තමන් පාර්ලිමේන්තුවට ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු ඇතුළු තවත් කිහිපදෙනකු සමග තමන් කළ දුරකථන සංවාද ඇතුළත් හඬපට බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කර තිබෙනවා.
ඉකුත් වතාවේ පාර්ලිමේන්තුව අමතමින් රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ තමන් සතුව දැනට එළියට පැමිණ ඇති හඩපටවලට වඩා ආන්දෝලනාත්මක හඩපට පවතින බවත්, තමන් ඉදිරියේදී ඒවා පාර්ලිමේන්තුවට ලබා දීමට කටයුතු කරන බවත්ය.