Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

2015 2019 කාලය තුළදී රක්ෂක අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා සහ පාවිච්චි උදෙසා ගෙන්වන ලද වාහන අද වන විට භාවිතා කරන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බව හිටපු ජනාධිපති සිරිසේනට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචි මාර්ග මේ බව සදහන් කර සිටියේ ඊයේ දිනයේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසිනි පාර්ලිමේන්තුව තුළදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින්ය.

මෙම ප්‍රතිචාර දැක්වීමට අනූව අදාල වෙඩි නොවදින වාහන 2015 වර්ෂයේදී මුලින්ම ආනයනය කිරීමට හේතුව ප්‍රධාන කාරණාව වන්නේ 2015 වර්ෂයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමගම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් තිබෙන වෙඩි නොවදින වාහන කිහිපයක් රැගෙන මැදමුලනට යාමය.

රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරක්ෂාව උදෙසා ඉතා ඉක්මනින් වාහන ආනයනය කිරීමට රක්ෂක අමාත්‍යංශයට සිදුව ඇත.


එම කාලසීමාවේදී මහින්ද රාජපක්ෂ රැගෙන ගිය වෙඩි නොවදින මෝටර් රථ ජනාධිපතිවරයා හට ලබාදෙන ලෙස රක්ෂක අමාත්‍යංශය අවස්ථා කිහිපයකදී දැන් වුවද මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරින් ප්‍රකාශ කර ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යුද්ධය අවසන් කළ නායකයා ලෙස ජීවිත තර්ජන තිබෙන බැවින් අදාළ වාහන ලබාදීමට නොහැකි බව යි.

එමෙන්ම ඒ සමයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ හිතවත් දේශපාලනඥයන් ‍ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර වුවමනාව මත මහින්ද රාජපක්ෂ ගේ ජීවිතය අනතුරේ හෙළීමට හිතාමතාම වෙඩි නොවදින වාහන සියල්ල ඉවත් කිරීමට කටයුතු කරන බවය.

අදාල තත්ත්වය සැලකිල්ලට ගෙන අවසානයේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජනාධිපතිවරයා හට ආරක්ෂාව සැපයීම සඳහා වෙඩි නොවදින වාහන කිහිපයක් ආනයනය කරන්නට කටයුතු කර ඇත.

අදාල සියලු වාහන ජනාධිපතිවරයා හට නිල වාහන ලෙස රජය විසිනි මිලදී ගන්න වාහන වෙයි.

ඒ අනූව එම සියලූ වාහන ජනාධිපති තනතුර දරන පුද්ගලයා ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් මිලදී ගත් වාහන ලෙස හැඳින්විය යුතුය. 

තවද ආරක්ෂක අංශ විසින් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වෙඩි නොවදින ආරක්ෂාව ලබාදෙන්නේ අදාල වාහන තුළින්  දැනගන්නට ලැබී ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook