සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟය තියුණු තරඟයකින් පසු ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 307ක් රැස් කළා.
එම ඉලක්කය හඹා ගිය කොදෙව්වන්ට නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 301ක් පමණයි.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ තුනට බිංදුවක් ලෙස පූර්ණ ජයක් ශ්‍රී ලංකාවට හිමිවුණා.
තරඟය පැවැත්වුණේ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීයි.