Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පොලිස් කොස්තාපල් විනිසුරු වෙනුවෙන් ඩීල් එකට...
නඩුව යන විධියට නම් ඉඩම පන්සලට දෙන්න වෙනවා...

ඉතා ඉහළ ධුරයක කටයුතු කරමින් සිටින අයකු විසින් අල්ලසක් ඉල්ලා සිටින අවස්ථාවකදී ඊට එරෙහිව නිර්භීතව ඉදිරිපත්ව පැමිණිල්ලක් කිරීමට පිරිමි පාර්ශ්වයේ අයකු පවා පැකිළෙන වටපිටාවකදී කාන්තාව නිර්භයවම ඉදිරිපත් වී අල්ලස් කොමිසමට ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත්වීම ප්‍රශංසා කටයුතු බව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා පවසනවා.

අල්ලස් ලබාගත් හිටපු හෝමාගම විනිසුරුවරයාට දඬුවම් නිම කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ මෙම අල්ලස් පැමිණිල්ල සිදුකිරීමෙන් අනතුරුව පැමිණිලිකාර කාන්තාවගේ ව්‍යාපාර ස්ථානය පවත්වාගෙන යෑමට විවිධාකාරයෙන් බාධා යම් යම් නිලධාරීන් විසින් සිදුකොට ඇති බවට වාර්තා වී ඇති බවයි.

ඒ පිළිබඳව වෙනමම පරීක්ෂණයක් අල්ලස් හෝ විමර්ශන කොමිසම විසින් මේ වනවිටත් ආරම්භ කරනු ලැබ ඇති බවත් එවැනි තත්ත්වයක් ඇති වීමට කිසිසේත්ම ඉඩ තැබීමට අධිකරණය සූදානම් නැති බවත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා සඳහන් කළා.

2013 වර්ෂයේ වෙසක් මස 27 වැනිදා සන්ධ්‍යා භාගයේදී කොළඹ – හංවැල්ල ප්‍රධාන බස් මාර්ගයේ ඇඹුල්ගම ප්‍රදේශයේ කැලණි ගං ඉවුරේ පිහිටි කාන්තාව පදිංචි ස්ථානයට සිය නිල පෞද්ගලික ආරක්ෂකයා වූ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි නමැති මෙම අල්ලස් ගනුදෙනුවේ තැරැව්කරුවාද සමඟ තමාම පැදවූ මෝටර් රථයෙන්ම ළඟා වූ මේ විනිසුරුවරයා අල්ලස් මුදල ලබා ගනිද්දීම එතෙක් ඔහු එනතුරු රැකවල්ලාගෙන සිටි අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අතටම අසුවෙද්දී බියෙන් වෙව්ලා කන්නලව් කර ඇත්තේ තමාගේ දරු දෙදෙනා ගැන සිතා අනුකම්පා කොට තමා නිදහස් කරන ලෙසටයි.

2013 සිට 2020 වන තෙක් වසර 8ක් තරම් දිගු කාලයක් මෙම අල්ලස් නඩුව සාම්ප්‍රදායිකව දිගින් දිගටම කල් යැවෙමින් ප්‍රමාද වූවා මිස එලෙස කල් ඇදුනේ නඩුව ඔප්පුකරගන්නට තිබූ කුමන හෝ අඩුපාඩුවක් නිසා නොවේ.

නඩු විභාගයේදී හෙළිදරව් වූයේ හෝමාගම දිසා අධිකරණය හමුවේ ඇඹුල්ගම විහාරස්ථානයක හිමිනමක් විසින් මෙම අල්ලස් නඩුවේ ප්‍රථම පැමිණිලිකාරිය වන කාන්තාවට එරෙහිව ඇය හෝටලයක් පවත්වාගෙන යන ඉඩම පන්සලට අයත් බව පවසමින් පවරා තිබූ නඩුවක් මෙම විත්තිකාර විනිසුරුවරයා හමුවේ විභාගයට ගෙන තිබූ බවයි.

නඩුව දිගින් දිගටම ඇදීයද්දී එක් නඩු දිනයක අධිකරණයට පැමිණි පැමිණිලිකාරිය සමඟ කුලුපග වූ විත්තිකාර විනිසුරුවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි නමැති මෙම අල්ලස් නඩුවේ දෙවැනි විත්තිකරු ඇයට පවසා ඇත්තේ නඩුව යන විධියට නම් ඉඩම පන්සලට දෙන්නට සිදුවන බවත් එයින් සිදුවන බරපතළ හානිය ගැන තමාට හොඳින්ම වැටහෙන නිසා නඩුකාර උන්නාන්සේට කියා මොකක් හරි කරදෙන්නට තමාට උත්සාහ කළ හැකි බවත්ය.

ඒ අනුව පැමිණිලිකාරිය හා දෙවැනි විත්තිකාර කොස්තාපල්වරයා අතර සිදුවූ අදහස් හුවමාරුවලින් පසු මෙම අල්ලස ලබාදී නඩුව තමාට වාසියට තීන්දු කරවා ගැනීමට පැමිණිලිකාර කාන්තාව එකඟ වී තිබුණා .

කෙසේ වෙතත් මෙය පොලිස් කොස්තාපල්වරයාගේ උප්පරවැට්ටියක් විය හැකි බවට සැක උපදවා ගත් කාන්තාව මේ පිළිබඳව දෙවරක් නොසිතාම අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කරන්නේ තම හෝටලයට නිතර යන එන තමාට දැනමුතුකම් දෙන හිතවත් අයකුගේද උපදෙස් මතයි.

එපරිද්දෙන් අල්ලස් කොමිසම වෙතට යන ඇයට ලැබුණු උපදෙස් මත එතැන් සිට ක්‍රියාත්මක වූ පැමිණිලිකාර කාන්තාව අල්ලස් ලබාදීම සඳහා 2013 වෙසක් මස 27 වැනිදා සන්ධ්‍යා භාගයේ තම වාසස්ථානය අසලට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී තිබුණා.

ඒ අනුව සැලසුම් කළ ආකාරයෙන් සියල්ල සිදුවූ අතර අල්ලස් නිලධාරීන්ද මවිතයට පත්කරමින් සැබැවින්ම විනිසුරුවරයාම රිය පදවාගෙන පැමිණ අල්ලස් ලබාගනිද්දීම කොටුකරගන්නට ඔවුන්ට හැකි විය.

නඩු විභාගය අවසන් කොට එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට දින නියම කරන ලද්දේ 2020 පෙබරවාරි මස 20 වැනි දිනටයි.

විත්තියේ වාසියට නඩුවක් තීන්දු කිරීම සඳහා එකී විත්තිකාර කාන්තාවගෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම, ඒ සඳහා තම ආරක්ෂක නිලධාරි පොලිස් කොස්තාපල්වරයා සමඟ කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව එකී අල්ලස් මුදල එකී විත්තිකාර කාන්තාවගෙන් ලබා ගැනීම හා අල්ලසක් ලබා ගැනීම සඳහා පක්ෂග්‍රාහීව නඩු කටයුත්තක් ඉටු කිරීමට කටයුතු කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා විසින් පවරනු ලැබ සිටියා..

මෙම නඩුවේ තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු කළ ප්‍රකාශය ඉතා වැදගත් වූවකි.

“මෙවැනි බරපතළ ආකාරයේ වැරැදි කරන්නන්ටත්, එසේ කිරීමට සූදානම් වන අයටත් එලෙස කටයුතු කිරීමට පෙලඹී සිටින හා ඉදිරියේදී හෝ පෙලඹීමට ඉඩකඩ ඇති අයටත් යන සියල්ලන්ටම පාඩමක් වන පරිදි සමස්ත ජන සමාජයම අල්ලස් උවදුරෙන් මුදා ගැනීමට ඉවහල් වන පරිදි මෙම විත්තිකරුවන් දෙදෙනාට දිය හැකි උපරිම දඬුවම් නියම කිරීමට විනිශ්චයකාරවරයකු වශයෙන් මට පැවැරී ඇති අනුල්ලංඝනීය වගකීම ඉටු කිරීමක් වශයෙන් පියවර ගනිමි.

ඉකුත් කාලවකවානුව තුළ නීති ක්ෂේත්‍රයත් අධිකරණ ක්ෂේත්‍රයත් විශේෂයෙන්ම පොලිස් සේවයත් ඉතාමත්ම බරපතළ ලෙස පිරිහීමකටත් කඩා වැටීමකටත් ලක්ව ඇති බව විද්‍යමාන වන බවත් ඒ තුළින් සමස්ත සමාජයම ඉමහත් විනාශයකට මුහුණ දී සිටින අතර මෙම නඩුවේ පළමුවන විත්තිකරු සමස්ත අධිකරණ ක්ෂේත්‍රයටමත් ගෞරවනීය හා සම්භාවනීය ධුරයක් වූ විනිශ්චයකාර ධුරයටත් සිදු කොට ඇති අවමානය සුළුපටු නොවේ. එහෙයින් කිසිදු ලිහිල් කිරීමකින් තොරව බරපතළ වැඩ සහිත ක්‍රියාත්මක සිර දඬුවම් ඔහුටත් ඔහුට සහාය වූ පොලිස් කොස්තාපල්වරයාටත් ලබාදීමට තීන්දු කළා.”


සුරේකා නිල්මිණි ඉලං­ග­කෝන්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook