Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පැවැත් වීමට තිබු විභාග කිහිපයක් කල් දැමීමට තීරණය කර තිබෙනවා. එම විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවත් විභාග පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා. 


කල් දැමූ විභාග පිළිබඳ විස්තර පහත පරිදි වේ.


  1. ශ්‍රී ලංකා විදුහල්පතු සේවයේ 2 වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩෛම් විභාගය - 2019 (2020) - මාර්තු මස 21,21
  2. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - 2020 මාර්තු මස 21,22
  3. ජාතික කලායතන විභාගය - 2016 (2020) (ප්‍රායෝගික පරීක්ෂණය) - මාර්තු මස 25 සිට 29 දක්වා
  4. අම්බලන්ගොඩ වේනමුල්ල සමාජ සේවා භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ අවසාන පරීක්ෂණය - 2020 - මාර්තු මස 26 සිට 31 දක්වා
  5. ශ්‍රී ලංකා මහ බැංකුවට කළමණාකරන අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය - 2019 (2020) මාර්තු මස 28
  6. ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමණාකරන සහකාර පංතියේ සේවා නියුක්තිකයින්ගේ මාණ්ඩලික පන්තියේ I ශ්‍රේණියට (පරිවාස) කඩිනම් උසස්වීම් පටිපාටිය යටතේ උසස් කිරීමේ සීමිත තරඟ විභාගය - 2020- මාර්තු මස 28
  7. ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධරයන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය - 2018 (2020) මාර්තු මස 29
  8. රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2020 (මාර්තු) සිංහල / දෙමළ - I/II/III/IV වන මට්ටම (ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව / රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව) - මාර්තු මස 29

එසේම මහජනයා එක් ‍රැස්වීම වැළැක්වීමේ අරමුණින් මුලික පියවරක් ලෙස රියදුරු බලපත්‍ර ලබාගැනීම, අලුත් කිරීම හෝ ඒ ආශ්‍රිත කටයුතු සඳහා මහජනතාව වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයට හෝ වෙනත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලයකට පැමිණීම 2020 මාර්තු 31 දක්වා තාවකාලිකව සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා විසින් මේ බව දන්වා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව හෙට (17) සිට 2020 මාර්තු 31 දක්වා කාලය තුළ වේරහැර රියදුරු බලපත් ප්‍රධාන කාර්යාලයේ හෝ අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දිස්ත්‍රික් කාර්යාලවල රියදුරු බලපත්‍ර ආශ්‍රිත සේවා ක්‍රියාත්මක නොවන බව නිවේදනයේ සඳහන්. මෙම කාලසීමාව තුළ වේරහැර හා අනිකුත් දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණීමෙන් වලකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලබන අතර මේ කාල සීමාව තුළ කාලය දීර්ඝ කිරීමට නියමිත රියදුරු බලපත්‍ර හා තාවකාලිකව අවලංගු කරන ලද පරීක්ෂණ සඳහා ලබා දෙන විසඳුම පිළිබඳව ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරනු ඇති. 


එසේම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමය (Online) ඔස්සේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණිම සීමා කර ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු දෙපාර්තමෙම්න්තු එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දමනු ඇති. .

එසේම , 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස (උසස් පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂත්වය විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2020 මාර්තු 31 දක්වා දිර්ඝ කර තිබෙනවා.එ බැවින් මෙතෙක් අයඳුම් කිරීමට නොහැකි වු අපේක්ෂකයින් වේ නම් මාර්ගගත ක්‍රමය (ඔන්ලිනෙ) ඔස්සේ පමණක් අයඳුම් කළ යුතු බව වැඩිදුරටත් නිවේදනය කර ඇත.

ඉහත කරුණු පිළිබඳව යම් ගැටළුවක් මතු වේ නමි 1911 ක්ෂණික ඇමතුම් අංකය අමතා තොරතුරු ලබා ගත හැකියි. 

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook