Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මහින්ද රාජපක්ෂ තමන් පැමිණි හෙලිකොප්ටරය  රත්නපුරයට යවා එම වරුණ ගෙන්වා ගත්තේය
මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දීමේ රහස් මෙහෙයුම පිටුපස සිටි සැඟවුණු චරිතය 

මෙම වසරේ ලොකුම මත්කුඩු තොගය අල්ලා ගන්නට සමත් වූ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්ර පොලිස් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට පත්වේවි යැයි බොහෝ අය සිතූහ.

අපේ රටේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන පොලිස් විශේෂ කාර්ය බළකාය බිහි කිරීමෙන් පසු එම බළකායට අලුත් මුහුණුවරක් දුන්නේ නම් ඒ නිමල් ලෙව්කේය. 2001 වසරේදී නිමල් ලෙව්කේ විශේෂ කාර්ය බළකා ලොකු පුටුවට පත්වීමත් සමග විශේෂ කාර්ය බළකායට ලැබෙන්නේ නව පණකි. ඒ නිමල් ලෙව්කේ සහ විශේෂ කාර්ය බළකාය යනු දෙදෙනෙක් නොවන බැවිනි.

විශේෂ කාර්ය බළකාය පාතාල අපරාධ මර්දනයට අත තබන්නේද එකලය. රටේ නමගිය පාතාල අපරාධකරුවන් විශේෂ කාර්ය බළකායේ වෙඩි උණ්ඩවලට ගොදුරුවන විට පාතාලයේ ගෝඞ් ෆාදර්වරු අතුරුදන් වන්නේ අදටත් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයා ගන්නට ඉඩක් නොතබමිනි.

එදා නිමල් ලෙව්කේ පාතාල අපරාධ මර්දන ඒකකයක් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව ස්ථාපිත කරන්නේ පාතාල අපරාධකරුවන් සහ පාතාල ක්‍රියාකාරකම් ගැන සොයා බැලීමට බුද්ධි අංශයක්ද ස්ථාපිත කරමිනි. එම බුද්ධී අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතවූයේ අජිත් වික්‍රමසේකරය. රාජ්‍ය බුද්ධි සේවයේ සිට විශේෂ කාර්ය බළකායට සම්බන්ධ වූ ඔහු යටතේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කළේය.

ඔහු වෙන කිසිවෙක් නොව, වරුණ ජයසුන්දරය. පසු කාලයේ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පාතාලය නිහඬ කිරීමට විශාල වැඩ කොටසක් කරන්නේ ඔහුය. පසුගිය කාලයේ රටේ විවිධ තැන්වලින් කිලෝ සිය ගණනින් මත්කුඩු තොග සොයා ගන්නේත්, කොකේන් කන්ටේනර් පිටින් අල්ලන්නේත් ඔහුගේ ගෝලබාලයින්ය. මාකඳුරේ මධුෂ්ව ඩුබායි පොලීසියට කොටුකර දීමේ රහස් මෙහෙයුම පිටුපස සිටි සැඟවුණු චරිතය වූයේද ඔහුය.

පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින අල්ලසට ගැති නොවන අතලොස්සක් නිලධාරීන් අතර සිටින නිලධාරියෙක් වන වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවේ ඉන්දවීමට ඔහු දන්නා මෙන්ම නොදන්නා බොහෝ පිරිසක්ම උත්සහ ගත්තේය. ඒ ඔහු දේශපාලන ගැත්තෙක් නොවී රජකාරිය නිසි ලෙස ඉටුකරන නිලධාරියෙක් වන බැවිනි.

මේ වන විට විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියා ලෙස පත්කරන ලෙස ජාතික පොලිස් කොමිසම විසින් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට දැනුම් දී ඇති නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකද දේශපාලන ගැත්තෙක් නොවන කොන්දක් ඇති නිලධාරියෙකි. මෙතෙක් කලක් විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවේ සිටි කීර්තිමත් පොලිස් නිලධාරියෙක් වන එම්.ආර්. ලතීෆ් පොලිස් සේවයෙන් ඉකුත් 04 වෙනිදා විශ්‍රාම යන විට විශේෂ කාර්ය බළකායේ දෙවැනියා ලෙස සේවයේ නිරතව සිටියේ ලයනල් ගුණතිලකය.

උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසම සේවයේ නිරතව සිටියේ විශේෂ කාර්ය බළකායේය. සාමාන්‍ය පොලිස් සේවයට එක්වූ ඔහු දිවයිනේ පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිධුරයද හොබවා ජනතා ප්‍රසාදය දිනාගත් නිලධාරියෙකි.

යුද්ධය දරුණුවටම පැවැති අවසන් වකවානුවේදී කැබතිගොල්ලෑවේ යකා වැව ප්‍රෙද්ශයේදී බස් රථයක් ඉලක්කර පුපුරාගිය බෝම්බයෙන් මුළු ගමක්ම මළගමක් වන විට එවකට ජනාධිපතිධුරය හෙබවූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ කැබතිගොල්ලෑවට ගිය විට ජනතාව සිය ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක්ව ඉල්ලා සිටියේය. ඒ කාලයක් කැබතිගොල්ලෑව පොලීසියේ සිටි පොලිස් ස්ථානාධිපතිවරයාවය. ගම් වැසියන් කියන්නට වූයේ ඔහු පොලිස් ස්ථානාධිපතිවරයාව සිටියදී ගමට කිසිදු ත්‍රස්ත තර්ජනයක් එල්ලනොවුණු බවය.

ඒ වන විට එම පොලිස් ස්ථානාධිපතිවරයා සිටියේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීමක් ලබා රත්නපුරයේය. ජනතා ඉල්ලීමට ඇහුම්කන් දෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් පැමිණි හෙලිකොප්ටරය ඒ මොහොතේම රත්නපුරයට යවා එම නිලධාරියාව කැබතිගොල්ලෑවට ගෙන්වා ගත්තේය. එදා කැබතිගොල්ලෑවේ ජනතාව ඉල්ලා සිටි නිලධාරියා වෙන කිසිවෙක් නොව, ලයනල් ගුණතිලකය. යුද්ධය නිම වන තුරුම ලයනල් ගුණතිලක කැබතිගොල්ලෑවේ රැඳී සිටියේය. ඒ කාලය තුළ කැබතිගොල්ලෑවේ කිසිදු බෝම්බයක් පුපුරා ගියේ නැත. ත්‍රස්ත ප්‍රහාරයක්වත් එල්ල නොවීය.

මේ නිලධාරියා රත්නපුරයේ සේවයේ නිරතව වූයේ සංවිධානාත්මක අපරාධ මර්දනයේය. කැබතිගොල්ලෑවට පැමිණි ඔහු එතැනින් යන්නේ හැටන්වලටය. එතැනින් ඔහු ස්ථාන මාරුවීමක් ලබන්නේ කොළඹ උතුර කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසිනි. විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස ඔහුට ස්ථාන මාරුවක් ලැබෙන්නේ ඉකුත් වසරේදීය. ඒ විශේෂ කාර්ය බළකායේ එකල ප්‍රදානියා ලෙස සේවයේ නිරතව සිටි ලතීෆ් විශ්‍රාම ගිය පසු ඒ හිඩැස පුරවන්නට පොලිස් ප්‍රධානීන් කළ සැලසුමකට අනුවය.

ඒ වන විට වරුණ ජයසුන්දර ද සිටින්නේ විශේෂ කාර්ය බළකායෙන් ඉවත්ව සාමාන්‍ය පොලිස් රාජකාරිවලට අනුයුක්ත කරමිනි. ඔහු කාලයක් නීතිය හා සාමය අමාත්‍යාංශයේ පොලිස් සම්බන්ධිකාරක ලෙස සේවයේ නිරතව සිටියේය. චාවකච්චේරිය කොට්ඨාස භාර පොලිස් ප්‍රධානියා ලෙසද සේවයේ නිරතව සිටියේය. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා වැඩ තහනමකට ලක්ව අත්අඩංගුවට ගන්නා විට ඒ හිඩැස පුරවන්නට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්කරන්නේද වරුණ ජයසුන්දරවය.

මේ දෙදෙනාගෙන් නියෝජ්‍ය පොලිස්පතිධුරයට මුලින්ම උසස්වීම් ලබන්නේද වරුණය. නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීමෙන් පසු වරුණට හිමි වන්නේ බදුල්ල සහ මොණරාගලය. එහෙත් ඔහුට වැඩි කාලයක් එහි ගතකරන්නට ඉඩක් නොවීය. බස්නාහිර පළාත් උතුරු දිසා (ගම්පහ) පොලිස් ප්‍රධානියා ලෙස ස්ථාන මාරුවීමක් ලැබීය. ලයනල් ගුණතිලක නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස් වන්නේ ඒ අතරතුරදීය. ඔහු සමග උසස්වීම් ලද නිලධාරීන් රැසකට දිවයිනේ දිස්ත්‍රික් රැසකම පොලිස් ප්‍රධානී තනතුරු ලැබුණත් ඔහුව විශේෂ කාර්ය බළකායේම රඳවා ගත්තේ ඊළග ප්‍රධානියා බවට ඔහුව පත්කරන්නටය.

එහෙත් අවසානයේදී සිදුවන්නේ විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ තරගයකි. ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේද තරගය ජයටම පැවතුණි. අවසානයේදී වැඩ බලන පොලිස්පතිවරයාද ගිරයට අසුවුණු පුවකක් මෙන් අසරණ වන තරමට මේ තරගය උඩු දිව්වේය. අවසානයේදී ජාතික පොලිස් කොමිසම තීන්දුවක් ගත්තේ ලයනල් ගුණතිලකට විශේෂ කාර්ය බළකායේ ලොකු පුටුවට පත්කරන්නටය.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ බව සදහන් කරමින් අපරාධ චෝදනා ගොනුකර මාස හතරක් තිස්සේ බන්ධනාගාරගතකර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට අධිකරණයෙන් ඇප ලැබෙන්නේ මේ අතර තුරදීය.

දේශපාලන ලොක්කන්ගේ ගැලවිල්ලට සියළු පව් ඔවුන් පිට පටවා මෙතෙක් කලක් සිරකරගෙන සිටි මේ දෙදෙනා වැඩි කල් යන්නට මත්තෙන් මෙතෙක් රටටම රහසක් වන පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ රහස හෙළිකරනු ඇත. එදා ඇප මත නිදහස ලබා අධිකරණයෙන් එළියට එන විට මාධ්‍යවේදීන් ඔවුන් දෙදෙනාව වටකරගත් විට ඔවුන්ගේ නීතීඥයා පවසන්නේ පාස්කු කොමිසම හමුවේ සැබෑව රටට හෙළිකිරීමට ඔවුන් සූදානමින් සිටින බවය. පාස්කු කොමිසම හමුවේ ඉකුත් සිකුරාදා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධනද සාක්ෂි දුන්නේය.

ඒ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙනි. මාවනැල්ලේ බුදුපිළිම හානි කිරීම් වලට සම්බන්ධ මරාගෙන මැරෙන්නට පුහුණුව ලැබූ සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරදෙන බව අසාද් සාලි පොරොන්දු වූ බව මුලින්ම රටට හෙළිකළේ ඔහුය. පොලීසියේ නමගිය චරිතයක් වන පාලිත සිරිවර්ධන මේ වන විට පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තද නැවත පොලිස් සේවයට ගැනීමට කැබිනට් පත්‍රිකාවක් පවා සකස් වී හමාරය. ඉකුත් සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් එය සිදුනොවන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ලැබිය යුතු වාර්තාවක් නොලැබීම නිසාය. ඒ අනුව පාලිත සිරිවර්ධන නැවත පොලිස් සේවයට පත්කිරීමේ කැබිනට් තීරණය ගැනීමට නියමිතව ඇත්තේ මෙම සතියේදීය.

පාලිත පොලිස් සේවයට නැවතත් කැබිනට් අනුමැතියෙන් පැමිණීමත් සමග ඔහුට හිමිවීමට නියමිතව ඇත්තේ කොළඹ නියෝජ්‍ය පොලිස්පතිධුරයයි. ඔහුගේ ඒ ආගමනයෙන් බියට පත්ව සිටින ඉහළ පොලිස් නිලධාරීන් මේ වන විටත් ඔහුට එරෙහිව සටන තීව්‍රකර හමාරය. ඒ වෙන කිසිවක් නිසා නොව, ඉහළ දේශපාලන අධිකාරිය සමග ඝෘජු සම්බන්ධකම් පාලිත සිරිවර්ධනට ඇති බැවින් දැනට ඉහළ දේශපාලන අධිකාරිය සමග ගනුදෙනු කරන පොලිස් ලොක්කන් කිහිප දෙනෙකුම පාලිතගේ පැමිණිමත් සමග එම දේශපාලන අධිකාරියෙන් කැපී යමින් පොලීසිය සමග ගනුදෙනු පාලිත සමග සිදුවන බව දන්නා බැවිනි. කෙසේ වෙතත් බහුතරයක් පොලිස් නිලධාරීන් නම් සිය කැමැත්ත දක්වන්නේ පාලිතගේ පැමිණිමටය.


Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook