Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පසුගියදා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයා හඳුනා ගත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන ආයතනයකදී බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමදේශ් මහතා පවසනවා.

කොරෝනා වෛරසය හදුනා ගැනීම සදහා දැනට භාවිතාවන ක්‍රමය වන්නේ “කොරෝනා PCR” පරීක්ෂාවයි. එම කාර්යය සදහා දැනට පහසුකම් සපයා ඇත්තේ වෛද්‍ය පර්යේෂණායතනයෙහි රසායනාගාරයකට පමනයි.

එහිද දිනකට සිදු කල හැකි පරීක්ෂණ ප්‍රමාණය අසූවකට පමණ සීමා වන අතර, දිවයිනේ සියළු පුරවැසියන්ගේ රෝගී තත්වයන් හදුනා ගත යුතු වන්නේ එම රසායනාගාරය තුලදීයි.
පැය 6ක පමණ උපරිම කාලයකදි මෙම පරීක්ෂණයෙහි ප්‍රතිපල නිකුත් කල හැකි නමුත්, අධික නිදර්ශක ප්‍රමාණයක් එක රසායනාගාරයකට ගොඩ ගැසීම හේතුවෙන් එම කාලය දින ගණනාවක් දක්වා කල් ගතවිය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

කොරෝනා PCR පරීක්ෂාව සිදු කිරීමේ හැකියාව, උපකරණ අදාල රසායනාගාර වෘත්තිකයින්ගේ සේවය සහිත වෙනත් රසායනාගාර 3ක් කරාපිටිය, මහනුවර, අනුරාධපුර ශික්ෂණ රෝහල් තුල පිහිටා ඇති නමුත් මෙකී එකදු රසායනාගාරක හෝ මේ වනතුරුත් එම පරීක්ෂණ කටයුතු ආරම්භ කර නැති අතර ඒ සදහා අවශ්‍ය වන්නේ අදාල PCR ප්‍රතික්‍රීයක කට්ටල සහ නිදර්ශක යොමු කිරීම පමණක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවී කුමදේශ් මහතා සඳහන් කළා.

වෛද්‍ය පර්යේෂණායතනය තුළ ඇතැම් නිළධාරීන්ගේ වුවමනාව මත, කිසියම් “කොරෝනා ඒකාධිකාරයක්” පවත්වා ගැනීම සදහා උත්සාහ කරන්නේද යන සැකය මතුවන බවද ඔහු දක්වනවා.

සියල්ල එසේ තිබියදී ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා රෝගියා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් නොවන ආයතනයකදී හදුනා ගැනීම මගින්ම පමණක්, වෛද්‍ය පර්යේෂණායතනය මුලිකව පවතින ක්‍රමවේදය ප්‍රශ්න කරනු ලැබ ඇතැයි ඔහු පෙන්වා දෙනවා.

එසේම, දැනට මෙම පරීක්ෂාව විනාඩි 20ක් වැනි කෙටි කාලයකින් හදුනා ගැනීම සදහා ක්ෂණික පරීක්ෂණ කට්ටල දකුණු කොරියාවේ සකසා ඇති බවත් අවශ්‍යනම් දින කිහිපයකදී ඇනවුම් කර ලබා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු පෙන්වා දෙනවා.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook