කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීම දැක්වෙන සමාජ ජාල වල මේ දිනවල හුවමාරුවන වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පියවරක් ඉදිරියට ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
අදාල වීඩියෝව ගැන ප්‍රසිද්ධ රංගන ශිල්පිනි පියුමි හංසමාලිගෙන්ගෙන් මේ වන විටත් ප්‍රකාශයක් ලබාගෙන ඇත.
එම රංගන ශිල්පිනිය ඒ ගැන තවදුරටත් තොරතුරු ලබා දීමට සූදානමින් සිටී.
මැණික් ව්‍යාපාරික ප‍්‍රියංග පුෂ්පකුමාරට චෝදනා එල්ල වී ඇති අපචාර සිදුවීමක් ගැන මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වෙයි.