Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට විනාඩි 20කට පෙර සෑම පුද්ගලයකුටම කෙටි පණිවුඩයක් මඟින් රියැදුරු බලපත්‍රය ලබාගැනීමට හැකි බව දැනුම්දීමේ සේවයක් ආරම්භ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි පැමිණීමෙන් පසු මෙම වෙනස්කම් සිදුවූ බවත් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මහතා හා කොමසාරිස් රියැදුරු බලපත්‍ර සමන්ති මිහිඳුකුල මහත්මිය පවසනවා.

රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ උපරිම පැය ගණන 03ක් වන අතර අවම පැය ගණන 02ක් වන බවත් ඊට අදාළ කාලය තුළ ඕනෑම පුද්ගලයකුට රියැදුරු බලපත්‍රයක් නිකුත් කරන බවත් සඳහන් කරන රියැදුරු බලපත්‍ර කොමසාරිස් සමන්ති මිහිඳුකුල මහත්මිය, මෙලෙස රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට පැමිණි සෑම අයකුම නව පෝලිම් කළමනාකරණ වැඩපිළිවෙළ යටතේ තමාට ලැබුණු ටිකට් පතේ අංකය ඩිජිටල් තිරය මත ප්‍රදර්ශනය වන අතර ඊට යොමු විය යුතු කුටියද එම ඩිජිටල් පුවරු මත ක්‍රියාත්මක වන බවත් ඊට පසු සියලුම ලිපිද්‍රව්‍ය ඇඟිලි සලකුණු හා පින්තූර ලබා දුන් පසු රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමට විනාඩි 20කට පෙර රියැදුරු බලපත්‍රය ලැබෙන බවට තම ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබීමට සලස්වා ඇති බවත් සඳහන් කළා.

එසේම මීට පෙර තැරැව්කරුවන් මඟින් රියැදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ මුදල් ලබාගනිමින් රියැදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය හා වෙනත් අයථා ගනුදෙනු 100%ක් නතර වී තිබෙන බවත් ඉදිරියේදී යටිතල පහසුකම් හා නිලධාරීන්ගේ පුරප්පාඩු ගැටලුද සම්පූර්ණ කර රියැදුරු බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවට වඩා කාර්යක්ෂමව සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් උපාලි ජයසේකර මහතා සඳහන් කළා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු මඟින් මසකට රියැදුරු බලපත්‍ර 22500 අවමද උපරිමය 35000ක් ලෙස චක්‍රලේඛගතව තිබුණද මේ වනවිට අවමය මසකට 65000ක් ද උපරිමය 100,000ක් දක්වාද රියැදුරු බලපත්‍ර නිකුත් කරන බවටද රියැදුරු බලපත්‍ර කොමසාරිස් සමන්ති මිහිඳුකුල මහත්මිය කියා සිටියා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook