Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

2016 වසරේදී පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රියෙහි තරුණයෙකු ගැටුණු අවස්ථාවේදී එම ජීප් රථය පැදවූයේ තමා නොවන බවත් , තමාට ලැබුණු උපදෙස් මත බොරැල්ල පොලීසියට පැමිණ රියදුරා ලෙස ඉදිරිපත් වූ බවත් පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු දිලුම් තුසිත කුමාර ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇතැයි අද(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වුණි.

ඒ අද(24) පෙරවරුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පීරිස මහතා විමර්ශනයට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

2016 වසරේදී පාඨලී චම්පික රණවක මහතා විසින් භාවිතා කළ ජීප් රථයක රාජගිරිය ප්‍රෙද්ශයේදී යතුරු පැදියක් පැදවූ තරුණයෙකු ගැටීම පිළිබඳ සිදුකරන විමර්ශනයට අදාළ නීතී කෘත්‍ය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවේය.

කෙසේවෙතත් එම විමර්ශනයේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින 2016 වසරේදී පොලීසියට ඉදිරිපත් වූ රියදුරා වන දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීමට නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉල්ලීමක් කළේය.

අනතුරුව ජනවාරි 22 වනදා සැකකාර දිලුම් තුසිත කුමාර විසින් අතිරේක මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී සිද්ධිය සම්බන්ධයෙන් රහසිගත ප්‍රකාශයක් සිදුකළේය.

මේ අතර විමර්ශනයට අදාළ නීතී කෘත්‍ය අද යළිත් කැඳවනු ලැබූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි.

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර නැමැත්තාගෙන් සිද්ධියට අදාළව නැවත ප්‍රකාශයක් සටහන් කරගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ විමර්ශනයේ දෙවන සැකකාර දිලුම් තුසිත කුමාර විසින් මේ වනවිට අධිකරණයටද ප්‍රකාශයක් සිදුකර ඇති පසුබිමක එම සැකකරුට අදාළව ගන්නා ඉදිරි නීතිමය පියවර සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බවයි.

මේ අතර 2016දී රිය අනතුර සම්බන්ධයෙන් පොලීසියට භාරවුණු රියදුරු දිලුම් තුසිත කුමාර දෙවන වරට විමර්ශකයින්ට සිදුකළ ප්‍රකාශයේ අන්තර්ගතව තිබූ කරුණු කිහිපයක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිය කරුණු දැක්වීම අතරතුරදී විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ දිලුම් තුසිත කුමාර මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය නොපැදවූ බවත් ඔහුට සිදුකළ දැනුම්දීම මත බොරැල්ල පොලීසියට පැමිණ රියදුරා ලෙස ඉදිරිපත් වූ බවත් දිලුම් තුසිත කුමාර ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇති බවයි.

දිලුම් තුසිත කුමාරට බොරැල්ල පොලීසියට පැමිණෙන ලෙස දන්වා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ තවත් රියදුරෙක් වන අල්විස් නැමැත්තා විසින් අනතුරට පත්වූ ජීප් රථය දිලුම් තුසිත කුමාරට ගෙනැවිත් භාරදී තිබු බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

කිසිදු ලෙසකින් බිය නොවී පොලීසියට ඉදිරිපත් වන ලෙසත්, වැඩි කල් නොගොස් ඔහුව නිදහස් කරගැනීමට කටයුතු කරන බවත් දිලුම් තුසිත කුමාරට උපදෙස් ලැබී තිබුණ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට අනාවරණ කළේය.

එලෙස පොරොන්දු වූ ආකාරයටම එම අවස්ථාවේ පොලීසියට ඉදිරිපත් වූ සැකකරුට යම් සහනයක් ලැබෙන සේ පොලීසිය කටයුතු කර ඇති බව පෙනී යන බවත් කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී මහේස්ත්‍රාත්වරයා ලබාදුන් තීන්දුව මේ දිනවල නීතීපති දෙපාර්තමේන්තුව අධ්‍යනය කරමින් සිටින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේය.

එමෙන්ම 2019 වසරේදී ආරම්භ කළ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දිලුම් තුසිත කුමාරට කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවීමක් සිදුකළ අවස්ථාවේ ඔහුව පාඨලී චම්පික රණවක මහතාගේ බත්තරමුල්ල නිවසේ සඟවාගෙන සිට ඇති බව ඔහුගේ ප්‍රකාශයේදී පවසා අතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා, සිය සේවාදායකයාට සති දෙකක කාලයක් සඳහා පෞද්ගලික කටයුත්තකට ඔස්ට්‍රේලියාවට යාම සඳහා සිදුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නේ විදෙස් ගතවීමට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වයේ ස්ථාවරය දැනුම් දීමට පෙර එම ඉල්ලීමට අදාළ ලිපිලේඛන පරිශීලනය කිරීමට අවශ්‍යව ඇති බවයි.

ඒ අනුව පළමු සැකකාර පාඨලී චම්පික රණවක මහතා විදෙස්ගතවීම සඳහා සිදුකළ ඉල්ලීමට අදාළ නියෝගය මාර්තු මස 04 වනදා සිදුකරන බව අධිකරණය ප්‍රකාශ කළේය.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook