Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පළමු විවාහය පිළිබඳ අමිහිරි අත්දැකීමකට මුහුණ දිලානෙ ඉන්නෙ

මා ගැන සමාජයේ තිබුණ පිළි ගැනීම සම්පුර්ණයෙන්ම අනිත් පාර්ශ්වය නැතිකරල දැම්මා

කථිකාචාර්යවරියක් විදියට ළගදීම වැඩ බාරගන්නවා

වර්තමානයේ ලංකාවේ ජනප‍්‍රියතම තරු අතලොස්ස අතරේ රැඳෙන ශේෂාද්‍රි ප‍්‍රියසාද් තිරයේ දකින්න ලැබෙන්නෙ කලාතුරකින්. එපමණක් නෙවෙයි” ඇය මාධ්‍ය වෙත සිය අදහස් පළකරන්නෙත් කලාතුරකින්.

 ඉතින් අපට මෙලෙස කලාතුරකින් ලැබෙන අවස්ථාවක් උදාවුණා. බලන්න ඇය ඔබට පවසන්නෙ ඔබ ඇගෙන් විමසා දැනගන්නම සිතූ කාරණාද කියල.

තිරයේ දකින්න ලැබුණත් නොලැබුණත් රසිකයන්ගේ ආදරය ඔබ සමග නේද?

ඇත්තටම මම ගොඩක් වැඩ කළේ නැති වුණාට හැමෝගෙම ආදරය ලැබෙනව. ඒකට හේතුව මම වැඩ කළේ නැති වුණාට මගේ අක්කයි නංගියි නිසා මාව අමතක වෙන්නෙ නැති බවක් තියෙනව. අනිත් එක ගොඩක් වෙලාවට මම රඟපාපු චිත‍්‍රපට රූපවාහිනියේ නිතරම පෙන්වනව. ඒවට මට රසිකයන්ගෙන් ප‍්‍රතිචාර ලැබෙනව. රංගනයට දායක නොවුණට මම වෙනත් කලා කටයුතුවලට යනව. අපි ශෝෂල් මීඩියාවල අපේ තොතුරු හා ඡුායාරූප දානව. මේ නිසා රසිකයටන්ට මාව අමතක වෙලා නැහැ. එදා ලැබුණ ආදරේ එහෙමම තියෙනව.

ශේෂාද්‍රි කියන්නෙ අහිංසකාවියක්ද?

මම සාමාන්‍ය කෙනෙක්. ගොඩක් අය අපිව විවිධ විදිහට දකිනවනෙ. සමහරු හිතනව මම හරිම නපුරු කෙනෙක් කියල. සමහර අය කියනව ඔයා හරිම අහිංසකයි කියල. ඇත්තම කියනව නම් මම මගේ පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙක්.

ශේෂාද්‍රිටත් අක්කටයි නංගිටයි වගේම රංගනයට ඇරයුම් ලැබුණත් ඇයි මේ නිහඬ?

කලාවෙන් මට ආරාධනා ලැබෙනව. ඒත් මම කවදත් වැඩ තෝරගෙන කරපු කෙනෙක්. මම කැමති නැහැ ගොඩක් කාර්යබහුල වෙන්න. එකක් ඉවරවුණ ගමන් එකක් කරන්න මම කැමතිත් නැහැ. ඉස්සර වැඩ කරගෙන ගිය විදිහටම තමයි මම දැනුත් වැඩ කරන්නෙ. හොඳ ආරාධනාවක් ලැබුණොත් තෝරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. මොකද අවුරුදු පහක නැවතීමකින් පස්සෙ අලූතින් යමක් කරනව නම් හොඳ අධ්‍යක්ෂවරයෙක් සමග හොඳ නිර්මාණයකට දායක වෙන්න ඕන කියල හැඟීමක් මට තියෙනව.

ඔබ තුළ සිටින නිළිය අතරමග නැවතිලා බලා හිටියට නිවේදිකාව නම් සක‍්‍රියයි?

ඔව් මම මගේ කලා දිවිය මුලින්ම පටන් ගත්තෙ නිවේදිකාවක් විදිහට. අදටත් මම නිවේදන ක්ෂේත‍්‍රයේ ඉන්නව. මේ දවස්වල මම ටී. වී. දෙරණෙ බයිස්කෝප්් වැඩසටහන ඉදිරිපත් කරනව.

ජනප‍්‍රිය නිළියක් වන ශේෂාද්‍රි ටෙලි තිරයට පායන්න නොසිතුවෙ ඇයි?

ටෙලි නාට්‍ය ගැන මම ඒ තරම් දන්නෙ නැහැ. මම මෙතෙක් රඟපාල තියෙන්නෙ චිත‍්‍රපටවල පමණයි. නමුත් හොඳ ටෙලිනාට්‍යයකට ඇරයුමක් ලැබුණොත් ඒ ගැන හිතා බලනව.

වෘත්තීය කලාකාරිණියක් නොවන ඔබ කිසියම් වූ වෘත්තියක නියැලෙන්නියක්ද?

පුර්ව ළමා සංවර්ධනය කියන ක්ෂේත‍්‍රයෙන් තමයි මම මගේ උසස් අධ්‍යාපනය කළේ. මම හරි ආසයි කුඩා දරුවන් සමග වැඩ කරන්න ගෙවී ගිය කාලයේ මම ගොඩක් සතුටින් කළ වෘත්තියක් තමයි ඒක. මේ වන විට මම කිසිම වෘත්තියක නිරත වෙලා නැහැ. නමුත් මම බලාපොරොත්තු වෙනව ඉගෙන ගත්ත දෙයින් සමාජයට සේවයක් කරන්න. ඊට අමතරව ළඟදීම කථිකාචාර්යවරියක් විදිහටත් වැඩ පටන් ගන්න බලාපොරාත්තුවෙන් ඉන්නව.

ශේෂාද්‍රි ඔබේ විවාහය ළඟදිම සිදුවෙනවද?

ඒ කාරණය දෙමවුපියන්ටයි කාලයටයි බාරදිලා තියෙන්නෙ. මම පළමු විවාහය පිළිබඳ අමිහිරි අත්දැකීමකට මුහුණ දිලානෙ ඉන්නෙ. මම නැවත විවාහ වෙනව නම් ඒක ආවට ගියාට කරන්න බැරි දෙයක්. මම අනිවාර්යයෙන්ම විවාහ වෙනව. ඒක කවද කොයි වෙලාවෙ වෙනවද කියල තවම තීරණයක් නැහැ. ඉදිරියේදි අපි බලමු.

පහුගිය කාලයේ බිඳවැටුණ ඔබේ විවාහය ගැන මාධ්‍ය හා මිනිසුන් සීමාව ඉක්මවා කතා කළා කියල මම පැවසුවොත්?

මම අවුරුදු පහක්ම හැම දේකින්ම අයින් වෙලා හිටිය කෙනෙක්. ඒකට හේතුව වෙන්නෙ මම විවාහ වුණා. ඒ විවාහයේ මට ඉන්න බැරි තැනට ආව නිසයි මම එතනින් අයින් වුණේ. අපි කසාද බඳිද්දි අපි දික්කසාද වෙනව කියල හිතල විවාහ වෙන්නෙ නැහැනෙ. එතන ඇතිවුණ හැම ප‍්‍රශ්නයක්ම නිරාකරණය කරගන්න මම උත්සාහ කළා. එහෙම කරගන්න බැරිවුණ නිසා තමයි ඒ තීරණය ගන්න සිද්ධ වුණේ. එහෙමයි කියල මේ ලෝකෙ දික්කසාද වුණ එකම ගැහැනු කෙනා මම නෙවෙයිනෙ.

ජනප‍්‍රිය කෙනෙක් නිසා සමාජය ඒ ගැන කතා කරනව වැඩියි. සමහර ගොසිප් සයිට් ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියල දන්නෙ නැතිව මගේ දික්කසාදය ඉස්සරහට දාල කතා කියුවා. මේ අවස්ථාවේ මම හිත හදාගත්තෙ මම අතේ වැරැුද්දක් නැහැනෙ කියල හිතලයි. මම නිවැරදියි කියල ඔප්පු කරන්න මේ සිදුවීමේදි මගේ පැත්තෙ කතාව කියන්න ගියානම් මගේ පුද්ගලික ජීවිතයට බලපෑමක් වෙනව. මා ගැන සමාජයේ තිබුණ පිළි ගැනීම සම්පුර්ණයෙන්ම අනිත් පාර්ශ්වය නැතිකරල දැම්මා. නමුත් මම ඔවුන් ගේ තත්ත්වයට වැටුණෙ නැහැ. මම නිහඬව සිටියා. කොහොමත් ඒ හැමදේම සමනය වෙලා අවුරුදු පහක් වෙනව මට ඒවා ආයෙත් අවුස්සන්න ඕන නැහැ.

ඔබ කතා කරන්නෙ බලවත් පසුතැවීමකින් හැඩයි?

අපි මේ ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රියයිනේ. ඒක නිසා තමයි අපේ ජීවිතවල මොකක් හරි දෙයක් වුණොත් ඒ දේවල් ඉක්මනින් ප‍්‍රසිද්ධ වෙනව. මිනිස්සු ඒ ගැන කතා කරනව. නමුත් රංගන ක්ෂේත‍්‍රයේ නෙවෙයි” ඕනම ක්ෂේත‍්‍රයක ඉන්න අයගේ ජීවිතවල මේ වගේ දේවල් සිද්ධ වෙනව. ඒවා ප‍්‍රසිද්ධ වෙන්නෙ නැහැ. මම දුක්වෙනව” මේ වගේ දේවල්වලින් සතුටු වෙන අයගෙ මානසික මට්ටම ගැන.

ධම්මිකා සුරංජි පතිරණ


Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook