Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර අද සීතල යුද්ධයක් ඇති වී තිබෙන බව පා.ම.ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද මහනුවර පැවති උත්සවයකට එක්වෙමින් මන්ති‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කලේය.

ඉහළ ගොස් ඇති බඩු මිල හමුවේ රටේ ජනතාවද කබලෙන් ලිපට වැටී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ති‍්‍රවරයා,

‘යහපාලන ආණ්ඩුවේ දින 100 තුළ පාර්ලිමේන්තුවේ ආසන 45ක් තියාගෙන අපි රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකළා. භාණ්ඩවල මිල පාලනයක් ඇති කළා. 19වන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනත් මන්ත‍්‍රීවරු 45ක් තියාගෙන අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගත්තා. එහෙම කරන්න පු`එවන් වුණේ අපේ නිසි කළමණාකාරිත්වයක් තිබුණ නිසා. නමුත් මේ ආණ්ඩුවේ දින සියය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සියයට සීයකින් ඉහළ ගිහින්. අපි රැකියා දුන් අය පවා ඉවත් කරලා. මෙහෙමයි මේ අය ආණ්ඩු කරන්නේ.

මේ ආණ්ඩුව මුදල් නැහැ කියලා මාස 03ක් යන්න කලින් පාර්ලිමේන්තුවේදි කෝටි 1088කට ඉල්ලීමක් කළා ණය ගෙවන්න. සංවර්ධන සහ ණය වශයෙන් කොටස් දෙකක් තිබුණා. අවසානයේදි ආණ්ඩුව ඒක ඉල්ලා අස්කරගත්තා. අපි පැරැද්දුවේ නැහැ. තව තව ණය ගන්න අපේ ඡුන්දය දෙන්න අපි සූදානම් නැහැ.

සති දෙකකට කලින් අගමැතිතුමා ඉන්දියාවට ගිහින් අවුරුදු 03ක ණය විරාමයක් ඉල්ලූවා. අපි 2020 වසරේ අපේ‍්‍රල් මාසය වෙනතුරු රජයේ වියදම් වලට අවශ්‍ය මුදල් වෙන්කරලයි ගියේ. සංවර්ධන, අධ්‍යාපන, කෘෂිකර්මය, විදුලි බල හා පොහොර සහනාධාරය වැනි සෑම අංශයකටම අවශ්‍ය මුදල් වෙන්කළා. මැතිවරණයට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමත් අපට පැවසුවා ලබන වසරේ අපේ රට ගෙවීමට ඇති සිය`එම ණය මුදල් වෙන්කර අවසන් බව.

අපේ කාලයේ ජීවන වියදම් කමිටුවක් තිබුණා. සතියකට වරක් භාණ්ඩ මිල පිළිබඳව අපි සාකච්චා කරලා ජනතාවගේ ජීවත් වීමේ ප‍්‍රශ්ණ වලට අවධානය යොමුකළා. නමුත් අද ජනතාව කබලෙන් ලිපට වැටිලා. මේ ලගදී බැදුම්කර පිළිබද විවාදයක් තිබුණා. පසුගිය ආණ්ඩුව 2015ට කලින් බැදුම්කර සමඟ සෙල්ලම් කරලා මිලියන ගණනාවක පාඩුවක් කළා. මේ ගැන අපි පාර්ලිමේන්තුවේදි කතාකළා. අද පොහොට්ටුවට නැවත ඡුන්දයක් ඉල්ලන්න පු`එවන් කිසිම වැඩක් මේ වන තෙක් කරලා නැහැ. බොරුවට රැකියා ඉල්ලූම්පත‍්‍ර බෙදනවා විතරයි. ඉදිරි මැතිවරණයේදි අපිට මේ සියල්ල නැවත වෙනස් කරන්න පු`එවන්.

අද ජනාධිපතිතුමත් අගමැතිතුමත් අතර සීතල යුද්ධයක් තිබෙනවා. මොකද 19වන ව්‍යවස්ථාව හරහා වැඩි බලතල හිමිවන්නේ අගමැතිතුමාට. ජනාධිපතිතුමා රේගු අධ්‍යක්ෂක ලෙස හිටපු හමුදා නිලධාරියෙක් පත්කළා. නමුත් අගමැතිතුමා දවස් දෙකෙන් එයාව අස්කළා. පැහැදිලිවම ආණ්ඩුව තුළ සීතල යුද්ධයක් ඇති වී තිබෙනවා’

– මාධ්‍ය ඒකකය

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook