කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ අද පස්වරු 03.00 සිට පටන් සති දෙකක කාලයක් සඳහා වසා දමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගන්නා බවද ඔහු සදහන් කලේය.
ඒ අනුව අද දිනයේ පටන් දෙසතියක කාලයකට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සියලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ගමන්වාර අත්හිටුවා ඇත.
නමුත් භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානා සුපුරුදු ලෙස ක‍්‍රියාත්මකය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප‍්‍රධානීන් සමග වූ හමුවක් අමතමිනි.