Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු නිල සංචාරය වශයෙන් පිටත්ව ගිය තෙදින ඉන්දීය නිල සංචාරය සඳහා කුප්‍රකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාව ද සහභාගී කරවාගෙන තිබෙනවා.

වෙනදා මෙන් නොව මෙවර සංචාරය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඉතාම සීමිත පිරිසක් තෝරාගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු අතර එවන් අතිශය සීමිත පිරිසට අතරට ප්‍රසන්න රණවීර මහතා එක්වීම අතිශයින්ම විශේෂිතයි.

ඊයේ (08) දිනයේදී ප්‍රසන්න රණවීර මහතා, මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, රාහුල් ගාන්ධි මහතා වැනි සම්භාවනීය අමුත්තන් ද හමුවූ ඡායාරූප අන්තර්ජාලයේ විවිද අදහස් දක්වමින් පළ කර තිබුණා.

ප්‍රසන්න රණවීර යනු 2018 ඔක්තෝබර් ආණ්ඩු පෙරළිය සමයේදී පාර්ලිමේන්තු සභාගර්භය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ගැසූ මන්ත්‍රීවරයායි.

මීට අමතරව මන්ත්‍රීවරුන්ට පහරදීම, පොලිස් නිලධාරීන්ට පහරදීම, කථානායකවරයාගේ අසුනට වතුර වත්කිරීම වැනි ඉතාම පහත් මට්ටමේ ක්‍රියාවන් ගණනාවක් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභාගර්භය තුළ ප්‍රසිද්ධියේම සිදු කරන ආකාරය එම දින ගණනාව තුළ දැකගත හැකිවිය.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාගේ වීරක්‍රියා අන්තර්ජාලය තුළ ඕනෑ තරම් ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි සහිතව ඕනෑම කෙනෙකුට දැකගත හැකි හෙයින් මෙයින් රටට අත්වන “කීර්තිය” පිළිබඳ වෙනම සලකා බැලිය යුතුයි.

ප්‍රසන්න රණවිර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග අතට අත දෙන ඡායාරූප පළ කරමින් අන්තර්ජාලයේ ඇතැමුන් සඳහන් කර තිබුණේ ඉන්දියාවේ ලොක් සභාව නැරඹීමට ඔහු පැමිණෙනු ඇතැයි සිතා මෝදි බියවූ බවයි.

එම පළ කිරීම සහ ඡායාරූප පහතින්.






Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook