ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා වූ ප‍්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කරන ලද්දේ අර්ජුන් ඇලෝසියස්ගේ මුද්‍රණාළයක බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
පවතින ආණ්ඩු කිසිසේත්ම බැඳුම්කර හොරුන් අත්අඩංගුවට ගන්නෙ නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවැති උත්සව සභාවක් අමතමිනි.