතාවයට පත් කලා යැයි හිටපු සභාපතිවරයා පවසා ඇති බව සභාපතිවරයාගේ සමීපතමයින් අප වෙත පැවසීය.

එලෙස වික්‍රමසිංහ මහතාගෙන් ලකුණු කැපී යාම හේතුවෙන් වැලිඅංගෙ මහතා සජිත් කල්ලියට හේත්තුවි ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

නමුත් වෘතීය සමිති පවසන්නේ මුල් අවධියේ සිට හිටපු අගමැතිවරයාට දැනුම් දුන් අතර ජනාධිපතිවරණයට මාස කිහිපයක් තියා මේ පිළිබදව හිටපු අගමැතිවරයා ක්‍රියා කිරීමට යාමෙන් ඉන් කිසිදු ප්‍රථිපලයක් ඇති නොවු බවත් එම නිසා රනිල්  වික්‍රමසිංහ මහතාද මේ සියලු වංචාවලට වගකිව යුතු බවයි.

සජ්ත් හොදයි කියු එරංදගේ තවත් ජිල්මාට් එකක් 

ලක්ෂ 79 කොම්පියුටර් ජිල්මාට්


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook