මේ වෙනකොට මේක උසාවියේ නඩුවක් තියෙන property එකක්.
රංගන ශිල්පී රොෂාන් පිලපිටිය සහ බිරිඳ රිද්මා තමන්ගේ නිවස සම්බන්ධයෙන් ඡායාරූප සමග මාධ්‍යවලට කරුණු දැක්වීමක් කර තිබුණා.
එය දුටු චතුරිකා පීරිස් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර එය දැඩිව විවේචනය කරමින් සඳහන් කර ඇත්තේ මෙම නිවස සඳහා තමන් හා රොෂාන් අතර නඩුවක් පවතින බවයි.
‘මම දැක්කා නෙයෙකුත් අවස්ථා වල මේ නිවස සහ ඒ පිළිබඳව ලොකු ප්‍රචාරයක් දෙනවා. මම ඇත්තටම මේ කතා කරේ නීතිඥවරයකුගේ උපදෙස් මත. මේ වෙනකොට මේක උසාවියේ නඩුවක් තියෙන property එකක්. ඉතිං මේ නිවස ගැන කියලා තියනවා මම දැක්කා. නමුත් මේ කියලා තියන විස්තර නිවස හදපු කාලේ, ඉඩම ගත්ත කාලේ ඒ ඔක්කොම දේවල් ඒ රූප රාමු දාලා තියෙන නිවසේ දේවල් වැරදියි. මම දන්නේ නෑ වෙන නිවසක් ගැන කියනවද කියලා. මොකද ඔය නිවසේ මම හිතන්නේ දිග පළල මම තරම් දන්න වෙන කවුරුත් දන්නේ නැ.
එගොල්ලෝ ලොකුවට Advertise කරගෙන ලොකුවට කියලා තියෙනවා අනන්මනන් ඒගොල්ලන්ගේ.එවායේ ගත්ත බිල් ඉඳන් තියෙනවා තාම මං ළඟ.ඒවා උසාවියේ නඩු කියන Documents බවට පත්වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතිං ඒ නිසා එවාගේ උසාවියේ නඩුවක් තියෙන Property එකක් සම්බන්ධයෙන් මේ ආකාරයට අනවශ්‍ය ලෙස හුවා දැක්වීම වැරදියි.
මාධ්‍ය තුළ එවැන්නක් පළ කිරීම පිළිබඳ මගේ නීතිඥවරයා කිව්වා ඒ බව දැනුවත් කිරීමක් කරන්න කියලා. කාටවත් ඒ ගැන මේ වෙද්දී අයිතිවාසිකමක් නැ. උසාවිය ඒ තීරණය දෙන්න ඕනේ ඒ නිවස එක්කෝ සම්පුර්ණයෙන්ම අපිට අයිති වෙනවද එහෙට අයිති වෙනවද එහෙමත් නැත්නම් බෙදෙනවද කියන එක.
ඉතිං මේ වෙනකොට ඔය පෙන්නලා තියෙන නිවස ඔප්පුව තියෙන්නේ මගේ නමට. Building Approval එක තියෙන්නේ මගේ නමට. සියලු දේවල් තියෙන්නේ මගේ නමට. රොෂාන් පිලිපිටියගේ නමටත් තියෙනවා කොටසක්. ඒ නිසා මේ වෙනකොට උසාවියේ නඩුවත් පවතින නිසා මම හිතන්නේ ඔය වටපිටාවේ ඉන්න සියලුම නිවස අවට ඉන්න මිනිස්සු දන්නවා ඔය ඉඩම ගත්තේ කවුද, ඔය ඉඩමේ ගේ හැදුවේ කවුද ඔය ගෙදර මුල්ගල තිබ්බේ කවුද, ඔය ගෙදරට ඉස්සෙල්ලා පදිංචියට ගියේ කවුද, කියන කරුණු කාරණා.
මුනිවත රැක්ක පමණින් එගොල්ලන්ට ඕන ඕන දේවල් කියන්න බැ.ඒ කියලා තියෙන සියලුම දේවල් බොරු කියලා ඒ පෙන්නලා තියෙන කාල වකවානු බොරු කියලා මට ඔප්පු කරන්න පුළුවන්.මොකද සියලුම Documents ළඟ තියෙනවා. මේ වෙනකොට ඒවා මම උසාවියටත් ඉදිරිපත් කරලත් තියෙනවා. ඉතිං එගොල්ලෝ ඒ නිවසේ හිටියා කියලා ඒක එගොල්ලන්ගේ කියන්නත් බැහැ.
ඕනම මනුස්සයෙක්ට මම දන්න තරමට බොරු කියන්න පුළුවන්. ඒත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කියන්න බැහැ. තමන්ගේ හෘදසාක්ෂිය දන්නවා තමන් මේ කොතනද ඉන්නේ මේ නිවස කවුද හැදුවේ මේක කාගෙද කියලා. තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. මේ විදිහට බොරු මවාපැම් කරන්න සමාජයේ ඉස්සරහ පිට බැහැ.
මට නම් ප්‍රශ්නයක් නෑ ජිවිත කාලේම බොරු මවාපෑම් කරාට. මේ වෙනකොට ගංගොඩවිල උසාවියේ නඩුවක් පවතින Property නිසයි මම දැනුවත් වීමක් මාධ්‍යට කරන්නේ .
මොකද එක නඩු දේපළක් විදියට තමයි මේ වෙනකොට තියෙන්නේ. අපි විරුද්ධත් වෙලා නෑ ඒ ගෙදර කවුරුත් ඉන්නවට.මගේ පාර්ශවයේ කිසිම කෙනෙක් විරුද්ධ වෙලා නෑ ඉන්නවට. මොකද අපි අමනුෂ්‍යයෝ නොවන නිසා. මම කියලා නෑ නඩුවත් තියෙන නිසා එළියට යන්න කියලා. නමුත් මේ වෙනකොට ඒ Property එක සම්බන්ධයෙන් නඩුවක් යනවා. ඉතිං ඒ නිසා මේක හරිම විහිළුවක්. ඔය බඩු ගෙනාපු ආයතන වල ඉන්න මිනිස්සු ඕක දැක්කාම හිනාවෙනවා ඇති සමහරක්විට. ඉතිං ඒගොල්ලෝ ඒ දේවල්ම පාවිච්චි කර කර ඒවා ලොකුවට හුවා දක්වීම මම දකින්නේ විහිළුක් හැටියට.
මම කවදවත් කියලා නෑ මගේ කියලා.මට මගේ කියන්න ඕන තරම් දේවල් තියෙනවා. ඔප්පු කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ උනාට මම එහෙම කියලා නෑ. හේතුව මේවෙනකොට නඩුවක් පවතින නිසා. ගරු උසාවිය තීරණය කරන්න ඕන මේක කාගෙද කියන ඒක. එතකන් මේක මගේ කියලවත් එයාගේ කියලවත් අපිට කියන්න බෑ.
හැබැයි ඉතිං මට මගේ කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක අනන්ත අප්‍රමාණ තියෙනවා. ඔය ඒ පිංතුර වල දාලා තියෙන ගේ ගැන නම්. එකේ පර්චස් ප්‍රමාණය දාලා තියෙනවා තනිකර වැරදි. ඒ බොරු. ඉඩම ගත්ත වර්ෂය දාලා තියෙනවා බොරු. නිවස හදපු වර්ෂය ලියලා තියෙනව බොරු. ඒ දේවල් වල ලිඛිත Documents තියෙනවා. ඒ ඇතුලේ Interior Plan ඔක්කොම මං ගාව තියෙනවා. ඒ පිංතුර දාලා තියෙන එක බොරු කියන එක තමයි මට කියන්න අවශ්‍ය වෙලා තිබ්බේ. ඒක නීත්‍යානුකුලව මේ වෙනකොට උසාවියේ නඩුවක් පවතින නිසා. ඒක ඉතිං මම ගරු උසාවියට තමයි තීරණේ කරන්න ඉඩ දීලා තියෙන්නේ.”