Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රැඳවීම සඳහා නව බන්ධනාගාර පරිශ්යක් ඇති කිරීමට ආරක්ෂක අමාත්‍යංශය මේවනවිට කටයුතු සුදානම් කරමින් පවතිනවා.

වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා සිටින ප්‍රබල ඝණයේ අපරාධකරුවන් 130 දෙනෙකු රැඳවීම එහි අරමුණයි.

ඒ අනුව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න සහ තවත් උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඒ සඳහා සුදුසු ස්ථානයක් නිරීක්‍ෂණය කළ බවයි වාර්තා වන්නේ.

ඔවුන් පළමුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඒ සඳහා යෝග්‍ය දැයි නිරීක්‍ෂණය කර ඇති අතර එම අපරාධකරුවන් රැඳවීමට එම බන්ධනාගාර යෝග්‍ය නොවන බවට ඔවුන් පසුව නිගමනයකට පැමිණ තිබෙනවා.

ඉන්පසු එම පිරිස බූස්ස බන්ධනාගාරයේ නිරීක්‍ෂණයකට එක්ව ඇති අතර එහිදී තීරණය කර ඇත්තේ ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් 130 දෙනා එහි රඳවා තැබීමටයි. දැනට එම බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් 22 දෙදෙනකු රඳවා සිටිනවා.

ඒ අතර වෙලේසුදා, කංජිපානි ඉම්රාන් සහ පොට්ට නවුෆර් රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. කොළඹ රඳවා සිටින ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා තැබීමට යෝග්‍ය සිරමැදිරි 150 ක් බූස්ස බන්ධනාගාරයේ පවතින බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.

එහි අලූත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කඩිනමින් කොළඹ රඳවා සිටින අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත යැවීමටයි තීරණය වී ඇත්තේ.

ඊට පෙර බුස්ස බන්ධනාගාරයට අවශ්‍ය ස්කෑනර් යන්ත‍්‍රද ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය එකඟතාව පළ කර තිබෙනවා.

බූස්ස බන්ධනාගාරයේ ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමටද තීරණය කර තිබෙනවා. පැය 24 පුරා ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට නියමිතයි.

ඊට යොදවන විශේෂ කාර්ය බලකා නිලධාරීන් ගණන 150 ක්. ඔවුන්ට අවශ්‍ය ගොඩනැගිලිද ප‍්‍රතිසංස්කරණය කෙරෙන බවද බන්ධනාගාර ආරංචි පැවසුවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් බන්ධනාගාරයට පැමිණෙන නිලධාරීන්, රැඳවියන් සහ රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් ඍජු පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතයි.

ඊට අමතරව මුර අට්ටාල අටෙහි පැය 24 පුරා ආරක්‍ෂක කටයුතු සිදුකරන්නේද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්.

ඉදිරියේදී බූස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුතු සඳහා රැගෙන යන රැඳවියන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ අධිකරණ වෙත රැගෙන යාමට නියමිත බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook