Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පුද්ගලයන් ප්‍රාදේශීය වශයෙන් නිරොධායනය කිරීම සම්බන්ධ වැඩ පිළිවෙළක් අවශ්‍යයි
මේක මදිනම් මගේ නිවසත් දෙන්න සූදානම්
- වෛද්‍ය චමල් සංජීව


තංගල්ලේ පිහිටි තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය සහ නිවෙස විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අය නිරෝධායනය කිරීම සඳහා දීමට කැමැත්ත පළකරන බව හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

කොරෝනා රෝගය සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස හෝ රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස තමා සතු සිවුමහල් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය දීමට තමා කැමැත්ත පළ කරන බව වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ.

තවද අවශ්‍ය වන්නේ නම් තමා තංගල්ලේ නවාතැන් ගෙන සිටින නිවෙසද දීමට කැමැති බව හෙතෙම කියා සිටියා.
මෙම වෛද්‍ය මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලෙහි රසායනාගාර පහසුකම්, රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට වෙන් කරන ලද කාමර 12ක්, වායුසමනය කළ විශේෂ කාමර, ශල්‍යාගාර දෙකක්, විසබීජ හරණය කිරීමේ කුටි, නේවාසික වෛද්‍ය ප්‍රතිකාර කුටි, සෞඛ්‍ය අධ්‍යාපන දේශන ශාලා, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වන කාමරවලින් සමන්විතයි.

ජනාධිපති කාර්ය සාධක බළකාය සමඟ මේ සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළ බවද ලබන 17 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට මෙය නිල වශයෙන් ලිඛිතව දීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

ඒ මහතා මුහුණු පොතේ සදහන් කර තිබුනේ මෙලෙසයි...


මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය මගින් තහවුරු කළේ කරාපිටිය ශික්ෂණ රෝහලෙන් corona ආසාදිත බව තහවුරු වූ පළමු රෝගියා වාර්තා වූ බවය .. මීට පෙර මා විසින් පෙන්වා දුන් පරිදි ප්‍රාදේශීය වශයෙන් නිරෝධායන හා සෞඛ්‍ය සේවා සැපයීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය මීට වඩා සැලකිලිමත් ලෙස යොමු වීය යටත්ව ඇත...


පසුගිය සති දෙකක කාලය සීමා මුළුල්ලේ දී විදෙස් සංචාරකයන් සමග හා සංචාරක හෝටල් වල සේවය කල බොහෝ දෙනෙකු දැන් නිවෙස් කරා ගමන් කරමින් සිටි ..පුද්ගලයන් ප්‍රාදේශීය වශයෙන් නිරොධායනය කිරීම සම්බන්ධ වැඩ පිළිවෙළක් නොවීම සම්බන්ධව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත...




ප්‍රාදේශීය විවිධ ප්‍රදේශවල විසිරී සිටින සංචාරක මගපෙන්වන්නන් හා සංචාරක හෝටල් වල සේවය කරන පුද්ගලයන් කේන්ද්‍රගත ස්ථානවලට ගොස් නිරොධායනය වීමට කැමැත්තක් දක්වන්නේ නැත.
.
අපේ රට තුළ දී පසුගිය සති තුනක කාල සීමාවේදී විදේශීය ජාතිකයන් සමීපව ඇසුරු කළ ඔවුන් සමඟ සංචාරක මඟ පෙන්වන්නන් ලෙස හෝ සංචාරක හෝටල් වල සේවය කළ පුද්ගලයන් නොසලකා...මේ තත්ත්වය නොසලකා ශ්‍රී ලංකාවට විදේශ රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයන් ගැන පමණක් අවධානය යොමු කළ හොත් ඉදිරි කාලයේ දී ප්‍රාදේශීය වශයෙන් රෝගීන් වඩ වඩාත් ඉස්මතු විය...



හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල මැදකැටිය මුහුදු වීදීයේ, තංගල්ල මුස්ලිම් වීදිය , කුඩාවැල්ල නාකුළුගමුව දික්වැල්ල හික්කඩුව වැලිගම මිරිස්ස බෙන්තොට ආදි එසේම තිස්සමහාරාම යාල ඇල්ල-වැල්ලවාය කලාප වළ මෙවැනි සංචාරක මගපෙන්වන්නන් විශාල ප්‍රමාණයක් සිටිති...



සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමග නිසි වැඩපිළිවෙළක් ආරම්භ කිරීම වහ වහා ක්‍රියාත්මක කළ යුතුව ඇත..



තවත් යමක් අවසාන වශයෙන් සඳහන් කළ යුතුව ඇත ෆේස්බුක් සමාජ මාධ්‍ය whats app viber messenger හා ඊමේල් යනුජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා නීත්‍යානුකූල සන්නිවේදන මාධ්‍ය ක්‍රමවේදයක් වන අතර ඇතැම් පුද්ගලයන් තමන් දන්නා තොරතුරු නිසි පරිදි තහවුරු කර එම මාධ්‍යයන් හරහා වාර්තා කරන විට ඒවා නොසලකා ඉහළ පිළි බලධාරීන් ඒවා හාස්‍යයට ලක් කරන්නේ නම් ඒ සම්බන්ධව සියළු වගකීම ඉහළ බලධාරීන් විසින් භාරගත යුතු ව ඇත..


පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දඬුවම් ලැබුවේ මරාගෙන මැරෙන ඝාතකයන් නොවන බව බලධාරීන් සිහියේ තබාගත යුතුය... යනුවෙනි.






Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook