Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


ප්‍රසම්පාදන සංග්‍රහයට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවා යමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1524.44ක් වැය කර කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත මිලදී ගත් පෞද්ගලික ගොඩ නැගිල්ල නීති විරෝධී ඉදිකිරීමක් බව අනාවරණය වී තිබෙනවා.

එම ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට කටයුතු කළ පාර්ශ්වල තීරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා එම නිර්දේශය කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා පෞද්ගලික ගොඩනැගිල්ලක් කුලීපදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් කළ විශේෂ විගණනයකින් පසු සිය වාර්තාව ඉදිරිපත් කරමිනි.

කෘෂිකර්ම අමාත්‍යංශය සතුව බත්තරමුල්ලේ හෙක්ටයාර එකක භූමියක් තිබිය දී එහි ගොඩනැගිල්ලක් ඉදි කිරීමකින් තොරව ගොඩනැගිලි කුලිය වශයෙන් මසකට රුපියල් මිලියන 21 බැගින් වර්ෂ පහක් සඳහා රුපියල් මිලියන 1260ක් ගෙවීමට රජයේ පාර්ශ්ව එකඟ වී තිබුණු බව විගණනයේදී අනාවරණය වී තිබුණා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු සෙත්සිරිපායේ පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගෙන තිබිය දී එය ප්‍රමාණවත් නොවන බවට හිටපු අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, එසේ ප්‍රමාණවත් නොවීමට පැහැදිලි හා ලිඛිත හේතු ඉදිරිපත් කර නොතිබූ බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එම කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබීමෙන් පසු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ පටිපාටි අනුගමනය කිරීමකින් තොරව මෙම පෞද්ගලික ගොඩනැගිල්ල තෝරාගෙන තිබුණු බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කර තිබුණා.

එලෙස තෝරාගත් පෞද්ගලික ගොඩනැගිල්ල සම්මත උස සහ මහල් සංඛ්‍යාව ඉක්මවා අනුමැතියකින් තොරව ඉදි කිරීම සිදු කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව ද විගණනයේ දී අනාවරණය වී තිබෙනවා.

අනුමත මහල් සංඛ්‍යාවට වඩා මහල් තුනක් වැඩියෙන් හා අනුමත උසට වඩා අඩි 33ක් වැඩියෙන් උසට ඉදි කර තිබූ මෙම ගොඩනැගිල්ල නීත්‍යනුකූල ඉදි කිරීමක් නොවී තිබිය දී කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා තොරාගෙන ඇති බව විගණකාධිපති සඳහන් කර තිබෙනවා.

ගොඩනැගිල්ල කුලියට ගැනීමේ ගිවිසුම්ගත දිනය වූ 2016 අප්‍රේල් 08 වැනි දින සිට 2017 ජුනි මාසය දක්වා කෘෂිකර්ම අමාත්‍යංශය එම ගොඩනැගිල්ලට ගෙන නොයෑම නිසා අදාල කාලයේ රුපියල් මිලියන 315ක් අනාර්ථිකව වියදම් කර තිබුණු බවත්, මෙම කාල සීමාව සඳහා සේවා ගාස්තු ලෙස වර්ග අඩියකට රුපියල් 60 බැගින් රුපියල් මිලියන 92.7ක අතිරේක මුදලක් ගෙවා ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කෘෂිකර්ම අමාත්‍යංශයේ තිබුණු ලීබඩු හා උපකරණ ඉහළ වටිනාකමකින් යුතු හා භාවිතයට ගත හැකි මට්ටමේ තිබුණ ද එම උපකරණ වෙනත් රජයේ ආයතනයකට බෙදා දී මෙම ගොඩනැගිල්ල සඳහා රුපියල් මිලියන 114.6ක් වැය කර ලීබඩු උපකරණ අලුතින් මිලදී ගැනීමට කටයුතු කර තිබුණු බව ද මෙම විගණනයේ දී නිරීක්ෂණය වී තිබෙනවා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook