Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සජිත් ‌ප්‍රේමදාස මහතා සිය නව සන්ධානය සදුදා දිනයේදී ‌නෙළුම් ‌පොකුණ රගහලේ එළිදැක්වීමට සූදානම් කර ඇති බවට වාර්තා වීමත් සමග පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් කැදවීමට පියවර ‌‌ගෙන තිබෙනවා..

මෙම රැස්වීම ‌හෙට (28) පස්වරු 3ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

මෙහිදී ඉදිරි මහමැතිවරණයේදී තරග කරන ආකාරය පිළිබදව වික්‍රමසිංහ මහතා සිය මතය ප්‍රකාශ කරනු ඇති බව දැනගන්නට තිබෙනවා.

සජිත් ‌ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සදුදා දින පැවැත්වෙන නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය කඩාකප්පල් කිරීම සදහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ‌මෙහෙයුමක් ‌මේ වනවිට සිරිකොත මුල් කරගෙන ක්‍රීයාත්මක කර ඇති බව වාර්ත‌ා ‌වනවා.

ඒ අනුව සජිත් ‌‌ප්‍රේමදාස මහතා සදුදා පෙරවරු 10ට ‌නෙළුම් ‌පොකුණේ පැවැත්වෙන උත්සවය සදහා පක්ෂයේ සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරීමට පියවර ‌ගෙන ඇති අතර අද (27) දිනයේදී සිරිකොතින් ලැබුණු පණිවුඩයකින් කියවී ඇත්තේ සදුදා ‌පෙරවරු 9ට වික්‍රමසිංහ මහතා විසින් ‌මෙම මන්ත්‍රීවරුන්ට සිරිකොතේ රැස්වීමක් සදහා කැදවා ඇතැයි කියායි.

එම රැස්වීමට අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවත්, ඊට ‌නොපැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, අවම වශයෙන් ඔවුන්ට පක්ෂයෙන් නාමයෝජනා ‌හෝ ‌නොලැබෙන බවත් ‌මෙහිදී දැනුම් දී ඇතිි බවද වාර්තා ‌වනවා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook