Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා පෙබරවාරි 4වන දින පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

දෙස් විදෙස් මත්ද්‍රව්‍ය ජාලා, පාතාල කල්ලි සම්බන්ධයෙන් දැඩි අධ්‍යයනයක් සිදු කළ පුද්ගලයෙකු වන ඔහු විදෙස් රටවල සැඟව සිටිමින් මෙරටට හෙරොයින් ඇතුළු විස මත්ද්‍රව්‍ය රහසිගතව එවන මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, අංගොඩ ලොක්කා, කිඹුලාඇළේ ගුණා ඇතුළු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගෝලබාලයන් අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද සමගයි.

ගොඩබිමේ පමණක් නොව මුහුදු මාර්ග ඔස්සේද දියත් කළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් ඉකුත් වසරේ පමණක් රුපියල් කෝටි 700කට අධික හෙරොයින් කිලෝ 707කට අධික තොගයක් සමඟ ජාවාරම්කරුවන් 1552ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා.

2018 වසරේදී හෙරොයින් කිලෝ 506කට අධික තොගයක් සමඟ සැකකරුවන් 953 දෙනකු අත්අඩංගුවට ගැනීමට එම බළකා සෙබළුන් සමත්ව තිබෙනවා.

ලතීෆ්ට වයස අවුරුදු හැට සම්පූර්ණ වූයේ ඉකුත් වසරේ පෙබරවාරි 05 වැනි දිනය. එදිනට ඔහු විශ්‍රාම යන බවට තතු දැනගත් පාතාල නායකයන් සගයන් සමඟ සතුටු වූ අතර රටට ඔහුගෙන් තවදුරටත් සේවයක් ලබාගත හැකි බැවින් ඔහුට වසරක සේවා දිගුවක් හිමිවුණා.

එම සේවා දිගුව හිමි වූයේද පෙබරවාරි 05 වැනි දිනය. එදිනම රටම භීතියට පත් කරමින් සිටි මාකඳුරේ මධුෂ් ඇතුළු කල්ලිය ඩුබායිහිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම්.ආර්. ලතීෆ්ගේ විමර්ශන සහායත් සමගයි.

2019 වසරේ පමණක් ප්‍රබල පෙළේ පාතාල නායකයන් ඇතුළු සෙසු සාමාජිකයන් 117ක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායට හැකි වූයේ ද ලතීෆ්ගේ නොසැලෙන නායකත්වය සමගයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවකු වන ඔහු පාසල් අවධියේදී රගර්, හොකී ක්‍රීඩාවන්ගෙන් විද්‍යාලය නියෝජනය කළ අතර මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ කම්කරු සබඳතා හා මානව සම්පත් කළමනාකරණ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටිනවා.

සිය රාජකාරි දිවිය තුළ ජාතික බුද්ධි සේවාවේ (NIB), රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) විවිධ තනතුරු හෙබවූ ඔහු යුද්ධය පැවැති වකවානුවේ ත්‍රස්ත මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ආදී තනතුරුවලද රාජකාරි සිදු කළා.

මාතෘ භූමියේ ස්වෛරිත්වය වෙනුවෙන් යුද බිමේදී දිවි හිමියෙන් සිදුකළ රාජකාරි අගයමින් පොලිස් වීරතා පදක්කම (1992), පූර්ණභූමි පදක්කම (1993), නැඟෙනහිර මානුෂික මෙහෙයුම් පදක්කම (2007), පොලිස් විශේෂ සේවා පදක්කම (2001) ඇතුළු පදක්කම් රැසකින් ඔහු පිදුම් ලබා තිබෙනවා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook