ජනාධිපති සහ අගමැති ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ඊමේල් පණිවුඩයක් එවූ ඉන්දියානු ජාතිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි සේවාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයා මිරිහාන අනවසර විදේශිකයන් රඳවා තබන රැඳවුම් කඳවුරේ සිටිනා රැඳවියකු බව කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළා.