Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නරින්ටත් කෙළෙහිගුණ ඉගැන්නූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමහතා කෙළෙහිගුණ නොදත් පුද්ගලයකු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

සිය ධුර කාලයෙන් අනතුරුව දුම්රියෙන් පොළොන්නරුවට පිටත්ව යන බව කී හිටපු ජනාධිපතිවරයා අද පැජට් පාරේ මාලිගාවකට වී කල් ගතකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.

හෙතෙම මේ බව සඳහන් කළේ සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළා.

‘‘මෛත්‍රීපාල සිරිසේන කියන්නේ දොහොත් මුදුන් දීගෙන වැඳගෙන පන්සල්වලට ගියාම බුදුන් දේශනා කරපු පළවෙනි පාඩමවත් දන්නේ නැති පුද්ගලයෙක්.

බුදුන් කියලා දීපු පළමු පාඩම තමයි කෘතවේදීත්වය. ඒ බුද්ධ ධර්මය පිළිපදින මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ දේශපාලනය ආරම්භ කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් කෙළෙහිගුණ දක්වපු කෙනෙක් නෙමෙයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ​ලේකම් ධුරය දාලා ඇවිත් තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වුණේ. එහෙම කරලා ජනාධිපති ධුරයට පත්වුණු ගමන් ශ්‍රී ලංකා එකට ගහන්න පටන් ගත්තා. සමහරු කිව්වේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එළවලා දැම්මා කියලා. අද මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොදරුවෙක් බවට පත්කරලා ඉවරයි.

ඔහු ජනාධිපති ධුරයට පත්වුණායින් පස්සේ යූඑන්පී එකට පහර දෙන්න පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඉඳලා සියලු දෙනාටම පහර දෙන්න පටන් ගත්තා. යූඑන්පී එකේ කණ්ඩායමක් අල්ලගෙන, සමහරුන්ට එක එක තනතුරු දෙන බව හඟවමින් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ ගැලවුම්කාර පුත්‍රයා විදියට කටයුතු කළා. නමුත් යූඑන්පී නායකයාගේ දක්ෂකම නිසා මෛත්‍රීපාලගේ ගුණ්ඩුවට අහුවුණේ නැහැ.

දැන් ඔහු කරපුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඔහු කියනවා වත්මන් ජනාධිපතිවරයාට තුනෙන් දෙකක බලය ලබාගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ යුතුයි කියලා. කියාපන්කෝ ශ්‍රී ලංකා එක කෙළින් හිටවන්න කටයුතු කරනවා කියලා. එහෙම කියන්න බැහැ. ඔහු පීචං වෙලා ඉවරයි. දැන් නොමිනේෂන් දීපන් කියලා රාජපක්ෂලාගේ පස්සෙන් යනවා. ලැජ්ජා නැද්ද? හිටපු රාජ්‍ය නායකයෙක් නේද? සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා මැතිණිය බොහොම වැදගත් විදිහට දේශපාලනයෙන් සමුගත්තා. එක එකා පස්සේ ගිහින් නොමිනේෂන් ඉල්ලුවේ නැහැ.

ඔහු කිව්වා සරල විදිහට ජීවත් වෙනවා කියලා. කෙහෙල් කොළේ බත් කනවා කිව්වා. හැබැයි ඔහු අන්ත කපටියෙක්. නරින්ටත් කපටිකම ඉගැන්නුවේ මෛත්‍රීපාල සිරිසේන. ලයිට් බිල වැඩියි කියලා ජනාධිපති මන්දිරේට ගියේ නැහැ. එහෙම කියලා පැජට් පාරේ ගෙවල් තුනක් එකට එකතු කරලා මාළිගාවක් හදාගත්තා. ඔහු මුලින්ම ජනාධිපති මන්දිරේට ගියේ නැත්තේ හොඳට සැලසුම් කරලා. එහෙම ගියා නම් ධුර කාලය අවසන් වෙනකොට ඔහුට ලබාදෙන නිල නිවසකට යන්න වෙනවා. එහෙම නැතිව සැලසුම් කරලා පැජට් පාරේ මාලිගාවක් හදාගත්තා. කෝච්චියේ පොළොන්නරුවට යනවා කියපු මිනිහා අද පැජට් පාරේ මාලිගාවට වෙලා ඉන්නවා.

අනිත් පැත්තෙන් තප්පුලෑවා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා කියලා. ඒත් එල්ලපු එකෙක්වත් නැහැ. අපරාධකාරයෝ නැති කරනවා කියපු මෛත්‍රීපාල රෝයල් පාක් මිනීමැරුමේ විත්තිකාරයව නිදහස් කරලා ගෙදර යැව්වා.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ තුන්සීයකට වැඩි පිරිසකගේ ඝාතනයේ ප්‍රධාන වගකීම බාරගන්න ඕනෑ මෛත්‍රීපාල සිරිසේන. පොලිස්පති පූජිත් ජයසුන්දරටයි, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටයි නිදහසේ ජනාධිපති කොමිසම ඉස්සරහට ඇවිත් සාක්කි දෙන්න අවස්ථාව දිය යුතුයි. ඔවුන් නිදහසේ ඇත්ත කිව්වොත් පොලිස් කොමිසමට සහ අනෙක් ආයතනවලට බලපෑම් කරපු හැටි කියයි. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වංගු ගහන්න ඉඩ දෙන්නේ නැතුව ඔවුන්ට ඇත්ත කියන්න ඉඩ ලබාදෙන්න කියලා. මේ දෙන්නා නිවැරදිව කට ඇරියොත් මෛත්‍රීපාලට තමයි එල්ලුම් ගස් යන්න වෙන්නේ.’’

Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook