හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන එළඹෙන මාර්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මුදල් විශුද්ධිකරණය සම්බධයෙන් චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු මන්ත්‍රීවරයාට විරුද්ධව නඩු පවරනු ලැබුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ වසර 5 තුළ ඔහු රුපියල් මිලියන 362ක් අයුතු ලෙස රැස් කරගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.